පින්බර මහින්ද | Mahinda the Blessed
Posted by Taboo on May 9, 2009

ලේඛකයා පුනරුප්පත්තිය/පුනර්භවය විශ්වාස නොකරයි. එහෙත් වෙසක් දා හැන්දෑවේ කම්මැලි කමින් ඇඳට වී සිටි ඔහුට කල්පනා වුනේ බෞද්ධයන් හිතන හැටියට පෙර ආත්මය හා කුසල් අකුසල් පළදීම කියා දේවල් ඇත්නම් මහින්ද රාජපක්ෂ යනු පෙර ආත්මභවයන්හි මහා කුසල් සම්භාරයක් රැස් කළ පින්කඳක් බවය.
සීවලී මහ තෙරණුන්ට දුර්භික්ෂ සමයන්හි පවා පිණ්ඩපාතය ලැබුණායැයි කියන්නේ පෙර කළ මහා පින් බලයේ හේතුවෙනි. මහින්ද ගැන මෙය ඊටත් ඇත්තය. නැතිනම් සියල්ල ඔහුට අවශ්‍ය පරිදිම කලින් සැලසුම් කළාක් මෙන් සිදුවීම පැහැදිළි කළ හැක්කේ කෙසේද?
පහසුව තකා මෑත ඉතිහාසයෙන් පටන් ගනිමු.
1. 2003 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහය. ජනාධිපතිවරණය නියමිත 2006 ටය. රනිල්ගේ ආණ්ඩුව නොවැටී තිබුනේ නම් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියටය. එවිට පදවියේ වාසියට අමතරව රාජ්‍ය මාධ්‍ය තම ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාවද රනිල්ට ලැබේ. ඔහුට ඒ වාසිය අහිමි වන්නේ ඉතාම මෝඩ ලෙස චන්ද්‍රිකා සමඟ හැප්පී සියල්ල අහිමි කර ගන්නා නිසාය. අද රනිල් චන්ද්‍රිකා අතර ඇති අවබෝධය එදා ඇතිවූයේ නම් මහින්ද තවමත් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. එහෙත් රනිල් සේම චන්ද්‍රිකාද තම මෝඩ හැසිරීම මඟින් පැත්තක සිටි මහින්ද ඉදිරියට තල්ලු කරති.
2. ජවිපෙ සමඟ සාකච්ඡාකොට සන්ධානය ගොඩ නඟන්නේ මහින්ද නොව මංගල සමරවීරය. එහෙත් එහි අවසාන වාසිය ගන්නේ ජවිපෙ වත් මංගල වත් නොව පැත්තක ඉන්නා මහින්දය.
3. 2005 අගෝස්තුවේ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කෙරේ. මෙය මහින්දට දෙයාකාරයකින් වාසි ගෙනෙයි. එක පැත්තකින් චන්ද්‍රිකාට බොරුවට හෝ ඉදිරියට ගත හැකි විකල්ප ජනාධිපතිවරණ අපේක්ෂකයකු අහිමි වෙයි. අනෙක් අතින් එයින් පැන නැඟෙන මහාජනානුකම්පාව බැර වන්නේ මහින්දගේ ගිණුමටය.
4. ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අවසාන තීන්දුව ගන්නේ චන්ද්‍රිකාය. ඇයට ඒ සඳහා ලෙහෙසියෙන්ම අනුර බණ්ඩාරනායකගේ නම යෝජනා කරන්නට හැකියාව තිබියදීත් එසේ නොකොට පරාජය වෙතැයි මෝඩ පූර්ව නිගමනයක් කොට මහින්දගේ නම යෝජනා කරයි. (මේ ගැන ඇය පසුව පසුතැවිලි වුනාට සැක නැත.)
5. ජනාධිපතිවරණයේදී රනිල් පස් දුන් කෝරළයට ගොස් ගොන් කතා කියා ලැබෙන්නට තියෙන ඡන්දත් අහිමි කර ගනී.
6. ජනාධිපතිවරණය නිදහස් මැතිවරණයක් වී නම් ජයගන්නේ මහින්ද නොව රනිල්ය. සාම ක්‍රියාමාර්ගය නිසා රනිල් ලබා තිබූ ප්‍රසාදය මත උතුරින් ලැබෙන ඡන්ද වලින් ලෙහෙසියෙන්ම හිඟ ඡන්ද 180,786 පියැවීමට ඉඩ තිබුණේය. එහෙත් මහින්දගේ වාසියට කොටි මැතිවරණය වර්ජනය කරති. (මෙය තමිල්සෙල්වන්ට අල්ලස් දීමකින් සිදුවූවකැයි ලේඛකයා නොසිතයි. කොටින් මෙහිදී ක්‍රියා කළේ “උඹලාගෙ මඟුල් අපට මොටද?” යන උද්ධච්ඡ හැඟීමෙනි. මේ කොටින්ගේ ගොන් කමය.)
7. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත්, මහින්දට හරි ‘ටීම් එකක්’ නැත. නිමල් සිරිපාල, රත්නසිරි වික්‍රමනායක, දි. මු. ජයරත්න වැනි මෝඩ, ලොම් හැළුණු, මහළු, අක්‍රිය අස්සයන් දමා දිව්වා මහින්ද රේස් එක පැරදී බොහෝ කල්ය. ශක්‍රයා ගෙනත් දුන්නාක් මෙන් ඔහුට ජවාධික තුරඟුන් ලැබෙන්නේ පිළිමළුන්ගෙනි. අද ඔහුගේ ටීම් එකේ ‘දුවන අස්සයන්’ හැමෝම පරණ යූ. ඇන්. පී. කාරයෝය. ලංකා ඉතිහාසයේ කිසිම නායකයකුට මෙවැනි පොට්ට චාන්ස් ලැබී නැත.
8. යුද්ධයේ වගකීම බයක් නැතිව භාර දෙන්නට ඔහුට යුද අත්දැකීම් ඇති සොහොයුරකු සිටී.
9. කොටින්ගේ හමුදාපති සරත් ෆොන්සේකා සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ස්වනාශක ඝාතන උත්සාහ මැජික් බලයකින් මෙන් නූලෙන් අසාර්ථක වේ. කොටින්ගේ මෑතකාලීන ස්වනාශක ඝාතන වල සාර්ථකත්වය දෙස බලන විට මේ සිද්ධි දෙකම එකවිට සිදුවිය හැකි සම්භාවිතාව ඉතාම අඩුය. මේ ඝාතන දෙකින් එකක් හෝ සිදුවීනම් අප දන්නා ඉතිහාසය වෙනස් වීමට ඉඩ තිබිණි. එසේ නොවීම මහින්දගේ වාසියට සිටී.
10. යුද්ධය පටන් ගන්නට මහින්ද හේතුවක් සොයමින් සිටියදී කොටි උන්ගේ ගොන් කමට මාවිල් ආරු සොරොව්ව වසා හේතුවක් හදා දෙති.
11. කරුණා කොටින්ගෙන් කැඩෙන්නේ රනිල්ගේ ක්‍රියාවලියක වක්‍ර ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් ඔහු ඇවිත් හේත්තු වන්නේ මහින්දටය. මේ නිසා යුද්ධය ජය ගැනීමට ඉතිහාසයේ අන් කිසිදු නායකයකු නොලද වාසියක් ඔහු ලබයි. ඒ කොටින්ගේ අභ්‍යන්තර තොරතුරු වලට අත පෙවීමටය.
12. ඉන්දියාව යම්තම් හෝ විරුද්ධ වී නම් යුද්ධයේ ඔය තරම් හපන්කම් කරන්නට මහින්දට ඉඩ ලැබෙන්නේ නැත. මහින්දගේ වාසනාවට ත්‍රස්තවාදීන් පිරිසක් 2008 නොවැම්බරයේ මුම්බායට කඩා වැදී ස්වනාශක මෙහෙයුමක් ක්‍රියාත්මක කොට, මහ මඟුලක් නටති. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්තවාදයට එරෙහි ඉතාම ප්‍රබල මතවාදයක් ඉන්දියාවේ ඇති වේ. මේ නිසා ඉන්දියානු මධ්‍යම රජය ඇඟිල්ලක් එසවීමෙන් වත් මහින්දගේ යුද්ධයට විරුද්ධ නොවේ.
ඉහත කිසිවක් මහින්දගේ ඕනෑකමට හෝ ඔහුගේ මැදිහත්වීමකින් හෝ සිදුවන දේ නොවේ. ඒවා එක්කෝ අනුන්ගේ ගොන් කමට හෝ ‘ඉබේම’ වෙන දේවල්ය. මහින්ද කරන්නේ ඉතාම දක්ෂ ලෙස ඒවායේ වාසිය ගැනීම පමණකි. (වෙනත් වචන වලින් කිව්වොත් රනිල්, චන්ද්‍රිකා, කොටින්, ජවිපෙ, මංගල මේ හැමෝම කර ඇත්තේ මෝඩ තීරණ ගෙන ‘ඉල්ලාගෙන කෑමකි’.)
මේ සියල්ල මහින්දගේම වාසියට වන්නේ ඇයි?
පෙර කළ කුසල් වල බලය හැරුණු විට එය පැහැදිළි කිරීම සඳහා වෙන විදියක් තිබේද?
shehal said
“පෙර කළ කුසල් වල බලය”ට පාලියෙන් කයන්‌නෙ මොකද්‌ද?
Taboo said
කුසලානුභාවය?
(මා පාළි ඉගෙන ගත්තේ දහම් පාසලේ හයවන ශ්‍රේනියේදී පමණය.)
shehal said
“පුබ්බේ ච කතපුඤ්ඤතා”
ස්තූතයි ගිනිමකරා
ප්‍රවීන් ඉන්ද්‍රනාම said
100% ඇත්ත.
මමත් පෙර කල කුසල් විස්වාස නොකරන නිසා මේකට “හොඳ වෙලාව” හෝ “ලක් එක” කියා කියන්නම්.
mahasen said
Fortune of the country.
-බිன்ku- said
“2005 අගෝස්තුවේ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කෙරේ. ”
නොවිය යුතුම දෙයක් ලෙසයි මා එය දකින්නේ.
13. රනිල්ට සිය තනතුර ගැන තණ්හාවක් ඇති වීම මහින්දට එරෙහි විවේජන අඩුවිය.
14. රටේ මාධ්‍ය තමා බලාපොරොත්තු නොවු ලෙස වෙනස්වීම හා මාධ්‍යකරැවන් මැරිම මහින්දට වාසියක් විය.
15. දේශපාලනය ගැන දැනුමක් නොමැතිව දොඩවන්න් සිටිම සෑම දෙනාටම මෙන්ම වහින්දට වාසියක් විය.
16. රනිල්ගේ මඩ කාටුන් දැන්වීම මහින්දගේ ප්‍රකටත්වය වැඩි කරවිය.
17. දේශප්‍රේමීත්වය තම පක්ෂයට ආරෝපණ කිරිමට දේශපාලන හා එවැන්නක් ගැන දැනුමක් නැති අය විදේශ පුරවැසිකම් තිබි අයත් අන්ධයනුත් සහයෝග කල කිරිම ඔහුට වාසියක් විය.
මෙවැනි ලෑස්තුවක් ලිවිය හැකි වුවත් වීදුරැ සිත් ඇති බෙරවාදකයන්ගේ යහපත උදෙසා මෙපමණක් සදහන් කරමි.
ධනික (මානවයා) said
කතාව නම් ඇත්තය. නමුත් මෙය සාමාන්‍යයෙන් නොකියන කතාවක් නම් නොවේ. නිරන්තරයෙන් බොහෝ දෙනා අතර කතාවට ලක්වන්නකි. ඇතැම් විට පුනුරුප්පත්තිය නොඅදහන ලේඛකයාට වුවද මෙවැන්නක් සිතට එන්නට ඇත්තේ අන් කවරකු හෝ මේ ගැන කතාවනු ඇසීමෙන් විය හැක.
Taboo said
එක්තරා පිරිසක් අතර මෙය Taboo Subject එකකි.
Sam said
තෙලෙස්තෝයී කීවා වගේ, ඉතිහාසයේ සමහර දේවල් සිද්ද වෙන්නේ පුද්ගලයන්ගේ, වීරයන්ගේ, රජවරුන්ගේ පුද්ගලික කෙරුවාවන්ට පරිබාහිරව. කොහොම උනත්, මේක අලුත් දෙයක් නොවෙයීනේ. ලංකා ඉතිහාසේ පුරාම හෑම අවුරුදු තුන් හාරසීයකට සැරයක්ම ඉන්දියාව පලාතෙන් උදවිය ඇවිල්ලා අපිට තග දාලා ලංකාවේ කොටසක් අල්ලා ගන්නවා. ඕන් එතකොට දකුනේ අන්තිම කොනේන් නායකයෙක් ඇවිල්ල උන්ට තලලා එලවලා දානවා. ඒ නායකයාට උවමනා පරිසරය ඉබේටම ඒ කාලේදී හරි ගැසෙනවා. හරියට සැරින් සැරේ නයීල් ගග ගොඩගලනවා වගේ. මේ පාරත් එහෙමයී. ඉස්සරහටත් එහෙමම තමයී.
කොහොම උනත්, ඒකාලේ උදවිය වාගේ, ඇදට වෙලා යට ලීයේ නාරිලතා මල් පූදිනවා බලාගෙන ඉන්නේ නැතිව, සන්සාරේ වාගේ දේවල් ගැන කල්පනා කොරන එකනම් අගනේයී.
donbox said
රටේ වාසනාවට ඔක්කොම සිද්ද උනා!!
Sagara said
සම්භාවිතාව ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ට මුලින්ම කියා දෙන පාඩමක් වන්නේ කොයි තරම් අඩු සම්භාවිතාවක් ඇති සිද්ධියක් වුව වෙන්නට ඉඩ ඇති බවය. උදාහරණයක් හැටියට එකම පවුලේ දරුවන් සයක් පිරිමි වීමේ සම්භාවිතාව (1/2)^6 = 1/64 කි. නමුත් අර්ජුන රණතුංගගේ පවුලේ මෙය සිදුව ඇත.
නමුත් ඉතා අඩු සම්භාවිතාවක් ඇති සිද්ධියක් වූ කළ එසේ වූයේ ඇයිද යන්න අධ්‍යයනය කිරීම වැදගත්ය.
෴ .:GiniMakara:.෴ said
@Taboo
ඔබගේ අනිත් සටහන් වල සමහර කරැණු සමඟ විවේචන තිබුනද ඔබගේ අදහස් දැක්වීමේ අයිතියට මම ගරැ කරමි. පාඨක නිද්‍රාශිලී මොළ අවදි කරවීමෙට ඔබගේ ලේඛන ශෛලිය බලපානු ඇතැයි මම විශ්වාස කරමි.
@shehal
“පෙර කළ කුසල් වල බලය”ට පාලියෙන් පවසන්නේ “පුබ්බේ ච කතපුඤ්ඤතා” යනුවෙනි.
@ප්‍රවීන් ඉන්ද්‍රනාම
“හොඳ වෙලාව” හෝ “ලක් එක” බුදු දහමේ අර්ථ දක්වනුයේ පෙර කළ කුසල් වල බලය ලෙසටය. එය වර්තමානයේ භාවිතා කරන ආකාරය හරිද නිවැරදිද යන්න කලින් කරන ලද කුසලයට අදාල නොවේ
සසික නානායක්කාර said
මෙය සටහනේ තිබේනා ගොඩක් දෙවල් සත්‍ය.මෙය පෙර භවේද මොකක්ද කියා නම් නොදනි.නමුත් මේ මහින්දගේ ඹබරය වැල්ලෙත් කැරකෙන කාලයකි.එමගින් ඔහුට ලැබුදේද අතිමහත්ය.එසේම මෙම වාසනාව හො මොකක් හරි එක මොහුට මේ ලැබිය යුතු මොහොතේ නොලැබුනා නම් එය අප පෙර කල පවක්ම වන්නේය.එසේම මේ මහින්දගේ පින පමනක් නොව සියළු ලංකිකයින්ගේ පින පලදිමක් බව නම් සැබැය.නැත්තම් මේ කාලේදි අපිට දැන් ප්‍රභාටවෙනදේ කරන්නට සිදුවෙනවා නො අනුමානය.
parakum said
Extract : http://www.vidusara.com/2008/10/08/viduindex.htm
ද්‍රව්‍යාත්මයක් ලෙස සිටින සත්ත්වයා මරණයෙන් කෙළවර වේ යන්න මිථ්‍යාදෘෂ්ටියක් ලෙස බූදු දහමේ ඉගැන්වේ. පිං පව්, පරලොව, අභිඥා, දෙවියන්, සාරධර්ම ආදිය නො පිළිගන්නා ද්‍රව්‍යවාදය සමාජයක යහපැවැත්මට සූදුසූ නො වේ. ලෝකයේ සියල්ල ද්‍රව්‍යවාදයට අනූව පැහැදිලි කිරීමට යාමෙන් බොහෝ සම්මූති දෑනූම් ඉවත දෑමීමට සිදු වෙයි. ඒනිසා ද්‍රව්‍යවාදියා ගේ ලෝක දෑක්ම ඉතා පටූ වූවකි. මනස ද්‍රව්‍යයේ සියූම් නිර්මාණයක් ලෙස ගැනීමෙන් ම ඔවූන් ගේ දෑක්මේ ළදරු බව හෙළි වේ. අභිඥාා, දෙවියන්, භූතයන්, පරලොව, ජ්‍යොතිෂ්‍යය ආදී සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නොවූණ ද ලෝකය තේරුම් ගැනීමට ඒවා යොදාගත හැකි ය. දෑනූම හෝ සත්‍යය ඉන්ද්‍රිය ගෝචර වීම හෝ නො වීම වැදගත් නො වන අතර ලෝකය තේරුම් ගැනීමට හා වැඩ ගැනීමට හැකි නම් ප්මාණවත් ය. සෑම දෑනූමක් ම මිනිසූන් ගේ නිර්මාණ හෙයිනි.
රන්දික said
ඔබගේ අදහස සමඟ මා එකඟ වෙමි.
” සෑම දෑනූමක් ම මිනිසූන් ගේ නිර්මාණ හෙයිනි ”
දැනුම යනු මිනිසා විසින් පදනමක් සහිතව ගොඩ නඟන ලද ‘සංකල්ප’ බව මගේ හැඟීමයි. ‘නූතන විද්‍යාව’ හරහා ලබා ගත් දැනුම යනු සිදුවීම් පැහැදිලි කිරීම හා පෙරයීම් කිරීම ‘පදනම’ කොට ගෙන ගොඩ නගන ලද සංකල්පයි. නමුත් සියළු සංකල්ප ගොඩ නැගිය යුත්තේ මෙම පදනම යටතේ පමණක් බව සිතීම ඉතා බොලඳ ක්‍රියාවක් ලෙස මා දකිමි.
දෙවියන්, පරලොව, ජ්‍යොතිෂ්‍යය, බ්‍රහ්ම ලෝක, නිර්වාණය ආදී සංකල්පයන්හි
පදනම මීට ඉඳුරාම වෙනස්ය. මේ සියල්ල චිත්ත සමාධිය පදනම් කරගත් සංකල්ප හෙවත් චිත්ත සමාධිය හරහා ලබා ගත් දැනුම ලෙස සැලකිය හැක. ඉතින් මෙවන් සංකල්ප පිලිබඳ තක්සේරුව අපගේ “විද්‍යා රාමුව” නැමැති තුලාවෙන් කිරාබැලීම මහා විහිළුවකි.
soorapappa said
මමත් බ්ලොග්කරු සමග මේ පෝස්ට් එකේදි එකගවෙමි. සාමාන්යෙන් මම ලක් එක ගැන තැකීමක් නොකරන නමුත් මෙහිදී වෙනත් පැහැදිලි කිරීමක් නොතේරේ. මහින්දගෙ ලක් එකෙන් 1/10 ක් වත් ජේ ආර් පප්පාට තිබුනානම්, අප අද යුද්දය ගැන අසන්නේ ඉතිහාස පොත් වලින් පමනක් බව මගේ හැගීමයි.
කොහොම උනත් කෙදිනකවත් පොදු පෙරමුනට චන්දය නොදැමූ මම මහින්ද ජනාදිපති වීම ගැන සතුටුවෙමි. ඒ වගේම රනිල් විපක්ශ නායක වීම ගැනද සතුටුවෙමි. මන්දයත්, වෙන එකෙක් එතන හිටියානම් ගේම මේ වගේ කරන්න බැරිවෙන නිසාවෙනි. ලන්කාවට සුදුසු එකාදිපතියෙකු බව මගේ හැගීමයි. ඌ හොද එකෙක් උනොත් ගොඩ, නැත්නම් ඇන.
kombuwa said
In the same manner, those who go agaisnt Mahinda is really Unlucky!
Remember Sripathy?
Anura Bandaranaike?
Even the countries are not spared.
Mexico took up to the UN security council that Sri Lankan civil war should be taken up at the security council level intervention. This happened in early April. Three weeks later Whole Mexico city had to be closed due to the Swine Flu! The economic loss was in Millions of US$ per day!!!
US criticized about the civilian deaths in NFZ. One week later US Air Force killed 140 Afgan civilians!!! Even today, US Air Force Drones likked a dozen Pakistanis!
Think about the above points!
Sri Lanka Celebrates – A guest post « මට හිතෙන හැටියට | iThink said
[...] are blessed to have such a leadership to bring one country back together. Now he is faced with a much larger responsibility, to heal a [...]
aaloka said
රට රැකීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ ත්‍රිවිධ හමුදාවන්ට, ලංකාවේ අනාගතය පිලිබඳ වගකීමක් ඇති තව පිරිසක් සහය වුනා.
මේ හැන කුතුහලයක් තියන අයට ඔත්තු දෙකක් දෙන්නම්.
1) ලංකාව ගැන බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨාන පහ ගැන සොයා බලන්න.
2) දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය සෑදීමේදී සිද්ධ වූ සිදුවීම් ගැන සොයා බලන්න.
—
අනිත් කාරණය, පිනයි, කුසලයයි කියන්නෙ දෙකක්. ඔබ මේ ලියවිල්ලෙ ලියන්නෙ පින ගැන. කුසල් ගැන නෙමේ. “පුබ්බේ ච කතපුඤ්ඤතා”, කියන්නෙ පෙර කළ පින් ඇති බව.
පින හා කුසලය ගැන හරියට දැන ගන්න කැමති අය, මේ ශ්‍රවන ගොනුව අහන්න.
–
අපේ රටේ යුද්ධය ඉවරයි. දැන් බුදු දහම ආයිත් මතුවෙන්ඩ ඉඩක් තියනව (ධර්මයේ නාමයෙන් තියන ජාවරම් නැති වෙලා)
පුනර්භවය ආදී දේ විස්වාස නොකරන සොයුරනි, ඔබ එවැනි මතයක ඉන්නෙ ඔබට සැබෑ බුදු වදන් නොඇසුන නිසා. සියවස් එකොලහක් අපේ රටේ බුද්ධ දේශනා ඇහුනෙ නැහැ. දැන් යලිත් ඇහෙන්න පටන් ගනී. අපි ත්‍රිපිටක ධර්මය කියවන්න පටන්ගමු.
මේ දවස් කීපය තුල අපේ මාතෘ භූමිය මත මියගිය මිනිසුන් වගේම, ඔබත් මමත්, කවදා හෝ, කුමන අයුරකින් හෝ මිය යනව. ඊට කලින්, පුනර්භවය විතරක් නෙමේ, මුලු සංසාරය ගැනම ඇත්ත කතාව දැනගන්න පුලුවන්නම්, (චතුරාර්ය සත්‍ය ධර්මය ගැන, සම්මා දිට්ඨියට පැමිනෙන්න පුලුවන්නම්) ඔබත්, මමත් ලොකු දෙයක් කරගත්ත වෙනව.