සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects

ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.

සිංහයාට ජංගියක් | An underwear for the Lion

Posted by Taboo on August 8, 2009

Sinhaya 2

ආදම්ට සහ ඒවට තමන්ගේ නිරුවත පෙනුනේ යක්ෂයා ඒ පෙන්නා දුන් පසුය. ඒ වෙන තුරුම ඔවුන් මහ කැලෑවේ අඹ, දඹ, නාරං, කෙසෙල්, දෙල්, පනා කකා, මඩ කඩිති වල දිය කෙළිමින් ඇවිද්දේ තම හෙළුව ගැන වගේ වගක් නැතිවය.

මෙච්චර කාලයක් තිස්සේ අනේක වාරයක් දැක තිබුණත් ලේඛකයාටද සිංහයා හෙළුවෙන් බව පෙනුනේ අපේ සංස්කෘතික ඇමතිතුමන් සීගිරියේ සිට ජාතියේම අමුඩය ගැලවූ දාය.

අනේ පව්, සිංහයාට නම් ඇත්තටම සඟවාගත යුතු සෙළුවක් ඇත. ඒ සිංහයා නපුංසකයකු බැවිනි. එතැන තිබිය යුතු යැයි ඇත්තටම අප සිතන දෙයක් එතැන නැත. (චීන මූර්ති ශිල්පයේ ආභාශය ලැබීය කියන යාපහුවේ සිංහයන් දෙන්නාට නම් අදාළ උපාංගය ඇත. ඒ උන් චීන නිසාද දන්නේ නැත.) සමහරවිට සිංහයා නාන්නට ගිය විටෙක අර අලුගුත්තේරු කිඹුලා ඒක කඩා ගන්නට ඇත. මහ වස ලැජ්ජාවක් නෙවැ.

ඒ නිසා ඉක්මනට තම සෙළුව වසා ගැනීමට සිංහයාට ජංගියක්වත් ඇන්දවිය යුතු යැයි ලේඛකයාට සිතුනේය. ආදම්ට හා ඒවට යක්ෂයා සපයා දුන් ෆිග් කොළය ලේඛකයාගේ හිසට ආවේ ඔහු බටහිර අධ්‍යාපනයක් ලද නිසා යැයි දැන් නලින් ද සිල්වා සිරිමතාණන් කියන්නටත් පිළිවන. ඉතින් ඕනෑම නම් ජාතික චින්තකයන්ට මේ දේශීය ගස්ලබු කොළයකැයි සිතාගත හැකිය. නැතිනම් නියම සිංහල ක්‍රමයට සිංහයාට අමුඩයක් ඇන්දවිය හැකිය. මහළු ගොවියන් අඳින ජාතියේ අමුඩයක් අන්දා තට්ටම් එළියේ කියා සිතේ නම් ඌරුවරිගේ වන්නියා ඇත්තන් අඳින ජාතියේ බාග සරමක් වුවද කමක් නැත. අවශ්‍යතාවය සිංහයාගේ නපුංසකභාවය සැඟවීමය. ඒක කවුරුන් හෝ දැක්කොත් ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපටයක් වැඩිහිටියන් දැක්කාටත් වඩා අලකලංචියක් වනු ඇත.

සංස්කෘතික අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානයට!

18 Responses to “සිංහයාට ජංගියක් | An underwear for the Lion”

  1. ටැබූ, කෙලියා නේද සිංහයාටත්

  2. දම්මිකා said

    අමුඩයක් අවශ්‍ය සංස්කෘතික ඇමතිට මිසක් වෙන කෙනෙක්ට නෙවෙයි.

  3. නිදහස් අදහස් said

    හරි අපූරු උපහාසාත්මක ලිපියක්

  4. udara said

    නඩුවක තීන්දුවක් ලබාදෙනු ලබන්නේ එක් සිද්ධියක් පමණක් පදනම් කොට නොවේ… කරුණු කාරණා හා සිද්ධි දාමයක් ප්‍රවේශමෙන් පිළිවෙලකට සලකා බැලීමෙන් පසුව පමණි…

    “කියන්නා කෙසේ කීවත් අහන්න සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි…”

  5. JIMMY said

    හරිම අපුරුය.
    බොහො ඇන්දුම් නිර්මාන ශිල්පින් න්පුංසකයින් බව නම් අත් දකීමෙන් දනිමි.

    • කුඩුලාල් said

      හික් හික් හික්. සෑර් හිතුවෙ අපේ මෑන්සුත් ටේලර් කෙනෙක් කියලද? චැක්, කතුරක් නෙවැ දෙන්ඩ තිබුනේ අතට, කඩුව වෙනුවට.

  6. Rohan said

    Ko adow Kaduwa ????

  7. hapoi!!!

  8. kathandara said

    කෝ උඩ රැවුල?

  9. මෙය බලන සෑම දෙනාම උපහාසය අපහාසයක් ලෙස නොගන්නවා ඇතැයි සිතමි . . . !

  10. :D

  11. Palitha said

    ඔය තියෙන්නේ…
    නියමයි ටැබූ, නියමම උපහාසයක්….

  12. එක්තරා පුද්ගලයෙකු විසින් තවත් බිලෝගයක කෑ ගැසු රුදාව මට වැටුහුණේ දැනුය.

    අහෝ! උපහාස හා විසිළු කිරිමද තහනම් කල යුතු බවක් හේ රාජ උතුමෝට දැන්වුව මැනැවි.

  13. ඇයි නැට්ට….?

  14. Girigoris said

    The 2 colour stripes:

    - Green (as the only non islamic country in this world having green on the flag to represent muslims/islam),
    and
    - Orange (as the only country having a colour on the flag to represent hindus/tamils)

    was also planted on the flag because the lion is eunuch (napunsaka) ?

    (Sorry for not having Sinhala unicode with me to type in Sinhala)

    • Taboo said

      I dont know what this has to do with my post. But there is a factual error in your statement. Sri Lanka is not the only country to have green to ‘represent’ Muslims and Saffron to Hindus. See India’s flag man.

  15. Sudath said

    taboo, what do you mean by “….අපේ සංස්කෘතික ඇමතිතුමන් සීගිරියේ සිට ජාතියේම අමුඩය ගැලවූ දා….” I do remember some parts of his speech (highlighted by our “free” media) but cannot find such thing….

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>