සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects

ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.

අල්ලාහ්ගේ කැමැත්තද මේ? | Masha’Allah?

Posted by Taboo on March 25, 2009

INDONESIA-MUSLIM-CIRCUMCISION

මේ බ්ලොග්කරු ‘වඩා විශාල ප්‍රශ්නයක් වී ඇති’ මුස්ලිම් ළමා විවාහ ගැන නොලියන්නේ ඇයි? මේ එක් සහෘදයෙකුට ඇති වී තිබෙන ගැටළුවකි. ඔහු ප්‍රශ්න කිරීමෙන් නොනැවතී තීන්දුවද දෙයි. බ්ලොග්කරු බෞද්ධයන්ට විරුද්ධය; ඉස්ලාම් භක්තිකයන්ට පක්ෂය.

හිහ්! හිහ්! හිහ්! වසර ගණනාවකට ඉහත, සියළු ආගම් සමඟ ඇති ‘එකවුන්ට් ක්ලෝස් කළ’ බ්ලොග්කරුට මේවාට හිනාවෙන එක විතරය කරන්නට ඇත්තේ. බ්ලොග්කරු පක්ෂ දේශපාලනය කිරීමට කිසිම අදහසක් නැති නිසා කාගෙවත් හිත රිදෙනවාය කියා ඇත්ත කියන්නට බයක්ද නැත.

මුලින්ම බ්ලොග්කරුට බෞද්ධයන් සමඟ කිසිම ගැටළුවක් නැත. ගැටළුව ඇත්තේ බෞද්ධ නමට මුවාවී හැම ජඩ කමක්ම කරන තක්කඩියන් සමඟය. මෙය සියළු ආගම් සම්බන්ධව අදාළය. වැරැද්ද ඇත්තේ ආගම් වල නොවේ; ඒවා තමන්ගේ වාසියට හරවා ගන්නා කපටින් ගේය.

ඉස්ලාම් ධර්මය ගැන ලේඛකයාට ලොකු අවබෝධයක් නැත. ඔහු යම් පමණකට හෝ දන්නේ දැනට ප්‍රායෝගිකව භාවිතාවන ඉස්ලාම්/මුස්ලිම් වත් පිළිවෙත් ගැන පමණය. මේවායින් කීයක් කුරාණයේ කියා ඇත්ද කියා ඔහු නොදනී. දැන ගත්තද ඔහුට එහි වෙනසක් නැත. හරි වැරැද්ද කුමක්දැයි තේරුම් ගන්නට අවබෝධයක් ඇති මිනිසා පොතක ඇති පාඨයකට යටවිය යුතු නැත. අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන ලද්දේ නම්, මිනිසුන්ට අනෙක් සතුන්ට නැති මොළයක් ඔහු දෙන්නට ඇත්තේ එනිසා විය යුතුය. ඉහළ බුද්ධියක් ඇති මිනිසා ගාල පිටුපස යන හරකකු විය යුතු නැත.

දැනට අපේ රටේ භාවිතාවන ඉස්ලාම් සිරිත් විරිත්, වත් පිළිවෙත් වල හොඳ මෙන්ම නරකද වේ. වත්පොහොසත්කම්, කුල අනුව නොසළකා සැමට එක විදියකට සැළකීම මුස්ලිම් ජාතිකයන් අතර ඇති හොඳ ලක්ෂණයකි. මහා ධනවතාත්, අන්ත දුගියාත් පල්ලියේදී එක හා සමානය. සමාජයේ අනෙකාට උදව් දීම මුස්ලිම් ජාතිකයන් අතර ලේඛකයා දකින තවත් හොඳ ගුණයකි. (මෙතැනින් කතාව නතර කළ හැකි නම් කොයි තරම් හොඳද?)

ආගමේ නාමයෙන් ක්‍රියත්මක කෙරෙන හිංසනය අතින් මුස්ලිම් ජාතිකයන් සිටින්නේ අන් බොහෝ ජන කොටස් වලට වඩා ඉදිරියෙනි. දසවද දී හලාල් ක්‍රමයට මරන ගවයින් ගැන ලේඛකයා කලින් ලියා ඇත. ඔහුට ලියන්නට බැරිවුනේ ආගමික අවශ්‍යතාවයකැයි නිර්වචනය කොට අත දරුවන්ට මහා වේදනාවක් දී කරන නිර්වින්දනයෙන් තොර චර්මඡේදනය (circumcision) ගැනය.

ළමයින්ට ශාරීරික වධ දීම අපේ රටේ සාමාන්‍ය නීතිය අනුව දඬුවම් ලැබිය හැකි අපරාධයකි. හයියෙන් වේවැල් පාරක් ගැහුවත් ගුරුවරයා පොලීසි ගෙනයා හැකිය. එහෙත් ඒ රටේම අවුරුදු තුන හතරකට වඩා නොවයසැති දරුවන්ට ආගමේ නාමයෙන් කෙරෙන ශාරීරික හිංසනය ප්‍රශ්නයකින් තොරව පිළිගැනේ. (මෙය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ලිංගික හිංසනයකි; ළමා අපයෝජනයකි.) අඩු තරමින් එය දරුවා නිර්වින්දනය කිරීමෙන් පසු වෛද්‍යවරයකු විසින් කළ යුතු කාරියක්ය කියා යෝජනා කිරීමටවත් කෙනෙක් නැත. (ලේඛකයා දන්නා තරමින් දැන් බොහෝ විට මෙය කෙරෙන්නේ පූජකයින් අතිනි; වෛද්‍යවරුන් අතින් නොවේ.)

මුස්ලිම් ජාතිකයින් අතර අඩු වයස් විවාහ කොයිතරම් බැරෑරුම්ද යන්න ලේඛකයා නොදනී. මේවා සෙවීමට ආණ්ඩුවෙන්ද, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලින්ද පඩි ලබන්නන් සිටින බව නම් ඔහු දනී. ජාතික ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මේ ගැටළුව ගෙඩි පිටින් දේශපාලකයන්ගේ ගිණුමට බැර කරයි. ඔහු කියන හැටියට මුස්ලිම් ගෑනු ළමයින් විවාහ වන වයස වැඩි කරන්නට බැරි දේශපාලකයින් නිසාය. මේ පුද්ගලයා ආණ්ඩුවෙන් පඩිගත්තේ හාල් ගැරුවාටදැයි අසන්නට කෙනෙකු නැතිවීම අපේ අවාසනාවය.

BBC ය කියනා හැටියට බංග්ලාදේශය හා මැලේසියාව බඳු බහුතරය මුස්ලිම් රටවලත් විවාහ වන වයස අවුරුදු දහ අටය. (http://www.bbc.co.uk/sinhala/news/story/2008/12/081221_muslim_marriage.shtml) ශ්‍රී ලංකාවේ මුස්ලිම් දැරිවියන් සඳහා එය වයස දොළහය. මේ අනුව අපේ රටේ මුස්ලිම් දැරිවියක නීතිය අනුව වැඩිවිය පැමිණෙන්ටත් පළමු විවාපත් කොට ඇය සමඟ ලිංගිකව එක් එක්වන්නට පිරිමියෙකුට නෛතික අවසරය ලබා දිය හැකිය. අප ජීවත් වන්නේ විසි එක්වැනි සියවසේ බව හොඳටම විශ්වාසද?

මේ සියළු නොපණත්කම් ආගමේ නාමයෙන් පවත්වාගෙන යාමට ලැබෙන්නේ රජයේ වක්‍ර සහයෝගයද ඇතිවය. නීතිය ඉදිරියේ හැම දෙනාම සමාන වියයුතු බව අපේ රටේ ව්‍යවස්ථාවේ කොතැනක හෝ තිබෙන බව ලේඛකයාට මතකය. කියන කොට එහෙම කිව්වත් කරන කොට මුස්ලිමුන්ට වෙනම නීතියක් ඇත. උඩරැටියන්ට වෙනම නීතියක් ඇත. බෞද්ධයකු දෙවරක් විවාහ වුවහොත් එය දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ඉස්ලාම් භක්තිකයකු අතින් සිදුවූ විට එය වරදක් නොව උත්සවාකාරයෙන් සමරන්නට හේතුවකි. මේ එකම රටේ දෙපිරිසකට නීතිය ක්‍රියාත්මකවන හැටිය.

වරද ඇත්තේ කපටින් නීතියේ මේ හිල් වලින් රිංගා යන්නට පටන් ගන්නා හෙයිනි. බෞද්ධයකු ලෙස පෙනී සිටි හඩ්සන් සමරසිංහ නැමැත්තාට තම අවර ලිංගික චර්යාව හේතුකොට ගෙන ගෙදර සිටි මෙහෙකාරිය සමඟ කලින් විවාහයෙන් දික්කසාද නොවී සරණපත් වන්නට සිදුවිය. ඔහු වළෙන් ගොඩ එන්නේ ඉස්ලාම් භක්තිය වැළඳ ගැනීමෙනි. ආගම් දෙකකට කළ මේ වංචාව මේ පුද්ගලයාගේ අතිජාත මිත්‍ර ඇල්ලේ ගුනවංසලාට ප්‍රශ්නයක් නැත.

මේ සටහනින් කතා කළ සියළු ප්‍රශ්න විසඳන්නට දැනට රටේ බල පවත්නා සාමාන්‍ය නීතිය ප්‍රමාණවත්ය. එකම වාක්‍යයක් වත් අළුතෙන් එක්කළ යුතු නැත. එය සිදු නොවීමට හේතු දෙකකි. එක, ව්‍යවස්ථා විරෝධීව රටේ දෙපිරිසකට නීති දෙකක් ක්‍රියාත්මක වීමය. දෙක, ආගමේ නාමයෙන් කරන අකටයුතුකම් වලට අත දැමීමට ඇති අනවරත භීතියයි.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්තිවාරම නීතියයි. හිංසනය, අසාධාරණය ඇරඹෙන්නේ නීතිය ක්‍රියාත්මක නොවන කල්හිය. ආගම රටක නීතිය ක්‍රියාත්මක වීමට හරස් වීම ප්‍රජතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණ විය නොහැකිය.

(මේ ඡායාරූපය වෙන රටක එකකි. ලංකාවේ තත්ත්වය මීට වෙනස් වෙතැයි ලේඛකයා නොසිතයි.)

12 Responses to “අල්ලාහ්ගේ කැමැත්තද මේ? | Masha’Allah?”

  1. නිතිය ගැන ඔබ මතු කරනා කාරණා ඇත්තකි.

    • මම එකතරා වැඩසටහනකින් දැක ඇති ආකාරයට ආප්‍රිකාවේ මේ චර්මචේදනය කරන්නේ අවුරුදු දෙක සම්පුර්ණ වෙන්නටත් කලිං, එහිදි ඇතැම් ලමුන් රුධිර වාහනය නිසා මැරෙන බව නොකියා කියන අතරේ චර්ම ජේදනය කරනු පෙන්වයි. මුලින් දරුවාට මොකක් හෝ කවා ඔහුගේ බෙල්ල උඩට හරවා (එසේ නොකලවිට බලෙන් හරවයිලු.) ඉන්පසු ශිෂ්ඨයේ කොපුව ඉහලට ඔසවා කතුරකින් කපනු ලබයි. මා දන්නා අන්දමින් එසේම වෙනත් රටවලදි කෙරෙයි.

      මෙහි හොඳ පැත්තක් ලෙස සැලකිය හැක්කේ ශිෂ්ඨයේ පිරිසිදු බව වුවත් එය අදට ප්‍රායෝගික නොවන අතරම එය හතරක් හයක් නොදන්න දරුවෙකුට බලෙන් කිරිම සාධාරණ නැති බව මගේ හඟිමයි. අනික ඔහුගේ ඇකැමැත්ත පිටම?

      මේ බව ලෝකයේ පුරාම නිහඬ මන්ද?

  2. Palitha said

    ආගම සම්බන්ධයෙන් වන ඔබගේ අදහසට මම සම්පූර්ණව එකග වෙමි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධිපති ආගම ලෙස බුද්ධාගම පවතින නිසා එය මූලික කරගත් අපචාර දූෂණ බහුලය.(මෙය සෑම ආගමකටම පොදුය. අදාළ රටෙහි අධිපතිත්වය දරණ ආගම වැඩි දූෂණ ප්‍රමාණයකට හවුල් වේ) මේ නිසා යමෙක් බුද්ධාගමට අනවශ්‍ය ලෙස විවේචන ඉදිරිපත් කරනවා යැයි පවසනවානම් එය ඔහුගේ නොදැනුවත් කමයි. සිදුකළ යුත්තේ තමන්ගේ ආගම් වල ඇති වැරදි සදහා නිදහසට කරුනු කීම වත් සගවාතැබීම වත්‍ නොවේ. එය වඩා යහපත් ලෝකයක් නිර්මාණය සදහා වෙනස් කිරීමට අව්‍ශ්‍ය බලපෑම් සිදුකිරීමයි.

  3. මෙබඳු ක්‍රියා ලොව පුරාම දැකගන්න පුලුවන්. චීනයේ කුඩා දැරියන්ගේ පාද ලස්සන වීමට ඒවා රෙදි පටි වලින් තදින් ‘බැන්ඩේජ්’ කර තැබීම තවමත් සිදුවනවා. මට පෙරේදා ආපු ඊමේල් එකකට අනුව ද. අප්‍රිකාවේ සමලිංගික ගැහැණුන් ‘පුනුරුත්ථාපනය කරනු පිණිස’ පිරිමින් ලවා දූෂණය කර තිබෙනවා.

  4. ecH said

    අපි හිතමු ඔය කියන දෙවියන් වහන්සෙ ලෝකෙ මැව්ව කියල. ඇයි අනේ අර උවමනා නැති කෑල්ලක් වැඩිපුර මැව්වේ. උපදිනකොටම ඒක නැති කලා නම් හරිනේ. එක්කො දෙය්යන්ට පිස්සු නැත්තං ඕක කරන මිනිස්සුන්ට පිස්සු. කිටද පිස්සු කියල හිතලම බලන්න වෙනව.

    ඒක නෙවෙයි. දැන් ආයෙ ගිණි රස්‍ණෙට පායනව. ;)

  5. චර්ම ඡේදනය ලංකාවේ සිදු වන්නේ තරමක් හොද අයුරිනි. බොහෝ විට පල්ලියේදී හෝ රෝහලේ දී වෛද්‍යවරයකු අතින් මෙය සිදු කරයි. ඒ වුවත් ‍වෛද්‍ය සේව ලබාගැන්ම අපහසු ප්‍රදේශ වල (නැගෙනහිර පළාතේ ඈත කොන් වල) තවමත් මේ අමනුෂ්‍ය ආකාරයට මේ ක්‍රියාව සිදුවේ.

    මුස්ලිම් ආගම නාමයෙන් සිදුවන තවත් අකටයුතු බොහෝ ඇත. අවාසනාවකට මින් සමහරකට කුරානයෙන් සහ හැඩිත් වලින් අනුබල ලබා දෙයි.

    feedback එකට ප්‍රතිචාර දැක්වීමට තුති.

  6. “ඔහු ප්‍රශ්න කිරීමෙන් නොනැවතී තීන්දුවද දෙයි. බ්ලොග්කරු බෞද්ධයන්ට විරුද්ධය; ඉස්ලාම් භක්තිකයන්ට පක්ෂය.”

    සමාවන්න, මේ නන්දෙඩවීම ගැනද නොලියා බැරිය. මා බ්ලොග්කරුවා බුද්ධාගමට විරුද්ධ යයි කියා නොමැත. ඔහුගේ “නිර් ආගමික” fපැන්ටසිය තුල බුද්ධාගමට තැනක් නැත. මේ නිර්ආගමික කණ්ඩායමෙහි ක්‍රියාකාරකම් ලොව පුරාම අධ්‍යනය කරන විට පෙනී යන්නේ මොවුන්ගේ විනෝදාංශය රටක පවත්නා ප්‍රධාන ආගම අපහාසයට ලක්කිරීමටයි. ඒ සදහා යහමින් මුදල් ද ඒ මේ අත විසිවේ. මෙය හැම රටටම පොදු සිද්ධියකි.

    අන්තිමට කියා ඇති ඉස්ලමේ කතාව සිනා උපදවන සුළුය. රිද්ම අතිරේකයට නම් ඕක හොද ජෝකයකි.

    • Taboo said

      සියළු ආගම් ප්‍රතික්ෂේප කරන්නකු තව දුරටත් බුද්දාගමට තැන ලබා දිය යුතු යැයි යෝජනා කළ හැක්කේ ඔබ වැනි අන්ධ ‘බුද්දාගම් කාරයෙකුට’ පමණකි.

      - Taboo

      • Migara said

        i have not given such a comment. A common characteristic among atheists are to write against the “dominant” or the “majority” religion. And my friend, you are perfectly doing it.

      • Taboo said

        @Migara,

        Had you been bit more intelligent you would have realised Islam is not the religion of the majority in Sri Lanka.

        - Taboo

  7. Sam said

    you know female circumcision also some what active in Sri Lanka too.. right?

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>