රවටනු ලැබු ගැහැණිය | The deceived woman
Posted by Taboo on August 28, 2009

ඇය සිය දරු සිව් දෙනාට ඉතිරිකිරීම ඉගැන්වූවා, අවවාදයෙන් නොව ආදර්ශයෙනි. මසක් තිස්සේ සමාජයේ අනෙකුන් වෙනුවෙන් වෙහෙසී, අතට ලැබෙන සොච්චම රැගෙන ඇය හැම පඩි දවසකම බැංකුවට දිවගියාය, ඉන් කොටසක් සිය දුවා දරුවන්ගේ ඉතිරුම් ගිණුම්වල තැන්පත් කිරීම පිණිස. සමහරවිට ඒ රුපියල් දෙසියයකි. සමහර විට තුන්සියයකි. පසු කළෙක නම් හාරසියයක්ද වූවා විය හැකිය. ඒ කාලයේ හැටියට මේ ලොකු ගණන්ය. ඉන් එපිට ගණනක් ගැන ඇයට සිතිය නොහැකි වූයේ සමාන මුදලක් බැංකුපොත් හතරක තැන්පත් කළ යුතු වූ හෙයිනි.
ඈ මෙය කළේ කළ හැකි නිසා නොව කළ යුතු යැයි සිතූ නිසා විය යුතුය. දෙමාල්ලන් දෙදෙනාම ඉහළම නොවන මට්ටම් වල රජයේ සේවකයන් වන පවුලක, කටවල් හයකට අහර සොයා, හිසට වහලක් සපයා, ලෙඩට දුකට බෙහෙත් කොට, අධ්‍යාපනය ලබන්නට පොත්පත් පෑන් පැන්සල් අරගෙන දී, ඒ මදිවාට තම තමන්ගේ දෙමාපියන් හා දිළිඳු නෑයන් සම්බන්ධයෙන්ද කළ යුතු යුතුකම් කොට තවත් ඉතිරි කරන්නට තරම් මුදලක් ඉතිරි වේද යන්න උත්තරය සිතා ගැනීමට අසීරු ප්‍රශ්නයක් නොවේ. මෙය එවතෙහි නොනියැළුනු කෙනෙකුට එසේ කරන්නේ කෙසේද යන්න සිතා ගනීමටද අසීරු දුෂ්කර ක්‍රියාවකි. එපමණටම නොවූවාත්, ඇයද Mother India හි නාර්ගීස් පණදුන් අම්මාගේ චරිතය සේම දුක් කන්දරාවක් හිසින් ගත්තාය.
එහෙත් ඈ ඉතිරි කළාය. තමන්ගේ ගිණුමක නොව තම දරුවන්ගේ ගිණුම් වලය. ඇය මෙය කරන්නට ඇත්තේ අප බොහෝදෙනකුට කළ නොහැකි ආකාරයේ කැපකිරීමක් කොට විය යුතුය. හන්දියේ සාප්පුවේ විකුණන්නට දමා ඇති සාරි නොදැක්කා සේ පියමං කොට, කුස නොව ඉන් අඩක් රළු අහරින් පුරවා, පොළේ මැළවී ගිය එළවළු කිහිප වතාවක් හෙට්ටු කොට මිළට ගෙන, විවේකය ලද යුතු මොහොත අතිකාල වෙනුවෙන් හෝ විකිණීමට කේක් සෑදීම වෙනුවෙන් වැයකොට ඇය ඉතිරි කළාය. ඒ තමන්ගේ නොව දරුවන්ගේ අනාගතය වෙනුවෙනි.
මම ඇය දනිමි. ඇය මගේ අම්මාය.
“ඇයි අම්මේ මෙච්චර මහන්සි වෙලා ඉතුරු කරන්නෙ?” ඇයට තනි රකින්නට බැංකුවට පියමං කරන විටෙකදී වරෙක මම ඇසීමි. ඒ කුඩාවුව ගෙදර අඟහිඟකම් මට රහසක් නොවූ බැවිනි.
උපයන මුදලින් සතරින් එකක් ආපදාවකදී භාවිතයට ගැනීම පිණිස නිදන් කරන්නට බුදු හාමුදුරුවන් කියා ඇති බවක් ඈ කීවේ නැත. ඒ වෙනුවට ඊට වඩා බෙහෙවින් ප්‍රායෝගික පිළිතුරක් දුන්නාය.
“පුතා ලොකු උනාම ගෙයක් හදන්න හරි මේ සල්ලි පාවිච්චි කරන්න බැරියැ.” ඇය මේ විහිළුවට කී කතාවක් නොවේ. ඇගේ මවද (මගේ අත්තම්මා) ඇය කුඩා කළ ගිණුමක මුදල් තැන්පත් කළ බවත් විවාහයෙන් පසුව ඉඩමක් මිළදී ගන්නට යොදාගන්නා ලද්දේ ඒ මුදල බවත් ඇය මට කියා දුන්නාය. (“අත්තම්මා දුරදිග හිතල ඉතිරි කළායින් තාත්තටයි මටයි ලොකු වාසියක් වුනා.”)
මින් දශක දෙකකට පසුව, පසුගිය සතියේ මම ඈ ඉතිරි කළ මුදලද පොළියද අතට ගෙන මේ ගිණුම වසා දැමීමි. එහි රුපියල් 39,225 තිබුණේය. මින් 25,000 පමණ අම්මා ඉතිරි කළ මුදල්ය. ඉතිරිය පොළියයි.
රුපියල් 39,225කට මිළට ගත හැකි ඉඩම් කොහි වේදැයි මම නොදනිමි. කොළඹට කිට්ටුව අමතක කොට හෝමාගම හරියෙන් බැලුවත් මින් පර්චස් එකකට වඩා මිළට ගත නොහැකිය. ඒත් මහපාර අයිනෙන් නොව ඇතුළට වන්නට.
මම අම්මාට සිනහ නොවෙමි. ඇය මගේ මෑණියන් වූ නිසාම නොවේ. තමන් තැන්පත් කරන මුදල පුතුගේ ජීවිතයේ සැලකිය යුතු වෙනසක් කරනු ඇති බව ඈ අවංකව කල්පනා කළාය. එසේ නොවන්නට හේතුවක් ආර්ථික විද්‍යාව නොහදාළ ඇගේ මොළයට වැටහුණේ නැත. ආර්ථික විද්‍යා උගතුන් කිසි කෙනකු ඈට එය කියා දුන්නේද නැත. හැම දෙනාම කීවේ සතෙන් සතේ හෝ ඉතිරි කරන ලෙසය.
සිදුව ඇත්තේ කුමක්ද? පසුගිය දශක දෙක තුනක කාලය තුළ මුදලේ අගය ඉතාම සීඝ්‍රයෙන් පහත බැස්සේය. උද්ධමනය ද්විත්ව අංකනයක් විය. (Double digit inflation) මේ උද්ධමනයට සරි වීමට බැංකුවෙන් ලද සුළු පොළිය සෑහුණේ නැත. වසරින් වසර බැංකුවේ තැන්පතු මුදලෙහි (නාමික අගය ඉහළ ගියද) සැබෑ අගය පහත වැටුණේය. වෙනත් විදියකින් කිව්වොත් හැම මාසයකයම බැංකුව අපේ අම්මාගෙන් යම් මුදලක් සොරකම් කළාය. උද්ධමනය 15% වී, පොළිය 7% වන විට, ඉතිරි සියයට 8% ගියේ බැංකුවටය.
“විසිපන්දාහට පහළොස්දාහක පොළියක් දුන්නා මදිද?” බැංකුව අසනු ඇත. “මදි” මම කියමි. වසරක උද්ධමන වේගය 15-16% සේ ගණන් ගත්තද වසර හය හතකදී තැන්පතු මුදල දෙගුණ වේ. මේ පොළියක් නැතිවය. උද්ධමනයට සරිලන පොළී අනුපාතයක් ලද්දේ නම් මේ මුදල රුපියල් 120,000ක් වත් වන්නට ඉඩ තිබුණේය. ඉඩමක්ම නොවෙතත් කොටසකටවත් ඒ මුදල සරි කරගන්නට පුළුවන්කම තිබුණේය.
හරි හැටි ආයෝජනය කළේ නම් අපේ අම්මාගේ සොච්චමින් වුව බැංකුව මීට වඩා විශාල මුදලක් උපයා ගන්නට ඇත්තේය. ඉන් සාධාරණ කොටසක් අපට ලැබිය යුතුව තිබිණි. එහෙත් එය බැංකුව විසින් සොරා ගන්නා ලද්දේය. මට මේ මුදලෙන් රුකුලක් සොයන්නට නොසිදුවීම වාසනාවකි. යම් යෙහෙකින් එසේ වී නම් අම්මගේ සියළු දුෂ්කර ක්‍රියාවන් ගඟට කැපූ ඉණි කොට මා දිය පහරෙහි ගසාගෙන යන්නට තිබුණේය.
ජීවිතය සමඟ ඔට්ටු ඇල්ලු අහිංසක ගැහැනියකගෙන් හිත් පිත් නැතිලෙස මුදල් සොරකම් කර ගනා ලද්දේ පුද්ගලික බැංකුවක් නොවේ. මේ රටේ පොඩි මිනිසුන් වෙනුවෙන් ගොඩ නඟන ලද්දේය කියන මහජන බැංකුවයි. මහජනතාවට සේසත වී සෙවන සදන්නේය කියන මහජන බැංකුවයි.
රාජ්‍ය තන්ත්‍රය අම්මා රැවටීමේ කතාව එතෙකින් නිමා නොවන්නේය.
මා පියාණන්ගේ දෙමාපියෝ දිළිඳු ගොවියෝය. වයසට පත් ඔවුන්ට ගොවිතැන්බත් කරගත නුහුණු කළ අන් ආදායම් මාර්ගයක් නොතිබිණි. පියාගේ වැටුපින් යම් කොටසක් ඔවුන්ගේ පැවැත්ම සඳහාද වෙන් කළ වූයේ ඒ නිසාය. මෙය අන්තිම සතයටද ඉහළ වටිනාකමක් දුන් අම්මා නොරිස්සුවාය. එය ආත්මාර්ථය නොවේ. තම දරුවන් බඩගින්නේ තියා වෙන දෙයකට, පරමාර්ථය කෙතරම් උසස් වුවද, මුදල් වෙන් කරනු රිසි මවක වේද?
“අපි නම් නාකි වුනාම උඹලට ඔහොම කරදර කරන්නෙ නෑ. අපට පෙන්ෂන් එක තියෙනවනෙ.” ඈ කීවේ උජාරුවෙනි.රජයේ රැකියාවක් කොට ලබන විශ්‍රාම වැටුප තම මහළු කාලයේ අත්වැල වෙතැයි ඇය සිතුවා විය හැකිය.
දැන් ඇය විශ්‍රාම වැටුපක් ලබන්නීය. එය මසකට රුපියල් 4,500 කට ආසන්නය. දවසකට නම් රුපියල් එකසිය පනහකි. අන් කිසි වියදමක් නොකළද දවසක කෑමවේල වත් සරි කර ගැනීමට තරම් නොවන මුදලකි. සතකුට මිස මිනිසකුට දවකට රුපියල් එකසිය පනහක් අහර සඳහා නොසෑහෙන්නේය. එහෙත් මීටත් වඩා අඩු ආදායම්ලාභී මිනිස්සු ඕනෑතරම් වෙති. අම්මා ඒ අතින් වාසනාවන්තියකි. අපේ රටේ රජයේ විශ්‍රාම වැටුප් ලාභීන්ගෙන් අති බහුතරය රුපියල් දහසකට අඩු මාසික ආදායම් ලබන්නන් බව පාර්ලිමේන්තුවේදීම කීවේ එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාය.
මෙසේ වන්නේ ඇයි? ඒ අවස්ථාවේ පවා අඩු අගයක් ගන්නා රජයේ සේවයේ වැටුපේ සැබෑ අගය කෙනෙකු විශ්‍රාම ලබුවායින් පසුව ඉතාම ශීඝ්‍රයෙන් පහත බසී. හැම වෙළඳ භාණ්ඩයකම මිළ ඉහළ යන විට රුපියල පිළිකන්නට බැස මුළු ගනී. මේ උද්ධමනයේ බලපෑමය. එසේ කියා විශ්‍රාම වැටුප වෙනස් කරන්නට රාජ්‍ය තන්ත්‍රය සූදානම් නැත. වැටුප් වැඩි නොකළාය කියා පැන්ෂන් කාරයින්ට ස්ට්‍රයික් කරන්නටද බැරිය. මේ නිසා සොච්චමක් අතමිට මොළවාගෙන සතුන්ටත් අන්ත ජීවිත ගත කරන්නට ඔවුනට සිදුව ඇත. මේ කලෙක අප සියළු දෙනාටම සේවය කළ ‘රජයේ සේවකයින්ය.’ අපේම මව්වරුන්ය; පියවරුන්ය.
රාජ්‍යතන්ත්‍රය මෙසේ අපේම දෙමාපියන් නොමරා මරද්දී, අපි එම රාජ්‍යතන්ත්‍රයටම කිරිබත් කවමු. සිංහ කොඩි වනා ආශිර්වාද කරමු. මේ පාදඩ ක්‍රමය වෙනස් කළ යුතුය හැඟීමක් සමාජයේ බහුතරයකට නැත. තමන්ට වාසි ලබා ගත හැකි තාක් කල් ඒ ක්‍රමය හොඳය. කවදා හෝ තමන්ටද කෙළවන්නේ මේ පාලන තන්ත්‍රයය හැඟීමක් ඔවුන්ට නැත. අඩු තරමින් මේ කොල්ල කෑම සිදුවන්නේ තමන් පසුගමන් යමින් ගොට්ට අල්ලන දේශපාලුවන්, නිලධරයන් අතින්ය යන හැඟීම මේ කිසිවකුට සිහිනෙන් හෝ නොපහළ වනවා විය හැකිය.
DifferentlyMade said
You have in fact raised a very pertinent issue which many in our society do not understand. All governments, by inflating the economy for providing the goodies for winning elections, have robbed from public servants, pensioners, EPF members and depositors etc. Even those who have invested in Treasury bills and Treasury bonds have not been spared. How they did it was, as you have correctly pointed out, by keeping the market interest rates below the inflation rate. The public can liberate themselves only when they have guts and strength to reject goody promising political manifestos. Singapore, right from the very beginning, put a stop to it, as Goh Keng Swee later said, by requiring, ‘if any politician wants to go for vote catching expenditure programs, they should bring money from homes’. In fact, our politicians of yesteryears, (i.e. prior to 1956) were a breed belonging to that category.
LishWish said
බැටළු හම් පොරවා ගත් වෘකයන් ට කිරි පෙවීමේ ආදිනවයි මේ… !
gayan balasooriya said
ඔය සිද්ධියම මම දන්න අපේ ගමේ ගුරු මහත්මියකටත් උනා. එයත් අමාරුවෙන් ඉතුරු කලා කියල අපේ අම්ම කිව්ව. නමුත් ඒ දවස් වල එක ළමයෙකුට රුපියල් 25 ගානෙ.
ඒකනෙ මම අපේ අම්මලට ඉතුරු කරන්න දෙන්නෙ නැතුව එක එක වැඩ යෝජනා කරන්නෙ. හික්Z
-බිன்ku- said
Well Post!
මෙවැන්නක් විදේශ රටවල බැංකුවල සිදු වී නැද්ද?
Bambaradeniya said
Dear Taboo,
You are very correct. With a weak currency like Sri Lankan Rupee savings are not worth for long term investments. Like you my mother also had to sell her wedding necklace for Rs 800 to spend for my UK exam in 1981. The same necklace if you have to buy back (weighing two gold sovereigns) is now be priced around Rs 48,000. So you can imagine the depreciation of money taken place over the last 27 years. ( gold had appreciated 210% per year for the last 28 years in relation to Sri Lankan rupee.)
Depreciation of Rupee Value
The Russian money stayed static during the time of the entire communist regime. The US Dollar has also stayed static for certain period of time. Best way is to compare the price of a pound of bread. It was 35 Cents in 1977. Now its gone over Rs 3.50 over a period of 30 years. So its best to use of an item most commonly used to find the actual rate of depreciation of the real money value. ( Bread had appreciated 32% per year in relation to Sri lankan Currency for last 32 years)
Printing Money :
The Main reason for depreciation of the rupee is not due to Peoples Bank robbing the investment. The reason is our Guardian Central Bank printing paper money, as an when the Government orders them. Even recently they printed a large amount, and them had to take them back , as the Commercial Banks reported this in media. That’s why the Government needs a weak guy in charge of Central Bank. ( Don’t blame small Peoples Bank – its like Central Bank Gura Hitagana Karana kota – Peoples Bank Golaya Duwa Duwa Karanawa)
Free money printing rights:
For this matter we must also blame Sirimavo. When she took the money printing solely under the jurisdiction of Sri Lankan Central bank in 1967 ( I think) , the financial higher ups predicted that , under this free printing system – Sri Lankan money will be worthless in time to come. ( This local printing press is located in Biyagama free trading zone now, earlier the printing was done by UK based , Bradbury Wilkinson )
Gold Standard:
America also withdrew from Gold Standard – (linking money printing to gold reserves in hand) – after 1945, but they have some sort of a control when coming to printing of dollars. (Each time Sri lankan treasury borrows large amounts of money from general public , they print equal amounts in paper money , so money market does not feel it.)
Thank you Taboo – you have hit the nail on the Head……………………………………………..
DifferentlyMade said
I agree with Bambaradeniya except the claim that it was Sirimao who brought free printing of money to SL. In fact, our CB has been vested with that power all throughout its existence from 1950. However, it was basically left-leaning governments which expanded the public sector, began to live beyond means, ran very high budget deficits, funded them by borrowing from the two state banks and getting the CB to print money and inflated the economy in the process. The depreciaation of the rupee is, in fact, the effect of that process, and not the cause as many tend to believe. Sirimao is guilty of being an anchorwoman of setting this process going at the highest speed during 1970-77.
How politicians and those in CB have been able to hoodwink us is due to our own economic illiteracy. We, therefore, swallow any ‘untruth’ that is being uttered by them willingly. Take for example the recent claim by CB that it was able to sell some $ 835 mn worth of Treasury bonds to a US based fund manager. This was hailed as one of the greatest achievements on the part of CB. But that claim has not given us the full facts and full risks faced by the country and the Ministry of Finance.
Some pertinent points are:
1. It is equivalent to government’s borrowing from abroad at an interest rate of 12.5% per annum. Hence, annually, an interest outflow of US$ 105 mn will occur and the nation has to make available that amount of foreign exchange to pay out. The risk is the money borrowed from IMF will have to be used for this purpose.
2. Government in 2007 borrowed $ 500 mn from international market at a rate of 8.25%. At that time US Treasury rates were around 4%, but now they have fallen to less than 1%. Then, why should the Ministry of Finance borrow at such a high rate?
3. At the end of the fifth year, the country has to be ready with $ 835 mn to pay out to the investor.
4. During the five year period, if the investor plans to take his money out, again, the country has to be ready to make available the foreign exchange needed for that purpose.
These risks have not been placed properly before the country by those who hail the particular programme. It would have been better if these points had been clarified by them.
Bambaradeniya said
Dear Sir,
I fully agree with your observations. Further the answer is that any Good Government should provide poor people with money for their daily needs.
This theory is well explained in Lord Buddha’s ” Chakrawarthi – Sinhanada – Suthraya”..”
Taboo said
@Bambaradeniya,
Providing money for the daily needs of ‘poor people’ (unless they are extremely poor) is not a responsibility of a good government. Rather, good governments are expected to make conditions to create jobs so that there will no more be poor people.
Maintaining the price stability of its currency, however, is the responsibility of a good government.
- Taboo
DifferentlyMade said
A little correction about Buddha’s (It is incorrect to call him Lord Buddha, because he is not a Lord; he is above the Lord) Chakkawatti Sihanada Sutra: it in fact depicts that the Buddha knew about what today’s economists call ‘moral hazard’problem. What happens in that Sutra is that when the king opens up his treasury and gives free money to those who engage themselves in felonies to start up their own self employment projects, they later realise that by engaging in more felonies, they could get more free money from the king. Hence, instead of the incidence of felonies declining, it in fact began to increase. Similarly, when the politicians realise that they can get free votes from the public by giving out free goodies, they start abusing their budget fixing powers and, instead of the budget deficits falling, they start to rise year after year!
Bambaradeniya said
Yes You are very correct…………………..
this Mistake the King ( who wanted to be Chakrawarthi 7th Genaration son) did was not give the wealth to poor. He gave to thieves that got caught.So the system backfired as he was financing thieves not to commit crimes ( in future).
Punch line is wealth should be given to Poor and not to thieves who get caught………………..
Most of Western Countries having a very low crime rate follows this rule. they ensure that household income of a poor family is balanced ( by Govt Grants) to meet avarage living income of the country.
One day we ( SL)will come to this point. I was so happy to hear that Central bank is trying to introduce employment insurance scheme to Sri Lanka.
DifferentlyMade said
It reminds me of an old Mahayana saying that ‘there is no one among us who is not a thief; there is no one among us who is not a Buddha’.
Bambaradeniya said
If you have time, please type
” Mahamewvna” to google then go to
” Sinhala” and to
” downloand’ and then select
” Chakrawarthi – Seehnada -Suthraya”
so that we all get a final undestanding of -
How a king should look after his poor subjects………………..
thanks differently made …. you are very different…than others………………………….
DifferentlyMade said
Bambaradeniya, thanks for the guidance.
The standard Sinhala translation of the Three Canons of Buddhism is by Rev Prof Bellanwila Wimalarathana and Pundit Keerthi Narampanawa and published by the International Buddhist Publications Centre at Nedimale. These translations do not try to influence the readers and give them the liberty to understand, interpret and follow the faith if they choose to do so. What we actually find today as Buddhism is not what the Buddha is said to have preached long time ago. Two good critical analyses of Buddhism are by K. Jayathilaka’s ‘Buddha Charithayen Buddha Charithayata’ and Prof Sucharitha Gamalath’s ‘Buddha Charithaya’
The biggest intellectual challenge of the day is how we could learn to live without being misled by people who have a personal interest in misleading us. One way to avoid them is to see whether they have branded their products with a marketing slogan.
Akila DJ said
ලිපියෙ මුල් කොටස ඕනෙ කමින් කියෙවුව….
අන්තිම ටික නං උඩින් පල්ලෙන් බලාගෙන ගියා…….
ජිනදාස said
ඉතිං අපිට මොනවද කියන්නෙ? :@
(උඹ මහ මැට්ටෙක්නෙ.. හොඳම ටික කියවන්නෙ නැතුව අතෑරලා තියෙන්නෙ? ඒ මදිවට උඹේ මැටිකම අපිටත් කියනවද?)
අමිල said
සිරාවට ජිනදාස.. මුං වගෙ තැත්තො තව අැති ෙන්..
Creed said
They say that a society is judged by how it treats its less fortunate. Although at a personal level we may try to help out the poor and weak, as a society we do nothing but ignore and reject them. Kind of heart-breaking to know that a life time saving of a courageous woman is no match for a monthly petrol bill of a once upon a time ‘radical’ politician!
kasun said
good post!
ගයන්ත said
කොතැනත්, පිරමීඩෙ ‘උඩ’ ඉන්න එකා දිනුම්…
rK said
Ape ammmalath ohoma thama.
oka lankawe gahutharayak ammmala gana kiyana description ekkak.
anithma hariyedi theme ekan pita panala wage..
awulk na
keep it up
jaya Sri!!!
Taboo said
//anithma hariyedi theme ekan pita panala wage..//
Perhaps I was not expressive enough, but who is responsible for this? Why somebody has to print money? It is to cover the colossal government expenditure (including war budget) So it is not individuals but the system (including all of us to different levels) responsible for it.
- Taboo
සුපුන් සුදාරක said
අගනා ලියමනක්. මාතෘත්වය, ආර්ථිකය, සමාජ දේශපාලනය ගැන මේ හැම අතින්ම හිතන්න ඉතුරු කරවපු ලියමනක්. නියමයි! හැබැයි මට දුකයි.
තමීර said
මේක ඔබේ අම්මා ගැන විතරක් නෙමෙයි. අද ඉන්න සහ එදා හිටපු ගොඩක් අම්මලා ගැන කතාවක්.
samadee said
itamath honda lipiyak meken visala anavaranayak sidda venava vadihitiyo meva kiyevve nattat taruna ayata mevain igena ganna koccara de tiyenavada me vidihe chintana kramayak ekka haduneth desapalanaya karana kenek unath eya desapaluvek vena eken berevieee api api vath nivaradi vemi varadata anubala nodemu evita apa me papa karmayanta haul novuva yana satuta ho itiri vanu atha………..
tesh said
ati kehel kapu relaw wage bala innai thiyenne , mona karannada
akkandi said
මේක අපි අම්මල ඔක්කොමගේම කතාව. පුතෙකු ඒක සංවේදීව ලිවීම හරිම වැදගත්. දේශ්පාලන , ආර්ථික හා සමාජ විග්‍රහයක් එක්කම ලියපු එක අගය කළ යුතු කාරණයක්. පවතින තත්ත්වයන් වෙනස් කිරීමට මෙහෙමවත් හඬ නැගිය යුතුමයි.
අමිල said
මේක මම ප්‍රින්ට් කරලා තියාගන්නවා..