සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects

ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.

විධායක ජනාධිපතිකම නැති කිරීමට මිලිටරි ආඥාදායකත්වයක් ගෙනෙමුද? | Should a Military Dictatorship replace the Executive Presidency?

Posted by Taboo on October 25, 2009

hitler

මේ කවුද? මොනවද කරන්නෙ?


1978දී අපේ රටට හඳුන්වා දෙනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය පළමුවරට බරපතළ ලෙස විවේචනය කළ දේශපාලනඥයා ආචාර්ය එන්. එම් පෙරේරාය. එන්. එම්. මියගියේ 1979දීය. මේ කෙටි කාලය තුළ ඔහු විධායක ජනාධිපති ක්‍රමයේ ගැටළු ඉතා පැහැදිළි ලෙස දක්වමින් පොත් පිංචක් ලියා තිබේ. අද අප දන්නා අරුතින් මාක්ස්වාදියකු නුවුවද එන්. එම්ට බ්‍රිතාන්‍යයේ එවකට කම්කරු පක්ෂයේ ලයින් එකට සමාන්තරව ගිය, අවිගත් විප්ලවය වෙනුවට, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා වාමාංශික දේශපාලන දැක්මක් තිබුණේය. ඔහු කිසිම අත්දැකීමක් නැතිව විධායක ජනාධිපති ක්‍රමයේ ලුහුඬුතා දුටුවේ මේ ඉවෙනි. විධායක ජනාධිපති ක්‍රමය අද විවේචනය කරන බොහෝදෙනකු එහි වැරදි දුටුවේ එන්. එම්ට බොහෝ පසුව තමන්ටම හොම්බ බිම ඇනෙන්නට වැදුණු පසුය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රාජ්‍යපාලනය සඳහා මිනිසා විසින් නිර්මාණය කරගත් හොඳම ක්‍රමයක් සේ සැලකිය හැකිය. සියයට සියයක් නිවැරදි නුවුවද, එය අන් කිසිදු විකල්ප පාලන ක්‍රමයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලකයන්ගේ හැසිරීම පාර්ලිමේන්තුව මඟින් සීමා කරයි. බ්‍රිතාන්‍යයේ අගමැතිවරයාට හෝ ඉන්දීය අගමැතිවරයාට ලැබී ඇති බලතල ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට නීතියෙන් ලැබෙන බලතල වලට වඩා බෙහෙවින් අඩුය. Power corrupts and absolute power corrupts absolutely කියා කීවේ Animal Farm නවකතාවේ ජෝර්ජ් ඕවල්ය. විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙන් නොව දරුණු ලෙස පාලකයන්ට නීතිය තම අතට ගන්නට ඉඩ ඇති මෙවලමක් සේ දකින්නට එන්. එම්. මේ ප්‍රකට කියමන පදනම් කොට ගත්තා විය හැකිය.

එන්. එම්. බොහෝ දුරට නිවැරදි විය. එතෙක් මෙතෙක් විධායක ජනාධිපති ධුරය දැරූ හැමදෙනාම පාහේ හිතුවක්කාර ලෙස නීතිය තම අතට ගත්හ. එය මෙතෙක් දරණ ලද දුර්වලම පුද්ගලයාද, ඊට මහජන ඡන්දයෙන් පත් නොවූ එකම පුද්ගලයාද වන ඩී. බී. විජේතුංග පවා තම ව්‍යාපාරික හිතවතුන්ට උදව් කිරීම සඳහා විධායක ජනාධිපති පදවිය සතු බලතල වැරදි ලෙස භාවිතා කළේය. (බොහෝ දෙනකු නොදන්නවාට විජේතුංගගේ පාලන සමය අතිශයින් දූෂිත එකකි. එකම වෙනස හම්බකර ගත්තේ ඔහු නොව එක්සත් ජාතික පක්ෂයේ අනෙකුන් වීමය. මහරාජා බඳු යූ ඇන් පී හිතැති වෙළඳ ව්‍යාපාර මේ යුගයේ ලද අතිරේක රාජ්‍ය අනුග්‍රහය අපමණය.) අනෙකුන් ගැන කියනුම කවරේද?

එන්. එම්ට නොතිබුණු ජනාධිපති ක්‍රමය පිළිබඳ දශක තුනකට වැඩි අත්දැකීම් දැන් අපට ඇත්තේය. ඒ නිසා ඒ ගැන වඩා නිවැරදි තීන්දුවක් ගන්නට දැන් අපට හැකිවිය යුතුය.

විධායක ජනාධිපති ක්‍රමය භයානක බැව් සත්‍යයක් මුත්, අනෙක් අතට අප අත් දුටුවක් නම් ලංකාව වැනි රටක විධායක ජනාධිපති ක්‍රමයක් නැතිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ පවා පාලකයකුට අවශ්‍ය නම් අන්තනෝමතික ලෙස හැසිරීමට බැරිකමක් නැති බවයි. උදාහරණ හැටියට 1970-77 කාලය තුළ සිරිමා බණ්ඩාරනායකගේද, ඊට සමාන්තර වකවානුවක හදිසි නීතිය යටතේ ඉන්දිරා ගාන්ධිගේද හිතුවක්කාර හැසිරීම් දැක්විය හැකිය. මේ කිසිම වගකීමකින් තොරව පිස්සු කෙළින්නේ විධායක බලැති ජනාධිපතිවරුන් නොව පාර්ලිමේන්තුවට වගකිවයුතු අගමැතිනියන්ය.

මෙසේ විය හැක්කේ කෙසේද යන්න ඉතාම සරලව පහදා දිය හැකිය. මහා බ්‍රිතාන්‍යයේ පශ්චාත් ධනවාදී සමාජය වෙනුවට දකුණු ආසියාවේ තවමත් ඇත්තේ ප්‍රාථමික වැඩවසම් සමාජයකි. ඒ වැඩවසම් සමාජයේ පුරවැසියා සතු සිවිල් බලය හීනය. දේශපාලන අවබෝධය අවමය. මේ දුර්වලතාවයන් දඩ මීමා කරගන්නා පාලකයන්ට හිතුවක්කාර ඒකාධිපති පාලනයක් ගෙන යාමට ක්‍රමය කුමක් වුවද එය ගැටළුවක් නොවේ. උදාහරණයක් හැටියට සිරිමා බණ්ඩාරනායක අගමැති හැටියටත් ජේ. ආර් ජයවර්ධන විධායක ජනාධිපති හැටියටත් ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කළ කලාවේ කිසිම වෙනසක් වූයේ නොවේ. 1971 ජවිපෙ සමූලඝාතනය ඇසින් දුටුවන්ගේ මතය එය 1989දී කරන ලද මර්ධනයටත් වඩා අතිශයින් සැහැසි වූ බවයි. (ජවිපෙ ත්‍රස්තවාදීන් පූස් පැටියන් යැයි මෙයින් අදහස් නොකෙරේ.) එසේම මහජන කැමැත්තක් නොලබා තම ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමටද සිරිමා බණ්ඩාරනායකට ජනාධිපති විධායක බලතල අවශ්‍ය වූයේ නැත. නිරායුධ විරෝධතාවන්ට වෙඩි තබමින් 1974දී යාපනයේදී තරුණයන් එකොළොස් දෙනකුද, 1976දී පේරාදෙණිය සරසවියේ වීරසූරිය ශිෂ්‍යයාද මරා දමන ලද්දේ අද විධායක ජනාධිපති සතු බලතල කිසිවක් නැතිවය.

එසේම අපට ඇති තව අවබෝධයක් නම් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය බලයට පැමිණි කල්හි විධායක ජනාධිපති පදවියේ පවා තටු එක්තරා මට්ටමකට සිඳෙන බවයි. එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ බල බිඳෙනු අපි දුටිමු. බලය තිබුණේ සාමාන්‍යයෙන් නාමික පදවියක් සේ ගැනෙන අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ අතය. තම ඇමති පදවි තුනක් ඇය විසින් උදුරාගත් අවස්ථාවේ උද්ධච්ඡ නොවී ඥාණාන්විතව කටයුතු කළේ නම් වික්‍රමසිංහට තවදුරටත් ඇය සීමා කිරීමට ඉඩ තිබුණේය. මේ බල තුලනය වැළකුණේ වික්‍රමසිංහගේ දුර්වල රාජතාන්ත්‍රිකභාවය නිසා මිස ක්‍රමයේ වරදක් නිසා නොවේ.

මේ දීර්ඝ අටුවාව අද සිදුවෙමින් පවතින කතාබහට අතිශයින් වැදගත් වේ.

විධායක ජනාධිපතිකම මොහොතකට අමතක කොට මිලිටරි ආණ්ඩුක්‍රමය දෙසට හැරෙමු. වාසනාවකට මෙන් අපේ රටේ මිලිටරි පාලනයක් තවම ඇති වී නැත්තේය. එනිසා අපට මේ ගැන අධ්‍යයනය කළ හැක්කේ නුදුරු පාකිස්තානයේ, බංග්ලාදේශයේ හා බුරුමයේ අත්දැකීම් ආශ්‍රයෙනි.

මිලිටරි ආඥාදායකත්වයක් අප දන්නා සියළුම පාලන ක්‍රමයන්ට වඩා භයානක විය හැකිය. කෙතරම් ප්‍රාථමික වුවද රාජාණ්ඩුවක වුව රජතුමන්ගේ හැසිරීම එක්තරා මට්ටමකට ජන සම්මතය මඟින් පාලනය කොට තිබේ. උදාහරණයක් හැටියට මහනුවර අවසාන සමයේ රජකළ නායක්කර් වංශික රජුන්ට පවා බහුතර ජනතාවගේ ආගම නොපිළිගෙන නොසිටිය හැකි විය. එහෙත් මිලිටරි අඥාදායකත්වයකට මේ සීමා බල නොපායි. බුරුමය බහුතර බෞද්ධ ජනගහණයක් වෙසෙන රටක් වීම එරට කිතුණු හමුදා පාලනයට ප්‍රශ්නයක් නොවේ.

මිලිටරි පාලනයේ භයානකත්වය වටහා ගැනීමට පාකිස්තානයේ සියා-උල්-හක්ගේ හැසිරීම පමණක් වුව ප්‍රමාණවත්ය. ඔහු ඉතා දරුණු ලෙස පූර්වගාමියා වූ සුල්ෆිකාර් අලි භුට්ටෝ මරා දමයි. ඒ නාඳුනන තුවක්කුකරුවකු ලවා නොව රටේ නීතිය අන්තනෝමතික ලෙස තම අතට ගැනීමෙනි. සමස්ත අධිකරණ පද්ධතියම මෙහිදී සියා-උල්-හක්ගේ අවශ්‍යතා අනුව සේවය කරයි. මේ මරණයට පත් කෙරෙන්නේ පාකිස්තානු ජනතාව වැඩිඡන්දයෙන් තෝරා පත්කොට ගන්නා ලද අගමැතිවරයකු බව සැලකුව මනාය. ඒ සඳහා භුට්ටෝට එරෙහිව නඟන චෝදනා වලට සමාන චෝදනා අවශ්‍ය නම් (උදාරණයක් හැටියට) ලංකාවේදී චන්ද්‍රිකා කුමාරතුංගට හෝ රනිල් වික්‍රමසිංහට එල්ල කළ හැකිය. භුට්ටෝට වඩා පහසුවෙන් මොවුන් එල්ලා මැරිය හැකිය. එහෙත් මිලිටරි ආඥාදායකත්වයේ බලය ඒය. දේශීය හෝ අන්තර්ජාතික වශයෙන් ඒ බලය ප්‍රශ්න කළ හැකි කෙනකු නොවේ. ඉතාම දැඩි අන්තර්ජාතික පීඩනයක මුහුණ දෙමින් වුවද බුරුමයේ පාලක ජුන්ටාව තම බලය රැකගනී.

මේ අත්දැකීම් ඇසුරින් අපට පැහැදිළි වන්නේ කොයිතරම් වැරදි තිබුනද විධායක ජනාධිපතික්‍රමය මිලිටරි අඥාදායකත්වයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදී බවය. විධායක ජනාධිපති ක්‍රමයේ ඇති වැරදි නිවැරදි කරගත හැකි වෙනත් ආකාර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන් checks and balances ක්‍රමයක් ඇති කිරීම එක් ආකාරයකි. මේ රාජ්‍ය බලය බෙදීමේ ක්‍රියාවලිය තුළින් එක් ආයතනයක/පදවියක බලය වෙනත් ආයතනයක් මඟින් සූක්ෂ්ම ලෙස පාලනය වේ. එසේ නොමැතිව විධායක ජනාධිපති ක්‍රමයේ වැරදි නිවැරදිකිරීම සඳහා මිලිටරි අඥාදායකත්වයක සරණ සොයා යාම ඉඟුරු දීලා මිරිස් ගැනීමට හෝ මූණ සමඟ තරහට නහය කපා ගැනීමට වඩා භයානකය. හුදෙක් ප්‍රභාකරන්ට එරෙහි යුද්ධය ජයග්‍රහණය කිරීමේ ආහ්ලාදයෙන් හෝ පුද්ගල වෛරයක් නිසා මිලිටරි ඒකාධිපතියකුට නැඟෙන්නට ඉඩ දිය යුතු නොවේ. එය රටක් ලෙස අප සිටින පසුගාමී ලක්ෂ්‍යයෙන්ද පසුපසට පැනීමකි.

එසේම මිලිටරි ආඥාදායකත්වයක් අවි බලයෙන්ම ඇති විය යුතු නොවේ. මැතිවරණයක් පවා එවැන්නකට මඟ පාදයි. ඇඩොල්ෆ් හිට්ලර් නාසි ජර්මනියේ චාන්සලර් වන්නේ හමුදා කුමන්ත්‍රණයකින් නොව පොදුජනතාවගේ කැමැත්ත ඇතිවය. පොදු ජනතාව විසින් යහපත් අරමුණින් යුතුව ලබාදෙන කැමැත්ත හමුදා නායකයකුට ඉතාම ලෙහෙසියෙන් තම වාසියට හරවා ගත හැකිය. එසේවන්නේ සාමාන්‍ය දේශපාලකයකුට මෙන් නොව හමුදාව තුළින්ම බිහිවූ නායකයකුට යම්තාක් දුරකට යුද්ධ හමුදාව හැසිරවීමේ ශක්‍යතාවයක් ඇති නිසාය. මේනිසා ජන සම්මතවාදයට පිටුපෑම එවැන්නකුට වඩා පහසුය. මෙවැනි උදාහරණ අවශ්‍ය තරම් අප්‍රිකානු රටවලින් හමුවේ. අප්‍රිකාවේ පසුව සැහැසි ඒකාධිපතියන් බවට පත්වූ බොහෝ මිලිටරි නායකයින් මුලින්ම කරළියට ඇවිත් ඇත්තේ මහා ජනහිතකාමීන් ලෙසය. මේ බැටළුවන් වෘකයින් බවට පරිවර්තනය වන්නේ පසුවය.

මේ රටේ දේශපාලන විපක්ෂය දැන් කෙතෙක් ඉච්ඡා භංගත්වයකට පත්වී ඇත්ද යත් රට දරුණු මිලිටරි ආඥාදායකත්වයට ලක්විය හැකි දැඩි අවදානම් උපක්‍රම පවා අත්හදා බැලීමට උත්සාහ දරණ සෙයක් පෙනේ. රට වැඩවසම් රාජාණ්ඩුවක් කරා ඇදීයාම වැළක්වීම කෙතෙක් අවශ්‍ය වුව එයින් අදහස් වන්නේ මෙරට මහජනතාව මේ දේශපාලන පක්ෂයන්හි ඉච්ඡා භංගත්වය තමන්ගේ එකක් බවට පත්කොටගෙන කබලෙන් ලිපට වැටිය යුතු බව නම් නොවේ. රනිල් වික්‍රමසිංහට හෝ සෝමවංශ අමරසිංහට මිස අපට එවැනි පිස්සුවක් නැත.

34 Responses to “විධායක ජනාධිපතිකම නැති කිරීමට මිලිටරි ආඥාදායකත්වයක් ගෙනෙමුද? | Should a Military Dictatorship replace the Executive Presidency?”

  1. සසංක ලියනගේ said

    ඔබ මතු කරන කාරණය කාගේත් ඇස් අරවන්නක් වේවා!
    සමහරු ඔය ඔබ කියන බල මාරුවට කැමති වන්නේ “මහ රජාණන්” යටතේ සිටින නිලධරයන් හා අනෙකුත් අය කරන හොරකම්, මිලිටරි-ආකාර පාලනයක් යටතේ අවම වේ යැයි අවංකවම බලාපොරොත්තුවෙන්. එහෙත් මට කල්පනා වුණු කාරණය වන්නේ එවැනි පාලනයක් යටතේ වුවත් සිටිනු ඇත්තේ වැඩිහරියක් ම මේ නිලධරයන් ම නිසාත් මුළු මහත් නිලධාරිතන්ත්‍රයම අවංක පුද්ගලයන්ගෙන් ආදේශ කිරීමට නොහැකි නිසාත් දශක 3 කට වඩා කාලයක් තිස්සේ පිනුල් වෙමින් පවතින මේ ක්ලෙප්ටොක්රැසිය මිලිටරි-ආකාර පාලනයක් මගින් සුද්ද කරන්නට පුළුවන් ද යන්න යි.

    • Taboo said

      ඩී. ඇස්. සේනානායක යුගයේ මෙරට දූෂණයක් තිබුණේ නැත. ඒ එකල දේශපාලකයන් මෙන්ම නිලධරයන්ද යමක් කමක් ඇති පවුල් වලින් පැමිණි පදවිය ස්වාර්ථය සඳහා යොදා ගැනීමට අවශ්‍යතාවයක් නොවූවන් වීමයි. එහෙත් 1956න් පසුව හැම පන්තියකින්ම රාජ්‍ය සේවයට හා දේශපාලනයට යොමු වෙද්දී, හැම ආණ්ඩුවක් යටතේම දූෂණය මහා පරිමාණයෙන් සිදුවිය. ක්‍රමය කවරක් වුවත් පුද්ගලයා කවරකු වුවත් මෙය සිදුවේ. ඒ හැමදෙනාටම මානුෂික අවශ්‍යතා ඇති නිසාය. සිංගප්පූරුව වැනි රටවල් දූෂණය මර්ධනය කර ඇත්තේ දේශපාලකයන් හා රජයේ නිලධරයන් ඉහළ වැටුප් තල වල පිහිටුවමිනි. එමඟින් හොරා කන්නට ඇති අවශ්‍යතාවය අවම කර ඇත. එසේ නොමැතිනම් ලෝකයේ අවංකම පුද්ගලයා ලංකාවේ ජනාධිපති වුවද හොරා කෑම සිදුවනු ඇත.

      - Taboo

      • Dappi Sira said

        Taboo, I see your point, but the same can be mis-interpreted easily. Better be more careful with your word choices.

  2. Kirimama said

    This is simply ‘desperation’. No one can expect a win-win situation up until the whole political sytem implodes. Implosion taking place in Economic, Social, Legal and Political sectors. The state is weakest in post colonial period. ‘wish 2005 presidential election’ was not the last.

  3. ලඟදී දවසක fm මැටි ගිරවෙක් අපේ ආදරනීය හමුදාපති තුමෙක් ගැන කියනවා. තමුන්ගෙ යටතෙ ඉන්න සාමාන්‍ය සෙබලුන්ට පයින් ගහන්න තරම් ෆොන්සේකා ආදරනීය බව මුං දන්නෙ නැතුව ඇති.
    මේ කියන පුද්ගල සාධකය මතු නොකර ඔබ දක්වන අදහස ඉතාම නිවැරදියි.
    නන්නත්තාර වෙච්ච විපක්සෙ මේ සරත් විතරක් නෙවෙයි අනිත් සරත් ගැනත් hopes තියාගෙන ඉන්න බවක් පේනවා. අපරාදෙ කියන්න බෑ ජනාධිපති කමට කියාපු මිනිහා.
    ඔක්කොම qualification තියෙනවා ඉහටත් උඩින්.

    I’d like to make this correction to your post. In burma, military junta is pro buddhist. It is welknown fact that non-buddhist were suffering religious descrimination and persecution under military regime..

    http://en.wikipedia.org/wiki/Burma#Religion

    -විජයබාහු

  4. Sakalabujan said

    සමාජවාදය විසින් ලෝකයට දායාද කල හොද දේ කොතෙක් තිබුනද, මා වෑඩිපුරම විරුද්ධවන්නේ, ඔවුන්ගේ “සන්නද්ධ අරගලයක් තුලින් බලය ඈල්ලිය යුතුය” යන ප්‍රතිපත්තියටය.

    Rason: as you said, it lead to absolute power; an absolutely dangerous situation. “Freedom of choice” is the best-thing Democracy could offer,despite all it’s short comings.

  5. Kirimama said

    අපිට කොයිං රජුං…

    Max Weber: Politics as a Vocation

    http://www.ne.jp/asahi/moriyuki/abukuma/weber/lecture/politics_vocation.html

    Only he has the calling for politics who is sure that he shall not crumble when the world from his point of view is too stupid or too base for what he wants to offer. Only he who in the face of all this can say ‘In spite of all!’ has the calling for politics.

  6. bambaradeniya said

    The English Film “Winds rise” analysis the methods used by Hitler to come to power and subdue the world. In addition films like , Pianist, Nuremburg, Black Fox, Valkaris , shows the devastating out come when such military Corporals come to power.

    Same could be said about young Military Captain Napoleon Bonaparte. After coming to power, he engineered new machinery of justice, in which judges became cogs obeying the leavers of appointment and promotions pulled by him. After 24th December 1800 failed assassination plot by Royalists, he killed many French nationals through his justice system. Further in 20th March 1804 he kidnapped Bourbon Prince, Duc d’ Enghien from neutral territory and shot him on false charges trumped up by his justice system. ( to ensure his rise to become the Emperor).

    Let us look no further, even our Prabakaran came to wield power showing he is the only savoir of Tamils of Ceylon. After 30 years he ended up shooting and killing Tamils , men, women, children ,when they ( innocent civilians) tried to escape in to government controlled area. ( 2009 March).

    Wining a war does not make a person, a good ruler during peace times. English did not re-elect Churchill, after winning the 2nd world war. Nor did American Generals like Patton or Bradley, try to come in to politics even after wining a WORLD WAR.

    • පාල said

      “English did not re-elect Churchill, after winning the 2nd world war” [He indeed was reelected in 1951]

      “Nor did American Generals like Patton or Bradley, try to come in to politics even after wining a WORLD WAR” [But Eisenhower did]

      බඔරදෙණිය මහතාණනි,

      බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාවේ නිලයක් දැරූ චර්චිල් 1945 මැතිවරණයෙන් පැරදුනු නමුදු 1951 දී පවත්වන ලද මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ සාමය පවතින කාලයකයි. ඔහු 1955 දී එම ධුරයෙන් ඉල්ලා අස් වූයේ තම සෞඛ්‍යය පිරිහීම හේතුවෙනි.

      අමෙරිකානු යුද්ධ සෙන්පතියන් වූ යුලිසිස් ග්‍රාන්ට් සහ ඩී. ඩී. අයිසන්හවර් එරටේ ජනාධිපති ධුරයට (දෙවර බැගින්) පත් වුණු අය වෙති. මේ දෙදෙනාම දිගු කාලීන යුද්ධ ජය ගත් අය වෙති.

      එම නිසා ඔබ ඉහත සඳහන් කළ දේ නිවැරදි කළ යුතු වේ.

      • bambaradeniya said

        Dear Pala,

        You are absolutely correct…………………………………………
        But what I said or clarified was – NOY JUST after the WORLD WAR was over. They came after a proper political carrier over 10 years.
        චර්චිල්
        Churchill was the Pri Minister who got re-elected (6) years after the WORLD war.
        ඩී. ඩී. අයිසන්හවර්
        Dwight D Eisenhower got elected after (9) years after the World War, –
        යුලිසිස් ග්‍රාන්ට්
        Ulysses S Grant was Union Troops commander (1865), but he was the Secretary of Defence ( WAR) before he became the President. He is thought to be the WORST president of America, because of many scandals during his Presidency. ( Black Friday 1869- Credit Mobilise 1872- Tax 50% fraud 1875- Belk nap Bribery 1876).

        Dear Pala,
        Thank you for bringing in a very good point.

  7. Jundaiya said

    Taboo ayya, seen some logic in ur points. However you have forgotten or you may be not aware that opposition alliance will abolish this executive presidency system within 80 days from new president’s appointment. Thereafter no more executive presidencyin SL.SF or whoever appointed as president , will become nominal president ( same like Mr W. Gopallawa ) after that and Prime Minister who will become the chief of the state ,will be responsible to the parliament. Not sure this dream will become realistic , but if it happens , I think we all will be lucky.
    Hope for the best. Can not afford MR family to corrupt the state furthermore.

  8. bambaradeniya said

    සරත් ෆෝන්සේකා දැන් මහින්දට අරහං වගේ හරියට එපා වාහේට හොදි බෙදනවා වගේ……..
    සරත් මහත්තයාටත් කල හොඳ පස්සේන් එලවනවා වගේ………….

    කිරි හින්දා බොන්නත් බැරි ……….උනු හින්දා අභක දාන්නත් බැරිව දගලනවා.

    සරත් ෆෝන්සේකා ,ඔබ තුමා අවංකව කල දේ ඉර හඳ වගේ පැහැදිලියි………
    සිංහලයෝ තණකොල කන්නෙ නැතිබව අපි දන්නවා

  9. පාලිත said

    ටැබූගේ මතය ස්ථාපිත කිරීමට සිදුකරන්නාවු කරුණු දැක්වීමේදී ඔහු විසින් වැරදි අදහස් පෙළක්ද දක්වා ඇති බව පෙනේ.බුරුමයේ මිලිටරි ජුන්ටාව ක්‍රිස්තියානි යැයි කීම නිවරැදි නොවේ.එහි තවමත් ශුද්ධ යැයි සම්මත බුදුදහම පවතින්නේ රාජානුග්‍රහයෙනි.නමුත් බුරුමය චීනය සහ ඇමරිකාවේ බලය පරීක්ෂාකිරීමට යොදාගනුලබන රටක් නිසා(සීතල යුද සමයේදී මෙන්) හාමුදුරුවරුන්ටද මෙය මගහැරිය නොහැකි තත්ත්වයක් බවට පත්ව ඇත. ඔබ විසින් ඩී.එස්. සේනානායකගේ දූෂිත නොවන පාලන සමයක් ගැන කතාකර ඇත.ලාංකික ඉතිහාසයේ වංචාවෙන් බලයට පත්වූ තවත් එකෙකු බවට පත්නොවීමට ජාතියේ පියාට හැකියාව ලැබෙන්නේ නැත.ඔහුද පල්හොරෙකි.බලදේශපාලනය ඉදිරිපිට කිසිවෙක් අහිංසක වන්නේ නැත. ඔබගේ කරුණු දැක්වීම තුල අනාගත හිට්ලර් කෙනෙකු පිළිබද අදහසක් ඉදිරිපත් කළද හිට්ලර් කෙනෙක් අළුතින් බිහිවීමට අවශ්‍ය නැත.ඔබ පවසා ඇති පරිදිම ජනසම්මතයෙන් බලයට පැමිණි හිට්ලර් තමන්ට ජන්දය දුන් ජර්මානු ජනතාවට දුෂ්ඨයෙක් වූයේ නැත.ඔහු හිට්ලර් සංකල්පයක් බවට පත්වූයේ යුදෙව්වන්ට සහ ජර්මානු නොවන ප්‍රජාව සදහාය.ලංකාවේ දැනටමත් හිට්ලර් සංකල්පය ක්‍රියාත්මක බව ඔබට අමතක වී ඇත. ඒ සිංහලයින්ට නොව දෙමළුන්ටය.ගෑස් චේම්බර්ස් වල දමා ලක්ෂ 60ක් යුදෙව්වන් මරණ විට ජර්මානු ජනතාව විරෝධයක් දැක්වූ බවක් ඉතිහාසයේ දක්නට නැත(සුළු සුළු කොටස් හැරුණු කොට). ඒ ආකාරයෙන්ම දෙමළුන් ලක්ෂ ගණනක් නූතන ගෑස් චේමබර්ස් තුල පණපිටින් වැළලෙන විට මහරජාට හුරේ දැමීමට ඔබද එක්වන්නේ එක සමාන වපසරියක් තුලය.කෙසේ වුවද ඔබ විසින් සියළු කරුණු ගොනුකොට ගොඩනැගීමට උත්සාහකරන තර්කය තුල සරත්ට වඩා මහින්ද හොදද යන්න පිළිබද ඔබගේ කරුණු දැක්වීම තුල මහින්දගේ හොදට වඩා ඔබවිසින් සරත් පැමිණීමේ නරක පෙන්වා දෙයි.එසේ වුවද මගේ අදහස නම් සරත්ගේ පැමිණීම තුල හොද නරක සදහා යම්කිසි හෝ ඉඩකඩක් තිබුනද (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට) මහරජානන් තුලින්නම් එය කිසිලෙසකින් වත් බලාපොරොත්තු විය නොහැකි බවයි.ඔහුගේ පරම්පරාව ගොඩනැගෙන්නේ යම්සේද, පාරම්පරිකව ගොඩනැගී නිද්‍රාගතව තිබූ අධික බලතණ්හාව හේතුකොට කිසිලෙසකින්වත් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ කිසිදු ශක්‍යතාවයක් නොමැති බවයි.

    • Taboo said

      @පාලිත,

      [උපුටනය]එසේ වුවද මගේ අදහස නම් සරත්ගේ පැමිණීම තුල හොද නරක සදහා යම්කිසි හෝ ඉඩකඩක් තිබුනද (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට)… [නුපුටනය]

      කිසිම පාලකයකු තම අතින්ම තම තටු සිඳ නොගනු ඇත.

      - Taboo

    • Taboo said

      @පාලිත,

      ඩී. ඇස්. සේනානායක සමයේ මෙරට නොතිබුණේ අද මෙන් හැම ටෙන්ඩරයකින්ම නිර්ලජ්ජිතව ගසාකන, පුද පඬුරු නොදී ව්‍යාපාරික කටයුතු කරන්නට ඉඩ නොදෙන තාලයේ බාල දූෂණයකි. බල පොරය ඩී.ඇස්. ගේ කාලයේ පමණක් නොව දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලයේද තිබුණේය.

      - Taboo

  10. Taboo said

    @පාලිත,

    මට ඔබෙන් සරල ප්‍රශ්නයක් අසන්නට ඉඩ දෙන්න.

    මේ මොහොතේ රාජපක්ෂ හා ෆොන්සේකා පමණක් තරග කරන (සාධාරණව පැවැත්වේ යැයි උපකල්පිත)ජනාධිපතිවරණයක් වේ නම් දෙමළ ජනතාව ඔවුනට තම ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔබට කිව හැකිද?

    මගේ කියැවීම 50% දෙමළ ජනතාව ඡන්දය වාරණය කරනු ලබන අතර රාජපක්ෂ ලෙහෙසියෙන්ම ප්‍රකාශිත දෙමළ ඡන්ද සංඛ්‍යාවෙන් 95%කට වඩා දිනා ගනු ඇති බවය.

    ඔබේ කියැවීම මීට වෙනස් නම් කරුණාකර පැහැදිළි කරන්න.

    - Taboo

    • පාලිත said

      95% ක් කෙසේ වෙතත් පවතින තත්ත්වය තුල රාජපක්ෂගේ ජයග්‍රහණය අනිවාර්යය. එසේ වුවද ඊට වැඩිම බලපෑමක් සිදුකළ හැකි පුද්ගලයා ලෙස මේ මොහොත වන විට පත්ව සිටින්නේ සරත් ෆොන්සේකා බව මාගේ අදහසයි.සරත්ට සහාය දැක්වීමට අළුතින් ඉදිරිපත්ව සිටින බොහෝමයක්ම (යූඇන්පී, ජේවීපී සහ රාජ්‍ය නොවන සංවිධාන පවා) ඔහුට සහාය දක්වනුයේ මේ පදනමේ සිටය.ඊට හේතුව මහින්දගේ ජනප්‍රියතාවයට හේතුවන ප්‍රධානතම කාරණය වන යුධ ජයග්‍රහණයේ නිසාම ජනප්‍රියත්වයට පත් අනෙක් පුද්ගලයා සරත් ෆොන්සේකා වීමය.

      • Taboo said

        @පාලිත,

        මා කතා කරන්නේ සමස්ත ජනාධිපතිවරණය ගැන නොව දෙමළ ඡන්ද ගැනය.

        මේ රටේ දැඩිම පීඩනයට හසුවී සිටින ජන කොටස වන දෙමළුන්ද (ඔබේ ගැලැපීමට අනුව ‘යුදෙව්වන්’) ෆොන්සේකාට වඩා රාජපක්ෂ හොඳයි කියත් නම් අපට තවත් කියන්නට ඇත්තේ මොනවාද?

        මා යම් පුද්ගයලකුට සහය දක්වන්නේ ජනප්‍රියතාවය මත නොවේ. මගේ අදහස් වලට එකඟ වේ නම් මම ත්‍රී-වීලර් පක්ෂයකට වුව ඡන්දය දෙමි. මට එකඟ වන්නට බැරිනම් කොයිතරම් බලවතකු වුව විවේචනය කරමි. මම හුදෙක් A පරදවන්නට B සමඟ එක් නොවෙමි. B, Aට වඩා හොඳ නම් පමණක් එකඟ වෙමි.

        ඒ මගේ අරමුණු යූඇන්පී, ජේවීපී සහ රාජ්‍ය නොවන සංවිධානවල අරමුණු වලින් වෙනස් නිසාය.

        - Taboo

  11. Jundaiya said

    taboo
    apita hodata therenawa oyage unp/jvp ekath ekka thiyena tharaha, oya witharak nemei , maharajage hali hodana hamoma baya wela sarath agamanayata.apiita me welawe one kawuru hari lawa me maharaja ( executive presidantcy system)paraddala , janadipathi krame ahosi karala, eta passe even maharaja or ranil or taboo or any one can become the prime minster who is controlled by the parliment. By then no one can misuse the power as how it is today..

    • Taboo said

      @Jundaiya,

      අංක එක – සරත් ෆොන්සේකාගේ ‘ආගමනයක්’ ගැන බලාපොරොත්තු තබා ගැනීම විහිළුවකි. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බැව් තවමත් ෆොන්සේකා කියා නැත. අඩු තරමින් ෆොන්සේකා කර උඩ තියාගෙන යන ජවිපෙවත් ඔහු සමඟ මේ ගැන කතා කර නැත.

      අංක දෙක – ඔහු ජනාධිපතිවරණයට එන බව මට බිය වීමට හේතුවක් නොවේ. ඒ නිසා මට යමක් ලැබෙන්නේවත් අහිමි වන්නේ වත් නැත. මා බිය වන්නේ කුමටද?

      අංක තුන – හීන දැකීමේ වරදක් නැත. නමුත් කෙනෙකුට කරන්නට ඇත්තේ හීන දැකීම පමණක් නම් එතැන ලොකු ප්‍රශ්නයකි.

      - Taboo

      • Jundaiya said

        අංක එක – සරත් ෆොන්සේකාගේ ‘ආගමනයක්’ ගැන බලාපොරොත්තු තබා ගැනීම විහිළුවකි. තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බැව් තවමත් ෆොන්සේකා කියා නැත. අඩු තරමින් ෆොන්සේකා කර උඩ තියාගෙන යන ජවිපෙවත් ඔහු සමඟ මේ ගැන කතා කර නැත.

        Correct, but it need not to be discussed with normal people like you and me at this stage, but he has hinted this many times. We need him to come and change this.

        ඔහු ජනාධිපතිවරණයට එන බව මට බිය වීමට හේතුවක් නොවේ. ඒ නිසා මට යමක් ලැබෙන්නේවත් අහිමි වන්නේ වත් නැත. මා බිය වන්නේ කුමටද?

        I know, Taboo is not a person who goes behind bloody politicians for personal gains, but here you are scared because you don’t want to see your opinion / your views ( Mahinda is better than Gen Fonseka) is to be defeated.

        අංක තුන – හීන දැකීමේ වරදක් නැත. නමුත් කෙනෙකුට කරන්නට ඇත්තේ හීන දැකීම පමණක් නම් එතැන ලොකු ප්‍රශ්නයකි.

        We live to materialize our dreams, dreams guides us and keep us live. All difficult things are a dream at the beginning, Agree , dreams will never realize, unless you work hard which we have to understand and work hard to bring Mr Fonseka to defeat corrupted king and send him home for ever

        Finally, can you pls guide me how to comment in Sinhalese ?

  12. ටිකිරි බණ්ඩා said

    අනේ ඔය සරත් පොන්සේකා උන්නැහේ ජනාදිපති වෙලා දවස් 180කින් ඕං රීං ඒස්වාහ් කියලා විදායක ජනාදිපති පදවිය අහෝසි කරනවය කියල විස්වාස කොරගෙන ඉන්න පාලිත, රාමචන්දර වගේ උගත් මහත්තැන් කෙනෙක් මේ ටිකිරි බණ්ඩගෙ පුරස්න ටිකටත් උත්තර දුන්න නම් අගෙයි.

    1. මහත්තයො ඔය විදායක ජනාදිපතිකම නැති කොළාය කියල මේ අපි වගේ සොක්කන්ට තියෙන වාසිය මොකද්ද හැබෑට? ඒ හන්ද අපේ ගමට පාරක් හැදෙනවද? අපේ පොඩි එවුන්ට යන්ට හොඳ ඉස්කෝල ලැබෙනවද? අපට ඉස්පිටිතාලයක් ලැබෙනවද? කියමු බලන්ඩ.

    2. අනික මහත්තයො, වියවස්තාව වෙනස් කොරන්ට තුනෙන් දෙකේ බලයක් එපායැ. පොන්සේකා මහත්තයා ජනාදිපති වුනාය කියලම ඒක ලැබෙන්නේ නෑ නෙවැ. ඉතිං ඒක අර ගන්න හැටි කියමුකො. ඌඇම්පීකාරයොයි ජේවීපීකාරයොයි සන්දානයක් වත් ගහනවද? ඒ කොළත් උන්ට තුනෙන් දෙකක් තියා දිනන්ටවත් චන්ද ගන්ට පුළුවනෑ?

    3. හොඳයි, ඒකත් අරන් ජනාදිපතිකම නැති බංගස්තාන කොළාය කියමුකො. ඒ කරල රට ආණ්ඩු කොරන්නෙ කවුද හැබෑට? පොන්සේකා උන්නැහේද? රනිල් උන්නැහේද? එතකොට සෝමවංස උන්නැහේ ඉන්නේ විරුද්ද පස්සෙද? නැත්නං උන්නැහේට ඇමතිකමක් දෙනවද?

    4. ජනාදිපතිකම අහෝසි කොරල රට ආණ්ඩු කරන්නෙ රනිල් උන්නැහේ නං ඒක මහ රජ්ජුරුවන් රට ආණ්ඩු කොරනවට වඩා හොඳද? උන්නැහේ මහ රජ්ජුරුවන් වගේ දූසිතයෙක් නෙවෙයිද?

    5. හොඳයි, දැන් ඔය කිව්වට පොන්සේකා උන්නැහේ ජනාදිපති උනාට පස්සෙ මොකක් හරි හේතුවක් නිසා විදායක ජනාදිපතිකම නැති කොරන්ට බැරි උනාය කියමුකො. උදාහරණයක් හැටියට තුනෙන් දෙකක් නැති නිසා. එතකොට මොකද කොරන්නෙ? පොරොන්දු කඩ කොළා කියලා උන්නැහේ හිරේ දානවද?

    6. කිසිම දේසපාලන අත්දැකීමක් නැති පොන්සේකා උන්නැහේ ජනාදිපති කොරන්ට කියන එක අර 1994දි ගාමිණි මහත්තැන්ගේ නෝන මහත්තැන් ජනාදිපති කොරන්ට කිව්ව වගේ ලාමක කතාවක් නෙවෙයිද? ඇත්තටම එහෙම කියන්ට තරං අපේ විපස්සය බංකොළොත්ද?

    7. ඔක්කෝටම වැඩිය මහත්තයො හොඳටම විස්වාසද පොන්සේකා උන්නැහේට සහෝදරයෙක් නෑ කියලා. බැරි වෙලාවත් උන්නැහේ සහෝදර සමාගමක් අටවා ගත්තොත් මොන දෙයියන්ටද කියන්නේ?

    • Jundaiya said

      Ti KARI Bando, oya kiyana okkoma hari kiyamuko , ( no point of arguing with a person who doesn’t know to pronounce the name ( and who insults ) of the hero who saved our beloved mother land from bloody war)

      at lest have a courtesy to call Mr Sarath Fonseka As his correct name. If your PC doesn’t have the Sinhalese font for F , use it in English, ( else people some people will think he is a Pons like U , which is a insult to Mr Fonseka who saved our country from bloody terrorists )

  13. Jundaiya said

    tikiri banda , taboo athulu siyalu Fonseka (not Ponseka pls, he his not like ranil or mangala) wiruddawadita ( including Maharaja)

    1.We made him as president and he won the war by killing Praba as we wanted. But MR is too much now ,state is corrupted more than ever ( taboo, yes or no?) basil,dallus,wimal,merving and many miss uses the power with blessings of Mahinda ( miniha nodakka wage edala erida paththara karayanta call karala kiyanawa dappan mama mervinta hodatama banna kiyala, but same newspaper says manida was with merving watching the election results having some whisky ( may be anrkali also massaging JAJAPASSA which we don’t care). Also he won all the elections thanks to military victories and nw our beloved Gen S Fonseka is thrown out as a “curry leave” ( or a used condom as per Mangala).Tel me taboo is it correct or wrong ? ( no need detailed answer to confuse us , simply yes or no ? Mahnida would never won the war if no S.Fonseka , at least he should hav to hav some consideration for Mr fonseka rather ignoring him like this

    2.So, system is nw need a urgent change. I agree , ranil or jvp is not a solution , forget about JVP, we know wht mangala , ranil and corrupted ravi karunanayaka told to Gen Fonseka those days. Nw they are behind Mr fonseka , becs they know only he can defeat corrupted king. We all understand those , but why then U guys cant ague Mahindata to change as we expected in 2005 election ? then we no need to ask Mr Fonseka to contest. Mandinda is the one asked this ( ellagena kema). So now IF Mr Fonseka decides, we all are welcome him as our next president who can change this bloody set up.

    3.Apita oneth naha Mahinda elawala Ranil ho JVP genna, Executive presidency nathikarana eka mr Fonseka nokarath, he is a decent and disciplined man , so no worries he will never falls to a situation of Chandrika and King Mahinda, I can guaranty that, He will not spoil his name.

    • පුරවැසියෙක් said

      උඹ මාර කඩේ යෑමක් නෙ බං යන්නෙ :D

    • Anonymous said

      Fonseka nokarath, he is a decent and disciplined man, so no worries he will never falls to a situation of Chandrika and King Mahinda, I can guaranty that, He will not spoil his name.

      And how do you know this? Please provide evidence to show that he is more “decent and disciplined” than Mahinda/Ranil/Chandrika.

      • Anonymous said

        ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කැපවීම වර්ණනා කළ ඇමැතිවරු න් පෝලිමේ අවුත් ඔහුගෙන් රටට වූ දෙයක් නැතැයි කියන්නට පටන් ගෙන ඇත්තේ ය.

        Divaina news………………………
        ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සාර්ථක මෙහෙයවීමත්, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා යුද හමුදාවට ධෛර්යයක්‌, ශක්‌තියක්‌ වූ අන්දම වන්නි ආඥපති වශයෙන් සිටියදී තමා පෞද්ගලිකවම අවබෝධ කරගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවැසීය.

        වන්නි මානුෂීය මෙහෙයුම් සිදුවන විට ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ලේකම්තුමා පෞද්ගලිකවම නිතර තමාට කතා කර අවශ්‍යතා සොයා බලා එම කටයුතු ඉටුකර දීමෙන් හා නිසි උපදෙස්‌ ලබාදීමෙන් විශාල සහයෝගයක්‌ දැක්‌වූ බව ද හෙතෙම කීවේය.

        හමුදා නිළ ඇඳුම් අඳින කිසිදු නිලධාරියකුට හෝ සෙබළකුට දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට අයිතියක්‌ නැති බවත් එසේ සම්බන්ධ වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන යුද හමුදා සේවයෙන් ඉවත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවැසීය.

        හමුදාවක්‌ වශයෙන් පවතින රජයට පක්‍ෂපාතීව කටයුතු කළ යුතු බව පැවැසූ යුද හමුදාපතිවරයා රජයක කාලසීමාව අවසන් වූ පසු පැවැත්වෙන මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් සමග දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට හමුදාවට අයිතියක්‌ නැති බවත් පැවැසීය

        වැඩියෙන්ම කියවූ පුවත්
        • තවදුරටත් රට අයාලේ යනව නම් නිල ඇදුම පසෙකලා මහජන සේවයට ඒමට මා සූදානම් – ජනරාල්‍ ෆොන්සේකා

        Divaina news ………..
        මාණ්‌ඩලික ප්‍රධානි තනතුරින් පමණක්‌ සෑහීමකට පත්වී විශ්‍රාම යැමට සිතාගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දෛවය විසින් ඔහුට යුද හමුදාපති තනතුර කෙසේ හෝ හිමි වන ලෙස කටයුතු සකසා තිබිණි

        ඒ වන විට ජෙනරාල් කෝට්‌ටගොඩ සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ඔහුට ලබාදුන් සේවා දිගුව යටතේ වූ අතර, එම සේවා දිගුවට අනුව ඔහු තවදුරටත් සේවයේ නිරතව සිටියා නම් එවකට මාණ්‌ඩලික ප්‍රධානියාව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාට වයස අවුරුදු 55 සපිරීම හේතුවෙන් විශ්‍රාම යැමට සිදුව තිබිණ.

        හිටපු ජනාධිපතිනිය විසින් ජෙනරාල් කෝට්‌ටගොඩට එසේ තවත් සේවා දිගුවක්‌ ලබා දුන්නේ ද ජෙනරාල් ෆොන්සේකා හමුදාපති ධුරයට පත්වීම වළකා ඔහුට විශ්‍රාම යැමට සැලසීමටය.

        2004.11.06 වැනි දින වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යැමට නියමිතව සිටි ජෙනරාල් ශාන්ත කෝට්‌ටගොඩට සේවා දිගුවක්‌ ලබාදී 2005.12.18 වැනි දිනට වයස අවුරුදු 55 සපුරා ජෙනරාල් ෆොන්සේකාට විශ්‍රාම යැමට සැලසීම ජනාධිපතිනියගේ අරමුණ විය.

        ඒ අනුව මාණ්‌ඩලික ප්‍රධානි තනතුරින් පමණක්‌ සෑහීමකට පත්වී විශ්‍රාම යැමට සිතාගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දෛවය විසින් ඔහුට යුද හමුදාපති තනතුර කෙසේ හෝ හිමි වන ලෙස කටයුතු සකසා තිබිණි

        වැඩියෙන්ම කියවූ පුවත්
        • තවදුරටත් රට අයාලේ යනව නම් නිල ඇදුම පසෙකලා මහජන සේවයට ඒමට මා සූදානම් – ජනරාල්‍ ෆොන්සේකා

      • bambaradeniya said

        Divaina & News…………..

        ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කැපවීම වර්ණනා කළ ඇමැතිවරු න් පෝලිමේ අවුත් ඔහුගෙන් රටට වූ දෙයක් නැතැයි කියන්නට පටන් ගෙන ඇත්තේ ය.

        ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සාර්ථක මෙහෙයවීමත්, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා යුද හමුදාවට ධෛර්යයක්‌, ශක්‌තියක්‌ වූ අන්දම වන්නි ආඥපති වශයෙන් සිටියදී තමා පෞද්ගලිකවම අවබෝධ කරගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවැසීය.

        වන්නි මානුෂීය මෙහෙයුම් සිදුවන විට ජනාධිපතිතුමා සහ ආරක්‍ෂක ලේකම්තුමා පෞද්ගලිකවම නිතර තමාට කතා කර අවශ්‍යතා සොයා බලා එම කටයුතු ඉටුකර දීමෙන් හා නිසි උපදෙස්‌ ලබාදීමෙන් විශාල සහයෝගයක්‌ දැක්‌වූ බව ද හෙතෙම කීවේය.

        හමුදා නිළ ඇඳුම් අඳින කිසිදු නිලධාරියකුට හෝ සෙබළකුට දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට අයිතියක්‌ නැති බවත් එසේ සම්බන්ධ වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන යුද හමුදා සේවයෙන් ඉවත් කරන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පැවැසීය.

        හමුදාවක්‌ වශයෙන් පවතින රජයට පක්‍ෂපාතීව කටයුතු කළ යුතු බව පැවැසූ යුද හමුදාපතිවරයා රජයක කාලසීමාව අවසන් වූ පසු පැවැත්වෙන මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් සමග දේශපාලන කටයුතුවලට සම්බන්ධ වීමට හමුදාවට අයිතියක්‌ නැති බවත් පැවැසීය

        වැඩියෙන්ම කියවූ පුවත්…………………
        • තවදුරටත් රට අයාලේ යනව නම් නිල ඇදුම පසෙකලා මහජන සේවයට ඒමට මා සූදානම් – ජනරාල්‍ ෆොන්සේකා

        Divaina News…………………..

        ජෙනරාල් සරත් ෆොන්සේකා……

        මාණ්‌ඩලික ප්‍රධානි තනතුරින් පමණක්‌ සෑහීමකට පත්වී විශ්‍රාම යැමට සිතාගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දෛවය විසින් ඔහුට යුද හමුදාපති තනතුර කෙසේ හෝ හිමි වන ලෙස කටයුතු සකසා තිබිණි

        ඒ වන විට ජෙනරාල් කෝට්‌ටගොඩ සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ඔහුට ලබාදුන් සේවා දිගුව යටතේ වූ අතර, එම සේවා දිගුවට අනුව ඔහු තවදුරටත් සේවයේ නිරතව සිටියා නම් එවකට මාණ්‌ඩලික ප්‍රධානියාව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාට වයස අවුරුදු 55 සපිරීම හේතුවෙන් විශ්‍රාම යැමට සිදුව තිබිණ.

        හිටපු ජනාධිපතිනිය විසින් ජෙනරාල් කෝට්‌ටගොඩට එසේ තවත් සේවා දිගුවක්‌ ලබා දුන්නේ ද ජෙනරාල් ෆොන්සේකා හමුදාපති ධුරයට පත්වීම වළකා ඔහුට විශ්‍රාම යැමට සැලසීමටය.

        2004.11.06 වැනි දින වයස අවුරුදු 55 සපුරා විශ්‍රාම යැමට නියමිතව සිටි ජෙනරාල් ශාන්ත කෝට්‌ටගොඩට සේවා දිගුවක්‌ ලබාදී 2005.12.18 වැනි දිනට වයස අවුරුදු 55 සපුරා ජෙනරාල් ෆොන්සේකාට විශ්‍රාම යැමට සැලසීම ජනාධිපතිනියගේ අරමුණ විය.

        ඒ අනුව මාණ්‌ඩලික ප්‍රධානි තනතුරින් පමණක්‌ සෑහීමකට පත්වී විශ්‍රාම යැමට සිතාගෙන සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ දෛවය විසින් ඔහුට යුද හමුදාපති තනතුර කෙසේ හෝ හිමි වන ලෙස කටයුතු සකසා තිබිණි

        වැඩියෙන්ම කියවූ පුවත්…………………….
        • තවදුරටත් රට අයාලේ යනව නම් නිල ඇදුම පසෙකලා මහජන සේවයට ඒමට මා සූදානම් – ජනරාල්‍ ෆොන්සේකා

      • Jundaiya said

        An indecent and undisciplined person could never have led the army to won 30 years old bloody war. Can’t you remember how many people tried for it? He is honest and strait forward, so he can lead the nation for more victories!!! . But my only issue is Ranil and Mangala are trying to use him and Gen Fonseka should use them correctly , without getting caught to their traps.Means Mr Fonseka should win the election and he should not allow Ranil and Mangala to do what they want , instead he should lead the country with strong controls over corruption , as how he did within the army.

      • Anonymous said

        Jundaiya said

        An indecent and undisciplined person could never have led the army to won 30 years old bloody war. Can’t you remember how many people tried for it? He is honest and strait forward, so he can lead the nation for more victories!!! . But my only issue is Ranil and Mangala are trying to use him and Gen Fonseka should use them correctly , without getting caught to their traps.Means Mr Fonseka should win the election and he should not allow Ranil and Mangala to do what they want , instead he should lead the country with strong controls over corruption , as how he did within the army.

        Fonseka is decent and disciplined because he led the army in battle? You’re joking right? Disciplined perhaps, but decent? Hitler and Mussolini also led their armies to many victories.

        It is a common observation that people who usually go for military/police related careers often tend to have a violent/brutal streak in them, despite what their outward appearances may be. We also know that militaristic environments are harsh and violent, usually misogynistic and homophobic, and that it is very much about obedience, and very little about freedom. Anyone should be extremely wary of electing a person influenced by such a background.

        If I remember correctly – Sam has pointed out before that what we as a country do with soldiers is that we send bad people to do bad things to other bad people so that we won’t have to. That is, we send the army to do all the ‘dirty work’ for us that we are too cowardly to do.

        Which is to say that for any country, a military is a necessary evil. But as necessary it may be, that doesn’t mean it should be allowed to reach out from its confinements to the masses.

        I’d take a lying, corrupt politician any day over a honest but violent military person.

        Oh, and I do remember reading somewhere that Fonseka had a habit of kicking soldiers under him. Perhaps it’s a made up rumour, but I wouldn’t be surprised if it were true.

        And you still need to provide evidence for him being “decent and disciplined”. Saying he is because he led the army is just silly.

      • bambaradeniya said

        And you still need to provide evidence for him being “decent and disciplined”. Saying he is because he led the army is just silly…..

        News….
        මෙම ප‍්‍රහාරය සැලසුම්කර ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකාජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇති බවටඇති සැකය මතය. මෙම ප‍්‍රහාරය ක‍්‍රියාත්මක කිරීම සඳහා ජෙනරාල්සරත් ෆොන්සේකා යුද හමුදාපති ධුරය දැරූ කාලයේ විවිධ අක‍්‍රමිකතාසම්බන්ධයෙන් චෝදනා ලැබූ සහ දඬුවම් ලැබූ ඉහළ හමුදා නිලධාරීන්කිහිපදෙනෙකු ද, ඉදිරියේදී යුද හමුදාපති ධුරය බලාපොරොත්තුවෙන්සිටින හමුදා නිලධාරියකු ද යොදාගෙන ඇති බව වාර්තා වේ.

        සැලසුමවී ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව විවිධාකාර චෝදනාසකස්කර ප‍්‍රචාරය කිරීමය.

        මීට අමතරව ජෙනරාල් සරත් ෆොන්සේකාගේකතාවක් හෝ ඔහුට වාසිසහගත කිසිදු ප‍්‍රවෘත්තියක් හෝ පළනොකරනලෙස රජයේ හා රජයට හිතවත් මාධ්‍ය ආයතනවලට දැනුම් දී ඇති බවදවාර්තාවේ.

        යුද හමුදාවේ 60 වන සංවත්සරය වෙනුවෙන් ජෙනරාල් සරත්ෆොන්සේකා කළ කතාව ප‍්‍රචාරය නොකරන ලෙස ජාතික ආරක්ෂාවපිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින්මාධ්‍ය ආයතන වෙත පෞද්ගලිකවම දැනුම් දී ඇත.

        මීට අමතරව ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධනහා කම්කරු ඇමැති මර්වින් සිල්වා ද ජෙනරාල් සරත් ෆොන්සේකාවවිවේචනය කරමින් අදහස් ප‍්‍රකාශ කළේ මේ ප‍්‍රහාරයේ එක් කොටසක්ලෙසින් බවද මේ වනවිට හෙළිවී තිබේ. ඉකුත් 14 දින අධ්‍යාපන ඇමැතිසුසිල් පේ‍්‍රමජයන්ත, සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා සහ වරායසංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා යන මහත්වරු ඉහළින් ලැබුණු උපදෙස්මත ජෙනරාල් සරත් ෆොන්සේකා විවේචනය කර අදහස් දැක්වීය.

        Lanka Paper….

      • Anonymous said

        Bambaradeniya,

        If you want to make a general comment use the main comment thread, instead of hijacking my comment thread. What you’ve posted here has no relevance and does not address the questions I’ve raised.

      • bambaradeniya said

        Anonymous……………
        Here is my relevent answer,

        Dictator Hitler’s private Secretary Traudl Junge recently confirmed that Dictator Hitler had been a utterly disciplined man. He ordered to shoot ( execute) his brother in law a former SS Colonel, for desertion. This was his wife’s ( Eva von Bron or Frau Hitlers) brother . she was asked to plead Hitler for his life. ( she refused as Hitler was very disciplined person).

        Hitler had also been a very disciplined man in relation to his food habits too. Like many Sri Lankans he also had been a complete vegetarian.

        Russian Dictator Joseph Stalin ( who killed millions of Russians) had also been a very disciplined man. When his only son wanted to join the Russian front he asked him to join as a foot soldier. ( Not as an officer). This son was captured by Germans and Germans wanted to exchange him for the surrendered German General Von Paulis.

        Stalin replied “ we do not exchange Generals for foot soldiers”, and his only son was killed by Germans.

  14. 1) වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ සිට ජනාධිපති ක්‍රමයට ගොස් ආපසු පැමිණි රටවල් ඉතාම අඩුය (උදා. බංගලාදේශය). එබැවින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව කුමක්දැයි පැහැදිලි නැත

    2) අවශ්‍යව ඇත්තෙ පාර්ලිමේන්තුවට හා අධිකරණයක වග කියන විධායක ජනපති ධූරයකි. එබඳු වෙනසකින් ජනපති සතු සීමාන්තික බලතල අඩු වනු ඇත.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>