සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects

ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.

ජනතාවට එරෙහිව ජවිපෙ | JVP vs. the masses

Posted by Taboo on October 24, 2009

PT1223

වික්ටර් අයිවන්ට අනුව, ප්‍රභාකරන් තම ජීවිතයේ කරගත් ලොකුම ගොන්කම් තුනෙන් එකක් නම් රටේ පොදු ජනතාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමය. මධ්‍යම රාත්‍රියේ මායිම් ගම්මාන වලට පැන අත දරුවන්ද නොඅතහැර, නිරායුධ අහිංසක ජනතාව කැතිගාන විට, බස් රථයන්හි බෝම්බ තියා අහඹු ලෙස සිවිල් වැසියන් මරා දමන විට සමස්ත ජනතාව ‘පොදු සතුරාට’ එරෙහිව පෙළ ගැසෙනු නොවැළැක්විය හැක්කේය.

ප්‍රභාකරන් කරගත් මේ ගොන්කමම දැන් ජනතා විමුක්ති පෙරමුණද නැවත වාරයක් කරගනිමින් සිටී. ‘නැවත වාරයක්’ කියන්නේ ජවිපෙ මේ ගොන්කම කළ පළමු වතාව නොවන නිසාය. 1989දී මේ වරද කළවුන් වැඩි හරියක් කෙළවර වූයේ ටයර්වලය. නමුත් අප දන්නා පරිදි ජෙප්පන් යනු යමක් ඉගෙන ගන්නා කොටහක් නොවේ. (චන්ද්‍රිකා කුමාරතුංග ගෙන්ද, මහින්ද රාජපක්ෂගෙන්ද ඉල්ලාගෙන කෑමෙන් අනතුරුව දැන් රනිල් වික්‍රමසිංහගෙන්ද, සරත් ෆොන්සේකාගෙන්ද ඉල්ලාගෙන කෑමට සැරසෙන මොවුන්ට අත්දැකීම්වලින් ඉගෙන ගැනීම පිළිබඳව බරපතළ ගැටළු තිබෙන බව පැහැදිළිය.)

තම ආධිපත්‍යය ඇති වෘත්තීය සංගම් කිහිපයක් හරහා රටේ ඉන්ධන සැපයුම අඩාල කරන විට ජවිපෙ නායකයින් සිතනු ඇත්තේ රිදෙන්නේ මහ රජාණන්ට බවය. මහ රජාණන්ට රිදේ නම් ලේඛකයාද සතුටුය. නමුත් මේ අබග්ගය මදුරුවකු කෑ තරමටවත් රජතුමාට දැන්නේ නැත. එයින් රිදෙන්නේ වෙන කාටවත් නොව පොදු ජනතාවටය. ඒද ධනපතියන්ට නොව පුංචි මිනිසුන්ටය.

ඉන්ධන හිඟයෙන් ඉතාම දැඩිලෙස පීඩා විඳින ජන කොට්ඨාශයක් නම් තෙසක් සැරි රියැදුරන්ය. අනෙකුන්ට ඒ සුළු අපහසුවක් පමණක් විය හැකිවුව මොවුනට තම එදාවේල අහිමි වීමකි. ජවිපෙට එය ගැටළුවක් නොවේ. ඔවුනට අනුව තෙසක් සැරි රියැදුරන් යනු ධනපතියන්ය. අනෙක් අතට විජේවීර සහෝදරයා 1989දී කීවේ විප්ලවය සඳහා රටේ පොදු ජනතාව ‘ටිකක් දුක් වින්දාට කමක් නැති’ බවය. ‘ටිකක් දුක් විඳීමට’ කැමති නොවූ ජනතාව හුජ්ජා කිරීමේ නිදහස උදෙසා හමුදාවන්ට ‘ටිප් එක’ දුන්නෝය. ගෝනි බිල්ලන්ට ඇන්දෝය. (එහිදී නම් සිංහල ජනතාව දෙමළුන්ට වඩා බෙහෙවින් ඥාණවන්තව කටයුතු කළහ. දෙමළ ජනතාවද එසේ ඥාණාන්විතව කටයුතු කළේ නම් LTTE ව්‍යසනය මීට බොහෝ කාලයකට ඉහත කම්මුතු කිරීමට ඉඩ තිබිණි.)

මේ ලියන සෙනසුරාදා රාත්‍රිය වන විට කොළඹ ඉන්ධන අලෙවිහල් 174කින් 160ක් වැසිලාය. මහා මාර්ගයන්හි මෝටර් රථ ධාවනයේ කැපී පෙනෙන අඩුවක් ඇත්තේය. හෙට දිනය තුළ මේ ගැටළුවට විසඳුමක් නොලැබෙන්නේ නම් ලබන සඳුදා ජන ජීවිතය අඩාලවනු නොවැළක්විය හැක්කේය. ඒ මහ රජාණන්ගේ ජීවිතය නොවේ. උන් වහන්සේ මේ වන විට වියට්නාමයේ සුපිරි හෝටලයක අතුරුපස වළඳනවා හෝ සුන්දරියක අතින් ගෙන මධුවිත තොළගානවා විය හැකිය. සඳුදා පාසල් නොයනු ඇත්තේ, රෝහිත බේබි නොව මේ රටේ පොදු ජනතාවගේ දරුවන්ය. එදාවේල සරිකර ගත නොහී බඩ සයින් නින්දට යනු ඇත්තේ දිළිඳු මෑණිවරුන් පියවරුන්ය. වැලි වැටෙනු ඇත්තේ ධනපතියන්ගේ නොව පොඩි මිනිහාගේ බත් පතටය. මේ පොතේගුරු මාක්ස්වාදීන්ගේ රෝමෑන්තික වැඩ වර්ජනයක් නොවේ. පොඩි මිනිහාගේම බොටුව සිත් පිත් නැති ආකාරයෙන් මිරිකන වැඩ වර්ජනයකි.

මේ සියල්ල මෙසේ සිදුවන තුර රනිල් වික්‍රමසිංහගේ යූ. ඇන්. පියද කටේ පිට්ටු හිරකරගත් උගුඩුවකු සේ බලා ඉන්නේය. වික්‍රමසිංහගේ මේ මොහොතේ අවශ්‍යතාවයද ජවිපෙ ආත්මාර්ථකාමී පාදඩ අවශ්‍යතාවයට දෙවැනි නොවේ. එනයින් ජවිපෙ පමණක් නොව වික්‍රමසිංහද මේ රටේ ජනතාවට කොකා පෙන්නීමට පටන්ගෙන ඇත. මෙයින් අදහස් කරන්නේ වික්‍රමසිංහ මෙයකළ පළමු අවස්ථාව මේ බැව් නොවේ. මොහු සෝමවංශ අමරසිංහ තරමටම ජනතාවගේ ඕනෑ එපාකම් ගැන නිර්වින්දිත චරිතයකි. වික්‍රමසිංහට මේ මොහොතේ අවශ්‍ය වන්නේ තම සමරිසි සගයන් සමඟ සිරියහනට පැන, පොඩි සොමියක් ගැනීම හෝ මුතුහෙට්ටිගම වයින් කොට මොන්ටිසෝරි ශිෂ්‍යයකුසේ මෝඩ චූන් එකක් ගැනීම විය හැකිය. රටේ පොදු ජනතාවගේ හද ගැසීම මොවුන් කිසිවකුට දැනීමක් නොවේ.

ජවිපෙට සේම එජාපයටද තමන් කැමති ඕනෑම ආකාරයක නිරායුධ දේශපාලනයක නිරත වීමේ අයිතිය ඇත. නමුත් ඔවුන් ඒ අයිතිය පොදුජනතාවගේ නිදහසට බාධාවන ආකාරයෙන් යොදාගනු ලබන්නේ නම් ප්‍රතිඵල දරුණු විය හැකිය. මේ රටේ ජනතාවට විධායක ජනාධිපති ක්‍රමයට වඩා බරපතළ ප්‍රශ්න ඇති නිසාය. ජවිපෙ හා එජාපය තමන්ගේ කාලතුවක්කු හරවන්නේ රටේ පොදු ජනතාව වෙත නම් ෆොන්සේකා නොව ෆොන්සේකාගේ අප්පොච්චි පොදු අපේක්ෂකයා කළත් සිදුවනු ඇත්තේ ඇපත් නැතිවීම පමණකි.

38 Responses to “ජනතාවට එරෙහිව ජවිපෙ | JVP vs. the masses”

  1. සමන්ත said

    පසුගිය දිනෙක කොළඹ කොටුවට ගිය අපට දැක ගන්නට ලැබුනේ හවස කාර්යාල හමාර වන වේලාව අල්ලා පාර වසාගෙන සිටි රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය හෙවත් JVP ගොබ්බයන් රැළකි. අපට නිවෙස් කරා යාමට සිදුවූයේ පැය දෙකක් පමණ කොටුවේම රස්තියාදු වීමෙන් පසුවය. සාමාන්‍ය මහජනට අනවශ්‍ය ලෙස බාධා කරමින් මේ දේශපාලන නපුංසකයන් බලාපොරොත්තුවන්නේ කුමක්ද? මෙය සිදු‍කලේ පසුගිය පළාත් පාලන මැතිවරණයම අල්ලා බැවින් ඔවුන්ගේ අරමුණු යම්තාක් දුරට පැහැදිලි විය.

    • SP said

      Mole Kantha is even going to support UNP candidate. “ATHI VISHISHTAI”. very progressive! now these idiots can come on stage with Pansi Ranil very soon. JVP ers are as you said a bunch of Gobbayaas. They will even teach MARX about marxism. So good at robbing philosophy and making it their own and even go on to challenge the founder itself!

  2. Imal said

    පොන්නයෝ තොට JVP ගැන කතා කරන්න අයිතියක් නැත…

    • Sakalabujan said

      මෙවෑනි අය පිලිබදව අප අනුකම්පා කල යුතුය. සමාජවාදීන්ගේ බාසාවෙන් මෙය හෑදින්වෙන්නේ ” ලදරු වලිප්පුව” කියාය. විමල් වීරවංශද පෙරකාලයක මෙවෑනි සමාජවාදියෙක් වී සිටිබව කියවේ. ඔය වයස පසුකල පසු ඔවුන්ගේ සමාජවාදය පල්ලම් බසින්නේ දුන්හිද ඈල්ලටත් වඩා වේගයෙනි.

    • bambaradeniya said

      ජේවීපී කාරයන් කියන කාළකන්නින්ගේ හැටි ඔයාකාරය. මොවුන් විශ්ව විද්යාල වලද මුලින්ම කරන්නේ, සමාජ ඇසුර අඩු හෝ දුෂ්කර පලාතකින් පනිණියාවූ [අන්දා ගැනීමට පහසු] හෝ හීනමානයෙන් පිරුනු පිරිසක් බාගෙන ඔවුන්ගේ ඔලු ගෙඩි තව තවත් තකතීරු, ඊර්ශ්යාකාරී හා අවජාතක අදහස් වලින් පිරවීමය. මෙසේ අන්දවනු ලබූ තකතීරුවන්, තමන්ව අන්දා ඇති බව හෝ, තමන් පවසන අදහස් කොතරම් ඔලමොට්ටල අදහස් දැයි පසුවී හෝ වටහා ගන්නේ ඉතා කලාතුරකිනි.

      තමුන්ගේ නායකයින් විසින් පවසන දේම වමාරා කෑම විනා බුද්ධිය විමසා සිතීමට හෝ කතා කිරීමට මොවුන්ට නොහැක.

      තරුණ ජීවිත දහස් ගනනක් විනාශය කරා ගෙන ගිය මානසික රෝගී විජේවීර මේ තකතිරුවන්ට වීරයෙකි!

      Ha…………Ha……..

  3. Imal said

    පොන්න පකයා…………

    • Taboo said

      පළ නොකර සිටිය හැකි වුවද, ජෙප්පන්ගෙන් එන මෙවැනි කමෙන්ට් දකින්නට ලේඛකයා කැමතිය. එය ඔවුන්ගේ ඉච්ඡා භ්ංගත්වයේ ලකුණු කියා පාන නිසාය.

      - Taboo

      • paradox said

        Hi Taboo

        I agree with you. These jvp buggers are pessimistic on everything. And they don’t have backbones too.

  4. Bambaradeniya said

    SARATH…පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කලේය. ඒ 1988 අවුරුද්දයි. ජ.වි.පෙ තම සන්නද්ධ සේනාංකය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා තම විරුද්ධවාදීන් බුරුතු පිටින් ඝාතනය කරමින් සිටි කාලයයි. අවාසනාවකට සරත් අයියා 71 කැරැල්ලේ ජවිපෙ සාමජිකයෙක්ව හිඳ සිරගතවී පුනරුත්තාපනය වී පැමිනියෙකි. පසු කලෙක ස්වයං විවේචනයක් ඉල්ලා ජවිපෙන් ඉවත්වු හෙතෙම ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් ලෙසද වැඩ කලේය. ජවිපෙ පමනක් නොව LTTE ය ඇතුලු බොහෝ සන්නද්ධ සංවිධාන තමන්ගෙන් වෙන්වී ගිය එකා ගැන පසු වන්නේ තම ප්‍රතිවාදියාට වඩා වැඩි වෛරයකිනි. මෙම කාලය තුල ජවිපෙ විසින් තම සංවිධානයෙන් ඉවත්වූ පැරනි සාමජිකයන්ද කිසිදු අනුකම්පාවකින් තොරව ඝාතනය කරමින් සිටියේය. සරත් අයියාටද වක්‍රාකාරයෙන් ආ තර්ජන වලින් කියැවුනේ වහාම සමසමාජ පක්ෂයෙන් හා එහි වැඩ කටයුතු වලින් ඉවත් වන ලෙසයි. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් දේශපාලනය කිරීමේ අයිතිය කේවල් නොකරන්නට තරම් සෘජු ප්‍රතිපත්තියක සිටි සරත් අයියාද ජවිපෙට කට්ටි පනිමින් සැඟවී තම අඹුදරුවන්ගෙන් වෙන්ව ගත කර සති අන්තයේ පමණක් රහසේ නිවසට වන්නේය.

    එක් සති අන්තයක මෙසේ නිවසට පැමිණි සරත් අයියා රෑ දෙගොඩහරි ජාමයේ ඇහැරී, සුලුදිය පහ කරනු වස් හඳ එලියේ තම වත්ත මායිමට ආවේ එලියේ සිහිල් සුලං වදිමින් සුලුදිය පහකිරීමේ ආස්වාදය විඳිනු පිනිසමය. තම කන අසලින් ඇදීයන්නේ ටී.56 කින් නිකුත්වන වෙඩි උණ්ඩ බව වටහා ගන්නට ඔහුට තත්පර කීපයක් ගතවිය. ඒ බැව් හරියටම වැටහෙන විට තම ඇඳිවත තෙමී ඇත්තේ සුලුදියෙන්ම පමනක් නොවන බව සැක හැර දැනගත්තේ නාස් පුඩු විදගෙන නැගෙන මඩ පුවක් ගඳෙනි.

    දේශපාලනය කිරීමේ නිදහස , අඹුදරුවන් සමඟ ජීවත් වීමේ නිදහස ආදිය නැතිවන විටත් ඉවසීම ප්‍රගුණ කල සරත් අයියාට තම වත්තේ එලිමහනේ හුජ්ජා කිරීමේ නිදහස නැතිවන විට රතු ඉර පැන්නේය. තම අඹුදරුවන් කොලඹ ආරක්ෂිත නිවස්නයක රැඳවූ සරත් අයියා එවකට හමුදා බුද්ධි අංශය බාරව සිටි බ්‍රිගේඩියර් බලගල්ල සමඟ යම් එකඟතාවයකට එන්නේ ඒ නැතිවූ හුජ්ජා කිරීමේ නිදහස පමනක්ම වෙනුවෙන් නොවේ. ජවිපෙ තර්ජනයට ලක්වූ බොහෝ සාම්ප්‍රදායික වමේ ක්‍රියාකාරීන්ද, ස්වාධීන ශිෂ්‍ය සංගමය වැනි ජවිපෙ විරෝධි සංවිධානද හමුදා අණුකන්ඩ සමග එකඟතාවයකට එන්නේ හුජ්ජා කිරීමේ නිදහස, ජීවත්වීමේ නිදහස සහ තමන් කැමැති දේශපාලන මතවාදයක් වෙනුවෙන් වැඩ කිරීමේ නිදහස වැනි භෞතික කාරණා වෙනුවෙනි.

    පාරක තොටක ගමන් කිරීම නිදහසේ විඳින්නට ගොස් බෝම්බ වලින් අත් පා පමනක් නොව තම ජීවිත අඹුදරුවන් නැති කරගත් පිරිස අප්‍රමාණය.තමන්ට රිසි ආගමික ස්තානයක ආගමික වතාවත් කර වෙඩි කෑ ගනනද සුලුපටු නොවේ. දේශපාලන රැලි වල පුපුරවා හරින ලද බෝම්බ නිසා විපතට පත්වූ අයද වෙති……………………………

    JVP WIJEWEERA was a much bigger fool than LTTE Praba Karan.

  5. wahupatta said

    උම්බෝ….රාමචන්ද්‍ර කොලුවා දාපු කොමෑන්ට් මකලානෙ උන්නෑහේගෙ ජෙනරාල් තුමාන්ගෙ හරුපෙට දාපු…
    මන් උන්නෑහේට කිව්වෙ 89 වගේ ආයිමත් ලංගම බස් ගිනි තියන්න ගියෝතින්,තව රජයෙ සේවකයො මරලා මිනිය දනින් උඩට උස්සන්න එපා කිවොතින්,රෑට රෑට අදිරි නිති දාගෙන ගල් කටස් පත්තු කොරන්න හෑදුවොතින්,ලයිට් ටෙලිපොන් කනු බිදලා,අයිඩෙන්ටි කාර්ඩ් එකතු කොරලා,ගෙවල් ගිනි තියලා,හමුදා ,පොලිcඉ වලට ගහන්න ගියොතින් එහෙම,
    ගෙනරාල් ආවොතින් ඉස්සෙල්ලාම කපෝති වන්නේ රාමච්න්ද්‍ර උන්නෑහේ ඈතුලු හොර ජේ.වී.පි කාරයො ටික කියලානෙ.හික්.හික්,ටෑබු කොල්ලගෙ කොමන්ට් එකත් මූ මකලනෙ.

    • Taboo said

      @wahupatta,

      රාමචන්ද්‍රලාගේ ලෝකයේ අළුත්ම රෝමෑන්තික වීරයා සරත් ෆොන්සේකාය. චේගුවේරාගේ පින්තූරය ළඟින් ෆොන්සේකාගේ පින්තූරය එල්ලාගෙන දුම් අල්ලන්නේ එනිසාය. තවටික දවසකින් පෙණ බුබුළ බිඳීයනතුරු ඔහුගේ ස්වයං වින්දනයට බාධා නොකරමු.

      (ජානක පෙරේරා මළේ කරුමයටය. නැතිනම් සරත් ෆොන්සේකාටත් වඩා ලෙහෙසියෙන් ජානක පෙරේරාට ජවිපෙ සහය ලබන පොදු අපේක්ෂකයා වෙන්නට තිබුණේය.සරත් ෆොන්සේකා මුන්ගේ ගොන් කම් වලට අනෙක් පැත්තෙනුත් හිනාවෙනවා විය හැකිය.)

      - Taboo

  6. ramachandra said

    1.ජනතාවට “රිදෙන” හින්ද වැඩ වර්ජන කරන්න එපා.මාස ගානක් අති කාල නොගෙවුවත් කමක් නැහැ කට පියාගෙන ඉන්න.සමාජයේ රැකියා සුරක්ෂිතතාවයක් නැහැ.ඒත් ඒවට අරගල කරන්න එපා.අරගල කලාම සිස්ටම් එක අවුල් වෙනවා.වතුකරයේ මිනිස්සුන්ට අවම පහසුකම් ටිකවත් නැහැ.ඒත් සටන් කරන්න එපා.”ජනතාවට” රිදෙනවා.
    කොටින්ම සිස්ටම් එක අවුල් වෙන විදිහට වැඩ කරන්න එපා.සටන් නොකර ලියුම් ලියන්න.එතකොට ඉල්ලීම් ලැබේවි.
    මේ තර්කය වික්ටර් අයිවන්,මහින්ද අබේසුන්දර සහ ඒ වර්ගයේ සිස්ටම් එකත් සමග බුදියන තක්කඩින්ගේ තර්කයයි.මේ බ්ලොග් සටහන ස්වාධින රූපවාහිනියේ විමසුමට ගැලපෙන සටහනකි.

    2.තෙල් සේවක සටන “ජවිපෙ”සටනක් නොවේ.එය සාවද්‍ය අර්ථකතනයකි.ජවිපෙ මෙන්ම ජවිපෙ නොවන සංගම්ද මේ තුල සිටිති.යමකට ජවිපෙ ලේබල් එක ගැහුවාම ඇත්ත ප්‍රශ්නය යටකොට ප්‍රශ්නය වෙන අතකට හැරවීම පහසුය.හරියට මාධ්‍ය නිදහස ගැන කතා කරන කොට කොටි ලේබලය ගැහුවාම මාධ්‍ය නිදහස පිලිබද කතිකාව යටගොස් වෙන කතාවක් මතුපිටට එනවා වාගේය.තෙල් සේවකයන් සටන් කරන්නේ (අමාත්‍යවරයාද පිලිගෙන තිබෙන පරිදි) නීත්‍යනුකූලව ඔවුන්ට හිමිවිය යුතු වැටුප් වර්ධකයක් වෙනුවෙන්ය.තෙල් ගහල මහන්සි වෙලා ලැබෙන්න ඕනෙ ගාන අතට නාවම ඒ ගැන ආන්ඩුව කටපියාගෙන ඉන්නකොට සටන් නොකර බ්ලොග් ලියුවට ප්‍රශ්නය විසදෙන්නේ නැත.සීත කාමර වල සිට බ්ලොග් ලියන්නන්ට මේ ප්‍රශ්න පෙනෙන්නේද නැත.

    3.පුද්ගලිකව මට ජවිපෙ ලේබලය ගහල ආතල් එකක් ලැබෙනවා නම් එහෙම ආතල් එකක් ගැනීම ගැන විරෝධයක් නැත :D
    ජවිපෙ සමග එකග වෙන තැන් වගේම එකග වෙන්නේ නැති තැන්ද අපිට තිබේ.
    ෆොන්සේකාගේ කතාව out of topicය.කෙසේ වෙතත් ෆොන්සේකාලා අපට දෙවිවරු නොවේ.
    සමාජයට වැඩක් වෙනවා නම් පුද්ගලයෙක් සමග එකට වැඩ කිරීමේ ගැටලුවක් නැහැ.පුද්ගලයන් “වන්දනාමාන කිරීම” කොහොමත් අපේ සම්ප්‍රදායට අයිති නැත.

    @ වහුපැට්ටා-ඔබ කියන කතාව අපැහැදිලියි.මගේ බ්ලොග් එක තුල පලවූ කිසිදු කමෙන්ට් එකක් මකා නැත.

    • Taboo said

      1.මේ ‘සටනේ’ අරමුණ වැටුප් වර්ධක ලබා ගැනීමද වෙන එකක්ද කියා අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ජවිපෙ ‘වැඩ වර්ජන’ ඉතිහාසය කාටත් රහසක් නොවන නිසාය. ජවිපෙ මහින්ද අයියා සමඟ එකට වේදිකාවට නඟින කාලයේ තෙල් සංස්ථා සේවකයන්ට රැකියා සුරක්ෂිතභාවයද, හොඳ පඩිද ඇස්ටි හැළෙන්නට තියෙන්නට ඇත. මොකද ඒ කාලයේ කවුරුත් ස්ට්‍රයික් නොකළ නිසාය. රැකියා සුරක්ෂිතභාවයද, වැටුප් වර්ධකද මතක් වන්නේ ජවිපෙ මහින්ද අයියා සමඟ නොරොක් වූ විටය.

      2. ඇත්ත. ‘සමාජයට වැඩක් වෙනවා නම්’ රාමචන්ද්‍රලා මැක්කන් ඇඟට ගොඩවේදැයි බලන්නේ නැතිව ඕනෑම බල්ලකු, බැල්ලියක සමඟ නිදා ගන්නට කැමතිය. 2000දී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟද, 2005දී මහින්ද රාජපක්ෂ සමඟද යහන් ගත වූයේ එනිසාය. මෙසේ යහන්ගතවන කාලයේ රාමචන්ද්‍රලාට ‘වෘත්තීය සටන්’ සම්පූර්ණයෙන්ම අමතකව තිබුණේය. දැන් රාමචන්ද්‍රලා හිසිම හිරිකිතයකින් තොරව යහන් ගත වීමට සැරසෙන්නේ කලෙක වහ කදුරු වූ සරත් ෆොන්සේකලා, රනිල් වික්‍රමසිංහලා සමඟය. මේ තක්කඩියන් සමඟ යහන් ගත වනවා මදිවාට අපෙන් ඊට සපෝට් එකද බලාපොරොත්තු වන්නේය. ඔහොම යං. ඔහොම යං. (රනිල් වික්‍රමසිංහ ගෙන් සමාජවාදය ඉගෙන ගන්නට ලැබීම කොයි තරම් වාසනාවක්ද?)

      3. සටන් කළ යුත්තේ එක එකාට ඕනෑ විදියට එක එකාගේ ඇජෙන්ඩා මත නොවේ. එසේ අන්ධව ‘සටන් කරන්නේ’ ජවිපෙ යටි පෙළ සාමාජිකයන් පමණකි. කොටින්ම ආයුර්වේදය අසළ ජවිපෙ සාමාජිකයන් පිරිසක් මාසයක් තිස්සේ දූවිලි කමින් ‘මහා සත්‍යග්‍රහයක්’ ගෙනයන්නේ ගොඩනැඟිල්ලක් විවෘත කරවා ගැනීම වැනි ඉතාම සරල කටයුත්තක් සඳහාය. මෙසේ වයින් කළ විට නටන බෝනික්කන් ටිකක් සිටීම ජවිපෙට නම් ලොකු වාසනාවකි. මොළේ ටිකක් හෝ ඇත්තවුන් මෙසේ වයින් කර නටවන්නට බැරිය. වෙලාව ආවිට අපි සටන් කරමු. නමුත් අරූ මූ රජ කරවන්නටවත් අරූගේ මුගේ ඇජෙන්ඩාවලටවත් නොවේ.

      4. මාක්ස්වාදීන්ගේ වන්දනාමාන ගැන වෙනම කතා කළ යුතුය. ඇත්ත. මාක්ස්වාදීන් සාම්ප්‍රදායික බෞද්ධයන් ගෞතමට වඳින්නාක්සේ මාක්ස්ට, ලෙනින්ට චේගුවේරාට වඳින්නේ නැත. නමුත් ප්‍රතිරූප වන්දනාව මාක්ස්වාදය නම් ආගමටද පොදුය. හැම වාමාංශික පක්ෂයක්ම (වික්‍රමබාහුගේ නවසමසමාජයද ඇතුළත්ව ) මැයි දිනය දාට මාක්ස්ගේ, එංගලස්ගේ ලෙනින්ගේ දැවැන්ත ප්‍රතිරූප රැගෙන යන්නේ එනිසාය. අපිදු එක් කලෙක මේ කල්තරයෙහි කොටසක්ව සිටියෙමු. ප්‍රතිරූප වන්දනාව මායවක් බව පසක් වූ කළ ඉන් ඉවත් වීමු.

      - Taboo

    • Billy Boy Junior said

      රාමචන්ද්‍ර අයියට නම් හොඳටම හිතට මාරු ඇති. අන්න ස්ට්‍රයික් එක ඉවරයි. කට්ටියට වැටුප් වර්ධකේ හම්බ වෙන්ඩ ඇති. නැහ්නං ඇමති ටිකක් සද්දෙ දැම්මහම බය වෙන්ඩ ඇති. ඔය JVP කාරයෝ කෑ ගැහුවට ගූ බයයි. රාමචන්ද්‍ර අයියත් JVP එකට පු* දීල පු* ඉරාගත්ත එහෙනං. :-)

  7. Ayse said

    ටැබුට අනුව මේකත් වැරදියි. ඒකත් වැරදියි. ඒත් මේකෙ ඇතුලෙ මට අවුලක් නැති නිසා මේක තියා ගත යුතුයි.
    ඒ අතරම විමල් ආණ්ඩුවට කොනිත්තන සේ (තමන් ජනතාව සමග සිටින බව කීමටා ආණ්ඩු විරොධ් දෙයකුත් ලිවිය යුතුයි. හරිම අපුරු ක්‍රමයක්

    • Taboo said

      @Ayse,

      දන්නා යකා නොදන්නා යකාට වඩා හොඳ බවට සිංහල පිරුළක් ඇත්තේය.

      - Taboo

      • Ayse said

        ඔබ පවසන ලෙස ඉතිහාසය පුරා මිනිසුන් දන්නා යකාව පමනක් රැක ගෙන සිට්යේ නම් අදටත් අප සිටින්නේ කොහිදැයි සිතා ගත නොහැක.

        අද පවතින සමාජ ක්‍රමය තුල අවම වෙනසක් හො සිදු වනු අත්තේ High risk – High rewards theory තුලය.:

      • Taboo said

        @Ayse,

        ඔච්චරම high risk ගන්න ඕනැනම් ඉතින් ගියසැරේ සිද්ධාලේප වෙද මහත්තයා ජනාධිපති පොදු අපේක්ෂකයා කරන්න තිබුන නෙවැ. චහ්. අපරාදෙ.

        - Taboo

  8. පරණ JVP කාරයා said

    සෝමවංසත්, ටිල්වින් සිල්වාත්, ලාල් කාන්තත් පෙළට තියල, කලිසම් ගලවල අධෝමාර්ගයේ පුනීල ගසා ඒවට පැට්‍රල් වත් කළත් මදි.

  9. wahupatta said

    උම්බෑඕ………ඈ බොලන් චන්ද්‍ර රාමයෝ….තොට කිව්ව දේ තේරෙන්නේ නෑතෙයි.තෝ කලින් කොමෙන්ට් මෑකුවේ නෑතෙයි කියලයි දෑන් කියන්නේ…?ජේ.වී.පි. කාරයො ඔහොමමයි…මේකෙ ඒ බව කිව්ව ගමන් තෝ ආයෙත් දෑම්මා ..නේද හොර ගෙඩියා.ජේ,වී,පී කාරයෝ ඔහොමමයි.රට හදන්න යන්නේ.අල්ලපු ගෙදර එකාට හරි යනවට කෑමති නෑති සමාජයට ඉරිසියා කරන එවුන් තමයි තොපි.ඔය කාල්කකන්නියො.උබත් ඒ වගේ……තොපි රට හදන්න යන්වා තොපි නිසා තාත්තලා නෑති උන ,ගෙවල් දොරවල් නෑති උන,කී දෙනෙක් ඉන්නවද …..විජේවීරය වගේ යවන්නයි ඕන තොපිවත්…….ඉස්ස්සෙල්ලා 89 කරපුවාට වන්දි ගෙවලා පස්සෙ රට ගෑන කියපන්,…..

    • JIMMY said

      මීට කලින් නම් මම හරක් මස් කන්නෙ නැහ. හැබය් උම්බෙ කමෙන්ට් එක කියෙව්වම හිතෙනව හෙට ඉඳන් හරක් මස් කැවත් වැරද්දක් නැහැ කියල.

  10. wahupatta said

    උබේ නමේ හෑටියට නම් පර සුද්දෙකුට ජාතක වු එකෙක් බව හෑගේ.තෝ ස්වජාතිභක්ශනය කරන්නේ නම් හරක් මස් කෑවාට වරදක් නෑත. අපේ අල්ලපු ගෙදර බල්ලාගේ නමත් උබේ නමයි….ගොන් කතා නොකිය කියපු දෙවල් බොරු නම් කියාපිය…..උම්බෑ

  11. JIMMY said

    මොනවා කරන්නද බන් මේක අපේ තාත්තා දාපු නම. තාත්තා සුද්දෙක් තමයි බන්. උම්බෙ තාත්තා හරකෙක්ද මී හරකෙක්ද?

  12. පාලිත said

    ටැබූ ඔබ සිතන ආකාරයෙන් තමන්ගේ අයිතීන් දිනාගැනීමට සේවකයින් කටයුතු කළයුත්තේ කෙසේද? එසේම වෘත්තීය සමිති දේශපාලනයෙන් තොරවිය යුතුද?
    සැබැවින්ම වෘත්තීය අරගලයන්තුල සේවක අයිතීන් දිනාගැනීම සදහා වෘත්තීය සමිති අතර තරගයක් පවතී. මේ නිසා වැටුප් දිනාගැනීම සදහා සිදුකරන වර්ජනයන්තුල කිසිදු වෘත්තීය සමිතියක් දායකත්වය නොදී සිටින්නේ නැත.(පසුගිය ලංගම වැඩවර්ජන සදහා මූලිකත්වය ගන්තේ ආණ්ඩුවේ වෘතතීය සමිතියයි)මේ සටහන තුල ඔබතුල පවතින අධික ජවිපෙ විරෝධය වැඩවර්ජන සමග පටලවා ගෙන ඇත.වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ජවිපෙ වෘත්තීය සමිති තිබුනද, වැඩවර්ජන යනු ජවිපෙට පමණක් සීමාවූවක් නොවේ.එසේම දේශපාලනික බලපෑම් කිරීම් සදහා ජවිපෙ විසින්ද සිය වෘත්තීය සමිති යොදාගැනීමේදී වැඩවර්ජනද ඊට භාවිතාකිරීමක් සිදුවිය හැක.
    ඔබ විසින් විශ්වවිද්‍යාල පද්ධති‍ය තුල ඉල්ලීම් ලබාගැනීමේ හැකියාව පිළිබද එක්කෝ නොදන්නා කමින් හෝ එසේත් නැතිනම් හිතාමතාම මගහැරීමෙන් ආයුර්වේද සිසුන්ගේ සහ අනෙකුත් සත්‍යග්‍රහ පිළිබද අදහස් දක්වා ඇත.ආයුධ ගැනීමත් ප්‍රතික්ෂේප කළ පසු තමන්ගේ ඉල්ලීම් සදහා අවධානය ලබාගැනීමට වන උත්සාහය ලෙහෙසි පහසු වූවක් නොවේ.සැබැවින්ම පසුගිය ජනාධිපතිවරණ සමයේදී සහ මහමැතිවරණ සමයේදී අප කැමති වුවද අකමැති වුවද ජවිපෙ විසින් සිය එල්ටීටී එරෙහි මතවාදය ව්‍යාප්ත කරන ලද්දේ මෙයාකාරයෙන්ම වූ ක්‍රියාදාමයක් තුලිනි.මේ නිසා සමස්තයක් ලෙස ජවිපෙ මතවාදය හෝ ක්‍රියාකාරීත්වය පිළිබදව සහ ඔවුන්ගේ උපක්‍රම පිලිබද කතා කිරීම එකම කාරණාවක් වන්නේ නැත.

    • Sakalabujan said

      @Palitha

      After a long time, I’ve seen a opposing comment, which make some sense. It is the sensible way of presenting your arguments, what makes it so special. In my humble opinion, it is a blessing to see such a comment; among the usual hateful,mud-trowing comments of ours,which lead us no where.

    • Taboo said

      @පාලිත,

      වැඩ වර්ජන ගැනද, ලංකාවේ වැඩ වර්ජන ගැනද මට වෙනම කියැවීමක් තිබේ. එහෙත් මගේ දර්ශනය ඇද බා පිළිතුර ව්‍යාකූල නොකර, වෘත්තීය අයිතීන් සඳහා වැඩ වර්ජනය කිරීම සාධාරණය යන මතයේ පිහිටා පිළිතුරු දෙන්නට වෑයම් කරමි.

      අද අප මේ දකින වැඩ වර්ජන රැල්ල වෘත්තීය අයිතීන් සඳහා වූවක් නොව පැහැදිළි පක්ෂ දේශපාලන අරමුණු ඇතිව වූවකි. ඔබ කියන්නාක් මෙන් රජයේ වෘත්තීය සමිති පවා මීට මැදිහත් වී ඇත්තේ නොකර බැරිකමට හා අවස්ථාවාදීවය. වෘත්තීය අයිතීන් සඳහා කෙරෙන වැඩ වර්ජන වල පැහැදිළි ලක්ෂණය ඉල්ලීම් ප්‍රයෝගික වීමයි. ප්‍රායෝගික නොවන ඉල්ලීම් දිනා ගැනීමට නොහැකිය. විශේෂයෙන්ම වැඩ වර්ජන රැල්ලක් ඇති අවස්ථාවක කිසිම ඉල්ලීමක් ලබා ගැනීමට කාටවත් හැකියාවක් නැත. එනිසා මේ වර්ජන රැල්ලේ අරමුණ ඉල්ලීම් දිනා ගැනීම නොව රජය මත දැඩි පීඩනයක් එල්ල කරමින් රජය පෙරළන තැතකට උත්සාහ දැරීම බව අවිවාදිතය. එවැනි අවශ්‍යතාවයක් ඇත්තේ වැඩ කරන ජනතාවට නොව එජාපයට හා ජවිපෙටය.

      න්‍යායාත්මකව මෙය වැරදි නොවිය හැකිය. පෝලන්තයේ කොමියුනිස්ට් රජය ලෙහ් වැලේසා විසින් පෙරළා දමන ලද්දේ එවන් වර්ජන රැල්ලකිනි. සෝවියට් රිමෝට් කන්ට්‍රෝල් ආඥාදායකත්වය බිඳ වැටී ඉන් පෝලන්තයට යම් යහපතක් අත්වූවායි මම සිතමි.

      වරද ඇත්තේ දැන් ජවිපෙට ඇති අරමුණෙහිය. ජවිපෙ අවශ්‍යතාවය අඩු තරමින් තමන්ගේ රජයක් පිහිටුවීමවත් නොවේ. මේ වර්ජන රැල්ල සාර්ථක වී නම් (ඊට ඉඩ අඩුය.) විය හැකි එකම දෙය රාජපක්ෂ රෙජීමය බිඳ වැටී එජාප රජයක් බිහිවීමය. මින් පළමුවැන්නට වඩා දෙවැන්න හොඳ බවට අඩු තරමින් ජවිපෙ වත් අපට ගැරන්ටියක් දිය හැකිද? නැත. ජවිපෙට වත් එජාපය ගැන විශ්වාසයක් නැති අතර ඔවුන්ගේ එකම අවශ්‍යතාව තම්න්ට දරුණු ලෙස රිදවූ ‘මහින්ද අයියාගෙන්’ පළි ගැනීමය. මෙවැනි පුද්ගලික පළි ගැනීම්වලට වැඩකරන ජනතාව අතකොළු කර ගත යුතු නැතැයි මම සිතමි.

      ඔබට ඉතිහාසය මතක නම් 1975-6 කාල වකවානුවේ සමසමාජ පක්ෂයද මීට සමාන වැඩ වර්ජන රැල්ලක් මෙහෙයවීම මඟින් සිරිමා බණ්ඩාරනායක රජය පෙරළීමට ඍජුව දායකත්වය සැපයීය. මීට හේතුව එන්. එම් පෙරේරා සමඟි පෙරමුණු ආණ්ඩුවෙන් එළවීම නිසා ඇතිවූ පුද්ගලික වෛරයයි. අවසානයේ සිරිමා බණ්ඩාරනායක වැටුණේ සමසමාජයද යට කරගෙනය. සියල්ලේ වාසිය ගත්තේ පැත්තක සිටි ජේ ආර්. ජයවර්ධනය.

      අද ජවිපෙට අවශ්‍ය වී ඇත්තේද එදා සමසමාජයට අවශ්‍ය වූ දෙයමද?

      - Taboo

  13. මහෝදර said

    ජේවීපී කාරයන් කියන කාළකන්නින්ගේ හැටි ඔයාකාරය. මොවුන් විශ්ව විද්යාල වලද මුලින්ම කරන්නේ, සමාජ ඇසුර අඩු හෝ දුෂ්කර පලාතකින් පනිණියාවූ [අන්දා ගැනීමට පහසු] හෝ හීනමානයෙන් පිරුනු පිරිසක් බාගෙන ඔවුන්ගේ ඔලු ගෙඩි තව තවත් තකතීරු, ඊර්ශ්යාකාරී හා අවජාතක අදහස් වලින් පිරවීමය. මෙසේ අන්දවනු ලබූ තකතීරුවන්, තමන්ව අන්දා ඇති බව හෝ, තමන් පවසන අදහස් කොතරම් ඔලමොට්ටල අදහස් දැයි පසුවී හෝ වටහා ගන්නේ ඉතා කලාතුරකිනි.

    තමුන්ගේ නායකයින් විසින් පවසන දේම වමාරා කෑම විනා බුද්ධිය විමසා සිතීමට හෝ කතා කිරීමට මොවුන්ට නොහැක.

    තරුණ ජීවිත දහස් ගනනක් විනාශය කරා ගෙන ගිය මානසික රෝගී විජේවීර මේ තකතිරුවන්ට වීරයෙකි! තුන්ඩු කැබල්ලට විදුලි පහන් නිවා නොදැමූ වරදට, වෙනත් පක්ෂයකට චන්දය දුන් වරදට, රූපවාහිනියේ සේවය කල වරදට මේ උන්මත්තකයින් කී දාහක් මරා දමන්නට ඇත්ද? ප්‍රේමකීර්තිද අල්විස් පවා මෘග ලෙස මරා දැමූ මේ ත්‍රස්ථවාදීන් දැන් කලා කරුවන් ගැනද කතා කරති.

    කෙසේ වුවත් මේවා කිසි දෙයක් තේරුම් ගැනීමට බැරි තරම් මේ අමනයින් ගේ ඔලු ගෙඩි හීනමානයෙන්, ඊරිසියාවෙන් හා මොට්ට කමින් පිරී ඇති බැවු ඉහත දැක්වෙන ජෙප්පන්ගේ මෝඩ කමෙන්ට්ස් තුලින්ම පැහැදිලිය.

  14. Kirimama said

    වැඩ වර්ජන හා හර්තාල් රෝග ලක්ෂණ පමණි… රෝග ලක්ෂණ රෝගය යයි වර්දවා වටහා ගත යුතු නොවේ.. ජවිපෙ ලංකාවේ හොඳම රෝග ලක්ෂණයයි… නමුත්.. රෝගී… මර්දිත.. ලංකා දේහයේ විසප්පු මතුවීම ජවිපෙ පමණක් වගකිවයුතු කරුණක් නොවේ.. හැමෝම අඩුවැඩි වශයෙන් එයට දායක වූ නියාව බැලූ බැලූ අත පෙනී යයි.. ‘පොදු ජනතාවගේ නිදහස’ යනුවෙන් වරනැගෙන විපිරියාසය ජනමාධ්‍ය නිදහස.. හෝ අනෙකුත් නිදහස් කාමයන් මෙන්ම සාපෙක්ෂ එකකි.. ජවිපෙ නැවත වලේ වටීමට යයි.. චම්පිකව දකුණෙන් ඉස්සර කිරීමට යාම ඓතිහාසිකව ඛෙළවා ගැනීමකි..බත්මූණෙන් ඇත්මූණ බිඳීම පරාජය වූ උපාය මාර්ගයකි…

  15. This post and some of the comments are misleading and unfair. The strike was not politically motivated. People find it extremely difficult to cope up with the rise in cost of living primarily created by the high inflation rates of present regime. This was the result of arbitrary money printing for the last four years.

    In practical terms, for the same amount, now one can purchase only half of what could be purchased under the UNP government few years back. Isn’t it fair for them to ask for more? Should the government behave as Mr. Bumble in Charles Dickens’ Oliver Twist when poor out of desperation ask for a bit more to keep their feet on the ground?

    Ajith P. Perera
    Western Provincial Councilor
    Chief Organiser, UNP, Bandaragama electorate

    • Kariyawasam said

      Ane palayan ban yanna. Gihin ara law entrance wala kollo kellannta oya bana kiyapan! prices of commodity is ever changing and there’s no going back to good old days. you will soon ask for ‘ETA ATA’ if we again go back to UNP regime in 77′. We all know that you are a henchman of Ranil. But keep some dignity without being another AKILA or SAGALA.

    • Kariyawasam said

      Ane palayan ban yanna. Owa gihilla ara law entrance wala kellan kollanta kiyala ganak hambakaragaanda honde…… The prices of commodity is ever increasing from that dim and distant date and you don’t have to lie about Charles Dickens to show your class. you were and are a HARAMANIS in the law college and in the profession. don’t try to distort facts which are very clear to the public and this strikes are being handled by UNP jathika sevaka sangamaya on a directive from your Leader. We know that you are a henchman of RW but don’t fall to the level of AKILa and SAGALa……….

    • bambaradeniya said

      In practical terms, for the same amount, now one can purchase only half of what could be purchased under the UNP government few years back. Isn’t it fair for them to ask for more? Should the government behave as Mr. Bumble in Charles Dickens’ Oliver Twist when poor out of desperation ask for a bit more to keep their feet on the ground?

      Ajith P. Perera
      Western Provincial Councilor
      Chief Organiser, UNP, Bandaragama electorate

      Reply ………………………………………………………………..

      Dear Ajith — Many people in Sri Lanka cannot understand who Mr Bumble is – this is the problem of UNP. This is worse than Ranils bracelat talk.

      Your statistics are very wrong. When you have a gap of 67% to 23% you are talking of a gap of 40% and not of an imporvement. ( EVER)…………….

      Such loose talk make good educated UNPers look as they are blind fools……………….

      Please remember that UNP had been a party with traditions.. so no single fool can talk on his own and destroy the good image…….

      Young Ajith Pee……….

      Please see the film ” Fiddler on the roof ” to see how to handle a problem when you are lost.

  16. Deepthi said

    who is giving money for ‘gini polee..’ There is a person who prints money and gives money for interest! can you give us a clue?

  17. ස්වදේශිකයා said

    අජිත් පී. (පොළී) පෙරේරා රාමචන්ද්‍රට කඩේ යයි.
    රාමචන්ද්‍ර සරත් ෆොන්සේකාට කඩේ යයි.
    සරත් ෆොන්සේකා රනිල්ට කඩේ යයි.
    රනිල් ඇමෙරිකාවට කඩේ යයි.

  18. ශෂි රණසිංහ said

    සවදේශිකයා ,හරි සිම්පල්නේ……රාජපක්ෂලාට පුක දෙයි.

  19. පුරවැසියෙක් said

    තවත් දෙයක් එකතු කරන්න පුලුවන් මේ පෝස්ට් එකට.
    ඊයේ, ඔක්කෝබර් 27 වෙනිදා සවස යුනියන් පෙදෙසේ සිට පිටකොටුව වනතෙක් එක දිගට ට්‍රැෆික්. වාහන පැය 2කට ආසන්න වෙලාවක් එකම තැන නැවතී තිබුන. හේතුව, උපාධිධාරී රැකියා විරහිත සංගමයේ උද්ඝෝෂණය. මේක මෙහෙයවූයේ ජවිපෙ.
    ඔය ට්‍රැෆික් එකේ හිටපු කීයෙන් කීදෙනෙක් ජවිපෙ හොඳ කියන්න ඇත්ද?

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>