සාමාන්‍යයෙන් නොකියන කතා | Taboo Subjects

ඔබද මාද කොටස් කරුවන් වන ලාංකික සමාජය අනුකම්පාවිරහිතව නිරුවත් කරන වියමනකි.

සිසුවිය | The Student

Posted by Taboo on November 9, 2009

nudeem3

කවරක් මැය කොට ගත්තද පසුගිය මාස කිහිපය මුළුල්ලේ ලේඛකයා විසින් යත්නයෙන්ම අත්හළ මාතෘකාවක් වූයේ ස්වකීය වෘත්තීය ජීවිතය හා සබැඳි සිද්ධීන්ය. ඊට හේතුව බොහෝ කාලයකට ඉහත පීඨාධිපතිවරයකු විසින් ‘ඇතුළත ගිනි පිටතට නොදෙන්නැ’යි දෙනු ලැබූ උවදෙසකි. එහෙත් පසුගිය සතියේ දවසක, මූසල උදෑසනක, දරුණු වැසි සහිත කාලගුණය විසින් පාළු කාමරයක හුදකලා කොට තිබියදී සගයකු විසින් පුරසාරම් මුඛයෙන් ප්‍රකාශිත මේ ලිංගික අත්දැකීම සිරකොට තැබීම කුහක කමකැයි ඔහුට සිතුණේය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනු වෙනස් මැටියෙකින් නිර්මිත මිනිසුන් කොට්ඨාශයක් නොවෙති. ඔවුහුද ලෙයින් මසින් සැදි, මේ ගෙන්දගම් පොළොවේ පය ගසා නැඟී සිටීමට වෙරදරන පෘතග්ජන මනුෂ්‍යයෝය. සරත් විජේසූරිය මහැදුරුතුමන්ගේ ‘මගේ නඩුව ඉවරයි’ නවකතාවෙන් පිළිඹිබු කෙරෙන ලෙසින්ම පටු හැඟීම්වලින් පාලනය කරනු ලබන්නෝය; අපාය සහායකයෝය; කලාතුරෙකින් යහපත් මිනිස්හුය. උපකල්පිත උගත්කම විසින් ඔවුන් අනෙකුන්ගෙන් වෙනස් කරනු ලබන්නේය සිතීම හිතළුවකි.

මගේ වෘත්තීය සගයා වයස තිහකට මඳක් වැඩි විය හැකි කථිකාචාර්යවරයෙකි. විවාපත් වී වසර තුනක් හෝ හතරක් විය හැකිය. දරුඵල ලබා නැත්තේය. දැනට මාස කිහිපයක සිට, රජයේ ආයතනයක සේවය කරන ඔහුගේ බිරිඳ පුහුණුවක් සඳහා එතෙර ගොසිණි. මේ ඉසඹුව කම් සැප ඉල්ලා හඬන තම යව්වන සිරුර සංතෘප්තිමත් කිරීම සඳහා සුදුසු නිදහසට කාරණයකැයි ඔහු කල්පනා කරයි. බොහෝ විට සිදුවන පරිදි ඔහුගේ ගොදුර නවයොවුන් සරසවි දියණියකි.

දඩයක්කාරයා තමාම නොවන බවත්, තමා විසින් කරන ලද්දේ අනෙකෙකුගේ දඩයමින් කොටහක් ඩැහැ ගැනීම පමණක් බවත් ඔහු කියයි.

“දන්නවද කවුද සෙට් කළේ කියල. ඩොක්ටර් …… මිනිහ ඒකිට උගන්නන්නේ ස්ටැටිස්ටික්ස් විතරක්ම නෙවෙන පාටයි.”

මේ දැනට මැදිවිය පසුකරමින් ඉන්නා, කලෙක ලේඛකයාගේද ගුරුවරයකු වූ, දැන් තට්ටය පෑදුනු ජ්‍යෙෂ්ට ආචාර්යවරයෙකි. එකල අපි ඔහුට Student කීමු. අනෙකුන්ට මෙන් වලහා, බූරුවා, තට්ටයා නොකියා ගෞරවාන්විත නාමයක් දුන්නේ ඔහු ඊට නිසි වූ නිසාය. Student Distribution හඳුන්නා දුන් කිසිදා තම නමින් පළ නොකළ පර්යේෂකයා තරමටම සීතලයකු වූ නිසාය. ඩොක්ටර් …… නරක මිනිසෙකැයි මම නොසිතමි. නමුත් තනතුරුවලට, ගෙවල්වලට, යානවාහනයන්ට ලොබ බැඳ ලොක්කන්ගේ දියණියන් කරකාරයට ගන්නා අහිංසකයන්ට ජීවිතය පුරා තම අඹුවන්ගේ සිරකරුවන් බවට පත්වනු මම දැක ඇත්තෙමි. ඩොක්ටර් …… තම සිර මැදුරෙන් පිටත නැවුම් පිච්ච මල් සුවඳක් සොයනවා විය යුතුය.

පාඨකයින් අපේක්ෂා භංගත්වයට පත්විය හැකි මුත් සගයාගේ ලිංගික අත්දැකීම පියවරින් පියවර විස්තර කිරීම අනුචිත යැයි ලේඛකයාගේ කල්පනාවය. ඒ ඔහු අශෝක හඳගම නොවන නිසාය. සිද්ධිය වූ දිනය හෝ වේලාව වැදගත් නොවතුදු ස්ථානය වැදගත්ය. ඒ මා කලින් කී ඩොක්ටර්……ගේ නිල කාමරයය.

ජ්‍යෙෂ්ට ආචාර්යවරයා විසින් “සර්ව හොඳට බලාගන්න” කියා සිය නිල කුටියෙහි තනි කරනු ලැබීමෙන් පසුව, ගම කොහේද, ඉගෙන ගන්නේ මොනවාද, සරසවිය ගැන ඈ සිතන්නේ කුමක්ද වැනි කෙටි පිළිසඳර ප්‍රශ්න කිහිපයකින් පසුව, ඇයම පුරුදුකාරියක ලෙසින් ලිංගික අභ්‍යාසයට අවතීර්ණ වූ බව මගේ සගයා විස්තර කරන්නේ ස්ටැන්ලි කුබ්‍රික්ගේ සිතුවම්පටයකටත් වඩා සජීවී ආකාරයෙනි.

“මාර බඩුවක්. ඒකිට කිසි ගාණක් නෑ බං. කියන්නත් කලින් බ්ලව්ස් එක ගලවන්න යනකොට මුලින්ම මම නැවැත්තුවා. මෙන්න විනාඩි පහකට පස්සෙ එක පාරටම ඔක්කොම ගලවනවා ඒකිම කිසි ගාණක් නැතුව…”

කාමයෙන් අන්ධ වූ මා සගයා නොදකින පසුතලය මම දකිමි. මේ කටයුත්ත වින්දනයක් වන්නේ ඔහුට මිස ඇයට නොවේ. ඇගේ අභිප්‍රාය හැකි ඉක්මණින් එක දාගෙන, කළ යුතු නිසාම කරන මේ අප්‍රසන්න කාරිය අහවර කිරීමය. තම ලිංගික සහකරුවාට ඇඳුම් එකින් එක, කටයුත්තේ තෘප්තිය ඉහළින්ම විඳිමින්, ගලවන්නට ඉඩ දීම නිකරුණේ කාලය වැය කිරීමකි. ස්වේච්ඡාවෙන්ම ඈ ඊට ඉදිරිපත්වන්නේ එනිසාය.

“ඇඳල ඇඳල හමගිය, ඉරිච්චි බ්‍රා එකක් ඇඳගෙන හිටියෙ. මුනුත් අපි ඒ දවස් වල ඇන්ද වගේ තමා තාම අඳින්නෙ…”

“කෙල්ල ලස්සනද?” මා අසන්නේ “කෙල්ල දුප්පත්ද?” අසන්නට බැරි නිසාය.

“අනර්කලී තරම් නෑ. මේ බදුල්ල පැත්තෙ බෝගොඩ පාලම දිහාවෙ පිටිසර ගමක එකියක්නෙ. මූණ නං ගන්ඩ දෙයක් නෑ. ඒත් ඇඟ ලස්සනයි. කළුයි. කෙට්ටුයි. ගැට දොඩම් ගෙඩි දෙකක් තරම් වත් නෑ. නියම ගාන.”

මේ ගම්බද කෙල්ලන් හැම එකියක්ම නොවැඩුණු කෙසඟ සිරුරකට හිමිකම් කියන්නේ මන්දැයි මා සගයා නොදන්නවා විය යුතුය. ගමේ කෙල්ලන් සේම කොල්ලෝද කුඩා කළ නිසි අහරක් නැතිව මන්ද පෝෂණයට ලක් වූවෝය. දරුවන් හයක් හතක් ඉන්නා, දෙමාපියන්ට එක වේලකටවත් පෝෂ්‍යදායී ආහාරයක් නැති පවුල්වල උපත ලබන මොවුන්ගේ මන්දපෝෂණය පටන්ගන්නේ ළදරුවියේදී මව්කිරක් කියා දෙයක් නොලැබීමටත් පෙරාතුව, මව්කුසේදීමය. වැඩිවිය පත්වන කල පිඟානට බෙදෙන කොස් පොළොස් මැල්ලුම්වල, බත්, කිරි, බිත්තර, මස්, මාළු වල ඇති පෝෂ්‍ය ගුණය නැත. කුඩා කල සිට නගරයේ හැදී වැඩී කලාතුරෙකින් විනෝදගමනකට පමණක් කොළඹින් පිටට යන මා සගයා සිතනු ඇත්තේ උන් මේ කෙසඟ සිරුරු තනා ගන්නේ ඕනෑකමින් රූප ලාවන්‍ය උපදෙස් මත ඩයට් කර, සිය පිය බිරිය කරන ආකාරයට සිරුර සකසා ගන්නා උපක්‍රම අනුගමනය කිරීම නිසා කියා විය යුතුය.

සගයා සිසුවියගේ නම මට නොකියන්නට පරෙස්සම් වෙයි. ඇය මගේද සිසුවියක් විය හැකි නිසාය සිතමි. එහෙත් ගමේ විස්තර ඔහු නොදැනුවත්වම ලිස්සූ නිසා අවශ්‍ය නම් මට ලෙහෙසියෙන් ඇය වෙන්කොට ගත හැකිය. මම ඊට නොවෙහෙසෙමි. ශිෂ්‍යාවන් සමඟ මගේ ඇති සබඳතාවය වෙනස්ය. මම “හදන්න බැරි ගණන් අහගන්නට” ඔවුන්ට කාමරයට එන්නට නොකියමි. පැවරුම් අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ අගයමි.

සගයාගේ එකම දුක් ගැනවිල්ල ලිංගික අත්දැකීම පූර්ණත්වයට පත් කර ගැනීමට බැරිවීම ගැනය. ඒ ඇගේ අකැමැත්තක් නිසා නොව ඔහු වෙත කොන්ඩෝමයක් නොතිබුණු හෙයිනි. “ඒත් අවුලක් නෑ. ඩොක්ටර්…… කිව්ව ඕනැ වෙලාවක කියන්න කියල…”

මේ සිද්ධිය බ්ලොගයේ ඇතුළත් කරන්නට වැඩියත්ම මා පෙළඹවූයේ ඉන්පසු ඔහු කියූ දෙයයි.

“මට ඒකි ගැන පව් කියල හිතුන මචං. කීයක් හරි දෙන්න කියල හිතාගෙන හිටියෙ. ඒත් මං වොෂ් එකක් දාගෙන එනකොට ඒකි ගිහින්. මම ඩොක්ටර්……ට රුපියල් දෙදාහක් දීල ආව දෙන්න කියල. ඩොක්ටර් …… නම් කිව්ව ඕනැත් නෑ කියල…”

දැවැන්ත දැනුම් සම්භාරයක්, රැකියාවක් ලබා ගත හැකි උපාධි සහතිකයක් ලබාගන්නට ගමේ සිට එන යුවතියන් නැණවතුන්ට, විද්‍යාර්ථින්ට කෙම් බිමක් වේය කියනු ලබන මේ පරිසරය තුළ කෙතෙක් දරුණු ලෙස සූරාකෑමට ලක්වන්නේද යන්න වටහා ගැන්ම සඳහා මේ කියමන ප්‍රමාණවත්ය සිතමි. ඇගේ ලිංගික පහසෙහි මිළ කණිෂ්ඨ ගුරුවරයකුට රුපියල් දෙදහසකි. ඒද “පව් කියලා හිතෙන” නිසාය. ඇයගේම ජ්‍යෙෂ්ට ගුරුවරයා ඊට මිළක් ගෙවීම පවා අවශ්‍ය නැති ආකාරයේ සිම්පල් දෙයක් බව සිතයි. මෙය මාක්ස් විසින් වත් අර්ථ නොදක්වන ලද ආකාරයේ, වැඩවසම් යුගයේ මිස පූර්ව ධනවාදී යුගයේවත් සිදුවිය නොහැකි ආකාරයක නින්දනීය කුරිරු සූරාකෑමකි. (මේ ලේඛකයා ඇසූ පළමු සිදුවීම නොවේ. නමුත් මින් පෙර මෙවැනි සිද්ධීන් ඔහු අසා තිබුණේ වැඩිකොටම ශිෂ්‍යයකු හැටියට හෝ තෙවන පාර්ශවයක මුවිනි. දඩයම්කරුවාගෙන්ම මේ තරම් විස්තර ඇතිව ඇසූ පළමු වතාවයි මේ.)

මම මේ සිසුවියගේ දෙනෙතින් ලොව දකින්නට උත්සාහ කරමි. ඇය මේ ක්‍රියාවෙහි යෙදෙන්නේ කැමැත්තකින් නොවිය හැකිය. තම මිතුරියන් සේම ඇයද එක පිරිමියකු තෝරාගෙන ඔහු සමඟ හන්තාන කඳු මුදුනේ පැලක් අටවන දිනය ගැන සිහින මවන්නට ආසා කරනවා විය යුතුය. එහෙත් මා නොදන්නා කවර හෝ හේතුවක් නිසා ඇයට මේ කාලකණ්නි ජීවිතය ගත කරන්නට සිදුව ඇත. ඩොක්ටර් …… ඇයට මුදලින් ආධාර කරනවා විය හැකිය. පුංචි කටවල් හතර පහකට බත් කටක් දෙකක් සඳහා මාස්පතා යවන්නට මුදලක් දෙනවා විය හැකිය. නැතිනම් පියකු නැති අඩුව සපුරනවා විය හැකිය. කවරක් කළද ඔහු ඇගෙන් පෙරළා අපේක්ෂා කරන දෑ කවර සමාජයක සදාචාරයට වුව අනුකූල විය නොහැකිය.

මම ජීවිතය තේරුම් ගන්නට උත්සාහ නොකරමි. එබැවින් මේ තවත් අසම්පූර්ණ සටහනක නිමාවය.

සැයු: මෙහි දැක්වෙන චිත්‍රය වානිජමය නොවන කටයුත්තක් (non commercial) සඳහා Creative Commons යටතේ http://igorandandre.blogspot.com/2008/09/prints-update.html ගෙන් ලබා ගන්නා ලදී. ස්තූතියි.

58 Responses to “සිසුවිය | The Student”

  1. Kirimama said

    මේ මොනොපොලිය ඇතිතෙක්..
    ඈ වන් ගොදුරු බිහිවෙත්..
    කෙල්ලන් පමණකුදු නොමවෙත්..
    කොල්ලොත් ගිහින් … දෙත්

  2. මාර සංකීර්ණ තත්වයක් ටැබූ මේවා නම්……!! :( මට තවමත් මොකක්ද උනා වගේ…..!!

  3. Dappi Sira said

    I don’t know what to say. This story broke my heart. What a pathetic world, we are living in? Thank you for exposing another ugly side of our society. I have heard many sexual exploitation stories happened to our poor women in middle-east, but never knew it was happening right under our nose.
    Let any heartless buffoon to come up with a conspiracy theory for this, but we need to expose this sort of injustice. That is the least we can do.

  4. chanaka said

    ඊඊඊඊඊයායා

    • ඊඊඊඊඊඊඊයා වුවත් මෙ කතාව ඇත්තක්යැයි මා සිතිමි. මන්ද තවම ලංකාවේ විශ්ව විද්‍යාලයීය සිසුවෙක් වී නැති වුවත් සිසුවියන් තම ශ්‍රේණියන් වැඩි කර ගැනීමට, නවක වාද වලින් බේරෙන්නට හා විශ්ව විද්‍යාලයීය තුළ සිය පැවැත්ම වෙනුවෙන් මහාචාර්්‍යවරුන් එක්ක සම්බන්ධතා පවත්වන බව වැඩිහිටියන්ගේ කතාවලට සවන් දී තවම මනකයේ ඇත්තෙමි. නමුත් අද ටැබූ විසින් ලිව් මේ ලිපිය නිසායි මතකයේ සටහනේ අරුතය පැහැදිලි වුණේ. විදේශික රටවල විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා අය තමාමම වේශ්‍යා වෘත්තියට යොමුවුවත් මේ කතාව එවැන්නක් නොවේයැයි මගේ මතයයි. තමාගේ අවශ්‍යතා මෙන්ම උවමනා හා විනෝද කටයුතු බහුලවිට මුදල් මදී වී කැමැත්තෙන් කරන දේ ඒ තුනම නැති හෝ අඩුතම මට්ටමේ තිබෙන මේ අපේම අසරණයන් මෙසේ අතවර වලට ලක් වීමත් බිල්ලක් වීමත් කොතරම් ගෝචනීයද!

      • ඒ වගේම ටැබූ මේ කතාවට තොරා ගත් පින්තුර නිසා චින්ත රූපයට ත්‍රව්තාවයක් එක් කරනවා. හොඳ තෝරා ගැනීමක්!!!

      • Taboo said

        @~බිன்ku~,

        Thanks, as a student of art, I knew you would like it. I selected it from about 10 images.

        I like it because she is so thin and the way she tangles her fingers in hair, I see the analogy.

        They say it is a fine art. Please feel free to critisise the art work. Of course, a blog post is not just the text, as many would think.

        - Taboo

  5. saffie said

    If this is true hw sad. Can’t u take any action against this. I mean complaining to the relevant authorities. Then life of many more future victims can be saved.

  6. Taboo,
    If i ask why cant you go to the court behalf of the poor girl,
    you may say it will ruin her future,It will not cure the society,or your friend will be unveiled and reflects back to you?
    I think by being quite,you too help your friend to commit this kind of things again?

    Lipa gini melawena thek diya saliye,
    sapayak yai kakuluwa diya keliye,
    …………………………..,
    sapayak nam natha kam rasa keliye.

    I too feel tooo bad about this incident.But i reason to my heart by thinking her “karma” she has done through her journey.

    • Taboo said

      @Aruna chaminda,

      (a) I do not even know her name
      (b) I do not know her version
      (c) I have no evidence
      (d) I do not know whether she is willing to testify or not.
      (e) I do not know whether my colleague made this story
      (f) I do a job (very selfish, but I have learnt when to be selfish)

      Finally, (g) I do not try to change things unless I am sure I can. In this case I will not change anything.

      - Taboo

      • Mr: Stupid said

        Thanks for publishing this.
        Just got some ideas and thought of sharing it, hope you don’t find them offensive.

        a) You don’t have to know the name let the police/media reporters worry about that- you said that you can round up them using the location that will be more than enough

        b,c,d) You don’t have to know them too do your job as a honest citizen, i’m sure she did not select this coz she want to have some fun

        e) If he made it up he has a serious problem and he needs help !

        f) We are all doing our job, be different; IN A GOOD WAY !

        (At the end of the day what matters is whether you tried or not, no one is 100% successful)

      • bambaradeniya said

        Dear Sir, ( stupid)…

        I do not see any thing wrong here……. as she is an adult. In developed western countries, government does no probe in to what’s going on in peoples bed rooms. ( or office rooms). But according to the Sri Lankan Law she could be easily defined as a “prostitute “ as she had gone on her own free will to another mans room, to provide him with services of sex.

        But if she walks to a Hotel and correctly identifies her self to the reception, they can have sex as – having sex is not a crime in the eyes of law. ( no law has been broken here).

        Our marriage system and morel education has limited the mixing of chromosomes ( DNA & Jeans) to one sexual partner defined by society. This is further controlled by cast system, and wealth distribution system.

        To have a good development of human characteristics , its very good to have many combinations as possible. This was the main reasons old kings had their harems. To promote their strong, dominating good characteristics to the society.( In time of war). This is also known as SELECTIVE BREEDING.

      • Thushara said

        looks like Bambaradeniya is the sir.(lighter vein)

        Not only he tries to justify this but tries to dwelve upon something where he has no knowledge of. whilst respecting his Eruditeness usually shown in other areas ,I will show the correct stance with the help of my small knowledge of law. Legally, even if you have sex at home or a hotel, if the other partner is not your married man/woman then anyone is liable to be brought under the law as per our legal system. this is worse when that ‘other’ person is married to some one else and then it becomes adultary .

        even the comination are considered when mixed with complete diverse races such as cokasians with europians, africans with europians and so on to mix with totally different races to have very powerful genes and not to copulate as he potrays with your own clan/people. but I admit that this habit of appreciating other women (who do not belong to you) and copulating with them has been there among us from that dim and distant date.

      • bambaradeniya said

        I say you are totally wrong in understanding this situation. Having sex between two grown up adults in not considered a crime, under the Sri Lankan Law. This girl we are talking is not married a Campus girl, and she has the right to take decisions for herself.

        If you want a practical example, ( of a married women) a superb legal brain , kept a poor engineers wife , as his partner inside his house, ( up to date) as the former husband refused to give the divorce.( see there is no problem).

        In developed countries, people are given more freedom to enter in to marriage contracts , or nullify them. Let the individuals CONCERNED decide what is good for them.

        ( If you read and understand what is meant by “ Kamesu Mitchachara “ this questions will not arise). In Buddhism ( 550 Jathakaya) they talk about a “ Nagara Shobini’ (or a Prostitute in our words), who, observed “ Pancil. “ ( KURU DHARMA) and was faithful to people who paid her. She was much respected by the ruling King and by the Brahamins of other towns as well.( also by the Sakra Deviyo). THIS GOOD BOOK defines that Prostitution is a short term Civil Contract and a Marriage is a long term Civil contract. ( depending on the law of the Land).

      • Thushara said

        don’t talk bullshit Bambaradeniya. what do you know about law? Don’t be ’siyalla dath’ for everything as one is doomed if he/she tries to exhibit such idiocy in light of such ill-perceived sense.

      • bambaradeniya said

        Dear Thushara,

        You are wrong. What I have told is either FACTS, or what is told in scriptures 2500 years old. It is a fact what I told about the highest Law Giver in this country. Regarding my knowledge of law I would tell you that I am privileged to closely associate (very personally ) with best razor sharp ( proven) top most legal brains of this country.

      • Thushara said

        siyalla dath Bambaradeniya,

        closeting with legal brains of the country do not empower an idiot like you to have qualified legal knowledge. Next time you’ll want to perform a surgery saying you go to bed with surgeons. I have only to laugh at you for your idiocy for I am one of those whom you have referred so eloquantly. you are some one who continuously blow your own trumphet without us asking and there’s a limit to anything.

      • bambaradeniya said

        Thushara,

        Once Great President Premadasa said his legal knowledge came from reading (thrown away) legal papers ( Nadu Kola) from the dustbin next to Aluthkade Magistrate courts. If so cannot I claim to know just one single practical rule of law by associating top most legal brains.

        If you are interested in case studies one Police Inspector of Ramalana division was fined by a magistrate ( Rs 10,000) for arresting an unmarried man and a women who was found inside a hotel room (in 1999). (Precedent )

        I only said basics, and what is written down by others. One judges other according to him self. You must be feeling I am “ Siyalla Dath” because your knowledge is very very limited. ( Remember the story of THE SMALL frog who thought his mother was the biggest ANIMAL in the entire world).

      • bambaradeniya said

        Thushara,

        Once our own President Premadasa said that his knowledge of law came from reading thrown away legal files and judgements ( Nadu Kola) from Aluth Kade courts garbage dump, ( as a small boy. )

        If so cannot I claim to come to know at least one single Law Point by (actively) associating best legal brains of Sri lanka, ( all having good private practices. )

        If you want a case study ( to show that having sex with a grown up is not a crime) let me tell you that one Magistrate fined a Sub Inspector of Police ( Rs 10,000) for arresting a man and a women from a rest house room. ( they were not married to each other).

        The reason you must be feeling that I am “ Siyalla Dath” (when I am only quoting just simple documented basics, ) is not difficult for me to understand. Any individual generally fathoms the other person according to his, mental capacities. (Remember the story of the small frog who thought that his mother ( living in the well) was the biggest Animal on earth.) Similarly you must be having a very low intelligence level, to come to that conclusion.

      • Thushara said

        you have failed to prove the point you want to prove about adultary and reiterate you are someone who is gossiping, cutting/pasting news here and there.

        I do not have to boast of my educational knowledge and qualification as you have foolishly tried to potray yourself and the fact that by associating legal bigwigs you are entitled to such knowledge- an utter nonsence- and for me as a professional in the legal field, this looks pathetic.

        finally I referred to you ‘Siyalla Dath’ to imply the ill-percieve trance you falsely try to project in all areas as I have seen here and not to compare me with your empty showpiece. you are a looser in not understanding even an insunuation and sorry I don’t have time to invest in a futile conversation with a thickskull like you who always consider ‘telling stories’ is an idication of lot of knowledge without creating new knowledge or addition to the existing one.

      • bambaradeniya said

        My Dear Thushara,

        I am very sorry for hurting your feeling as you are a Professional in the Legal field.

        In Sri Lanka there are many professionals in the Legal field, the highest would be Judges, then comes the lawyers, and the Police. There are also another set of professionals in the legal field( or with in the legal field) Known as con artists or the Prisoners who have been jailed.

      • Thushara said

        Not good enough! again you don’t know the meaning of a ‘professional’. This is your lousy hullacination which will not stand to be acceptable elsewhere. Please carry on with this mindset and god bless you!

        next time please talk of the subject matters on which you have full knowledge of and not the with hearsay as you did (pretending) by closeting with them. Besides professionals in the legal field do not have time to waste with idiots who have no work than going after them.

      • bambaradeniya said

        Dear Thushara,

        Once I saw a Lady Professional caught in the harsh net of the Legal field, at Athuth Kade Magistrate courts. She was a prostitute waiting to be fined, by the Magistrate.

        She was in the Prosecution stand and was very visible to every one inside the court room. She was smiling and making obscene gestures at onlookers , possibly hoping to find a person to post her bail….to continue her good work.

        Well that is what I call the professionalism………………….

      • Thushara said

        May be you too are one of them.. A male prostitute as your professionalism is seen limited to a narrow end with hullacinations. You don’t stand a chance among the professionals in SL and that’s why you go on to boast about your associations with bigwigs! and talk about your ego. can you please relate your buddy list and old stories to some one who has time to pamper?

        some of your arguments,

        *married person copulating with an unmarried person = no offence
        IT’S CALLED ADULTARY AND PUNISHABLE OFFENCE under PENAL CODE of SL

        *Pres. Premadasa achieved his legal knowledge = from thrown papers from Aluthkade
        HE IS NOT QUALIFIED IN LAW NOR CONSIDERED LEGAL LUMINARY!

        * Another set of professionals in the legal field = Prisoners
        THEY ARE CALLED INMATES OF PRISON/CONVICTED CRIMINALS- NOT PROFESSIONALS IN LAW

        Only a person with a Delirious mind can call this shots and you have exactly done that. Professional in telling stories , professional in boasting about people you associate, Professional in contradicting yourself totally forgeting the earlier stance.

        congratulations on your wonderful feat in giving new meaning which is only acceptable to a retard like you only and I WILL KEEP OUT OF THIS LEAVING YOU TO CLOSET WITH YOUR SO CALLED BIGWIGS IN YOUR PHANTASM.

        Neverthess, I wish you all the best and will meet on another taboo topic with little more savvy without dragging personal convolutions!

      • bambMy dear Thushara..aradeniya said

        My dear Thushara..

        As you said that married man having sex with an unmarried women is wrong I am sending you this link to clarify your position and argument.

        Maximum that can happen is that you can get reprimanded for the offence, by your boss.

        http://www.asiantribune.com/news/2009/11/29/sarath-fonseka-%E2%80%93-megalomaniac%E2%80%99s-tryst-fame-and-flame

        if Asian Tribune is right young man you are wrong.

    • Come on taboo…don’t try to escape from the Social responsibility.You are a sound man and must be understood easily that to catch this kind of dogs(it includes your friend and the prof. the pimp)is easy.
      Your list is no more an answer.I my self tried to do some thing.Lets see.if it works.I will let you know first.

      මම ඔයා නම් ටැබු,
      යාළුවාව තනියෙං අල්ලන්න යන්නෙත් නෑ.ඔයා කියන ප්‍රශ්න හදා ගන්නෙත් නෑ.කෙලින්ම රහස් පොලිසියට ගිහිං පැමිනිල්ලක් දෙන්න.අහිංසක කෙල්ලන්ට ඔය වැනි වැඩ කරන උන් ඉන්න ඕන හිරේ.

      • bambaradeniya said

        Dear Aruna Chaminda,

        this is the beat Idea , you should complain to SSP Wass Gunawardhana of CID, or DIG Udagampola of of SR. How about Baby Sitting OIC Newton of Rathmalana Keralawalla, or constables of Bambalapitya police station who killed the sick tamil boy. How about telling to IGP Anandaraja who went for Birthday Parties of Drug Lords. My best option would be SSP Luxaman Cooray the LTTE informer.

  7. Sahan said

    නුඹ ලියනලද සිද්ධියට අදාල සිසුවිය මෙය දුප්පත් කමට කරනවා විය හැක. මේ සම්බන්ධව මට වඩා විස්තර දන්නා නුඹගේ මතය මම ප්‍රතික්ෂේප නොකරමි.

    එහෙත් මම දන්නා තරමට ඉහල සාමාර්ථයක් වෙනුවෙන් මෙය කරනා සිසුවියන්ද සිටිති. කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තේ ගියහොත් මෙවැනි කතන්දර ඕනෑ තරම් සොයාගත හැක. ආචාර්යවරයා සලෙලෙකු බව දැන දැනම (සලෙලෙක් වුවද ඔහු විෂය සම්බන්ධව ප්‍රාමානිකයෙකි ) ඔහු සමග ව්‍යාපෘති කිරීමට සිසුවියන් පොරකන ආකාරයද දැකගත හැකිවනු ඇත.

    හමගිය බ්‍රා අඳින කෙල්ලන් එතන සිටිනවාදැයි නොදනිතත් ODEL එකෙන් Triumph මිලට ගන්නා උදවියද, රජයේ සේවක දෙමව්පියන්ගේ මධ්‍යම පාන්තික දූ වරුන්ද ඇමරිකාවේ පශ්චාත් උපාධි සිහින දකිමින් මෙය කරති.

    ඇමරිකානු පශ්චාත් උපාධියට ආචාර්යවරයකුගේ රෙකමදාරුවක් අවශ්‍ය වුවද (Academic reference )මහන්සිවී කැපවීමෙන් වැඩ කරන්නෙකුට ලිංගික හෝ වෙනත් අල්ලස් නොදී මෙය නිසි ආකාරයෙන් ලබා ගත හැක.

    එනිසා මෙහි අනෙක්පසද සංවාදයට බඳුන් කල යුතු යැයි මට සිතේ.

  8. Rasika said

    This story shocked me – to say the least.

    There were some hints about such behaviour in Mage Naduwa Ivarai by Sarath but I thought they were all about flirting.

    I was an undergraduate at Peradeniya for four years (81-85) and a lecturer at Kelaniya for five years (91-95) but never heard anything of this nature at all.

    Why should a female student do this – for money? Academic favours? Or just sexual pleasure?

    RS

    • Sahan said

      @ Rasika,

      If you say you have never heard about things about this nature I don’t deny it. But I’m sure these things were there at your time too.

      Definitely these types of things were happening at University of Colombo in 90’s.

      Like taboo said they might be doing it for money. But my opinion is they are doing it for academic favours. If they are doing it for sexual pleasure they can always find a boy friend or sexual partner as the case may be among students rather than going behind married lecturers.

      • Jundaiya said

        Rasika,
        Been a student + lecturer , I am surprised to hear that you don’t know these kind of things happening in SL universities. In fact girls are in to lectures purely for better results but not for money or sexual enjoyment. ( if they need money or sex, they can go out of the universities , no need to go behind old lectures mostly not that much rich). With my experience in university ( Japura) ,there are many like this.Will tell you one. There was a old lecturer in the art department who is a well famous artist ( geya pada rachakayek saha a famous film director) in the country , who used to keep a girl student in all the batches for his sexual relationships. This is a well famous among many in the art faculty ( also in the other faculties) and I personally know one girl used to go even to his house ( he is still a bachelor, but now sixty+) and she is very proud to say that I was with S—- sir Yesterday etc….As mentioned this sir ( prof) is well famous artist, who has written many songs , directed films and all of us are respecting him. Due to his PR in the country no outsider ( to Japura campus) will believe this ( danno danithi).So girls go behind these kinds of old profs purely to get good exam results and also they think it’s a proud for them to sleep with him.(them). The girl I said was not that smart and however finaly she got a 1st class and now a lecturer in the same faculty.

      • kiripaniaya said

        You have given lot of details. So I will list the said department staff list.

        http://www.sjp.ac.lk/fa/sinh/staff.html

      • rasika said

        I left SL in 1995 and still away.
        Rasika

  9. Kanishka said

    //ශිෂ්‍යාවන් සමඟ මගේ ඇති සබඳතාවය වෙනස්ය. මම “හදන්න බැරි ගණන් අහගන්නට” ඔවුන්ට කාමරයට එන්නට නොකියමි. පැවරුම් අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ අගයමි.//

    ඔව් ඉතින් උඹ කාමරේට ගෙන්න ගන්නෙ කෙල්ලන්ව නෙවෙයි කොල්ලන්වනෙ.

  10. bambaradeniya said

    හිටපු නිල නොලත් මහෙස්‌ත්‍රාත්වරයකු හා නීතිඥයකු වන විල්සන් ජයවර්ධන යන අය ද්‍රවිඩ ජාතික පවුලක අවුරුදු 15 ක දැරියක්‌ දූෂණය කිරීම …..

    බද්දේගම අධිකරණ බල ප්‍රදේශය තුළ තමාට අයත් වත්තක සේවයේ යෙදී සිටි ද්‍රවිඩ ජාතික පවුලක අවුරුදු 15 ක දැරියක්‌ දූෂණය කිරීම සම්බන්ධයෙන් ළමාරක්‌ෂණ අධිකාරියට ලැබී ඇති පැමිණිල්ලක්‌ අනුව ළමාරක්‌ෂක අධිකාරියේ නිලධාරීන් විසින් මාතර අධිකරණයේ හිටපු නිල නොලත් මහෙස්‌ත්‍රාත්වරයකු හා නීතිඥයකු වන විල්සන් ජයවර්ධන යන අය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙයට මාස දෙකකට පමණ පෙරද මාතර ප්‍රදේශයේ මහත් ආන්දෝලනයකට ලක්‌ව යටපත් වී ඇති සිද්ධියකටද මේ නීතිඥවරයා සම්බන්ධයෙන් මාතර පොලිසියට පැමිණිලි ලැබී ඇත. ලාබාල වියේ දැරියන් අපචාරයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් වසර ගණනාවක්‌ තිස්‌සේ මොහු පිළිබඳව ආරංචි පැතිර ගියද නීතිඥවරයකු නිසා මොහුට විරුද්ධව පැමිණිලි කිරීමට බොහෝ දෙනා බියෙන් පසුවී ඇත.

    දැරියට මත්ද්‍රව්‍ය මිශ්‍ර පානයක්‌දී සිහි නැති කර අතවර…………….

    තම කාර්යාලයේ සේවයට යොදවා ගෙන සිටි දැරියකට තම නිවසේ ලැඟුම් දී ටික දිනක්‌ සිටින විට දැරියට මත්ද්‍රව්‍ය මිශ්‍ර පානයක්‌දී සිහි නැති කර අතවර කර ඇතැයි ද ඇය සිහිය විත් බලනවිට නිරුවත්ව සිට ඇති අතර ඇයගේ ගෙල බැඳ තිබූ රන් මාලය ද කොල්ලකා ඇතැයිද ලැබී ඇති පැමිණිල්ලක්‌ මත මාතර පොලිසිය පරීක්‌ෂණ පවත්වයි. සැකකාර නීතිඥවරයා ළමාරක්‌ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්‌ෂණ පවත්වා අධිකරණයට ඉදිරිපත් කිරීමට මාතර පොලිසියේ සිට රැගෙන ගොස්‌ ඇත.

    Dear Mr Stupid……to whom do you want to complain…..

  11. පලමුව කියන්න ඔන කතාව අහන්නත් අවුල් වගේ…නමුත් ගොඩාක් තැන් වල වෙන දෙයක් තමා ටැබු කියල තියෙන්නෙ. ම්ම්…ලංකාවට ගිය කල. ධර්ම ද්වීපයට ගිය කල. නමුත් ලිංගික තෘප්තිය ලබන්න පිරිමින් අතීතයෙ ඉදන් අසරන හෝ අවස්ථා වාදී උන කෙල්ලන්ව ඩැහැගත්තා. ඔය කතාව A+ එකක් ගන්න හඩන කෙල්ලෙක්ගෙ නොවන බව තමා රතුමැණිකෙට හිතෙන්නෙ.
    දෙවනුව කියන්නම් ටැබූ වටිනා බ්ලොග කරුවෙක් බව. මුලින්ම කියෙව්වෙ චුල්ල රාජපක්ස ජාතකය. මැක්සා එක. අපි ඒක කියෙව්වෙ අන්තිම විභාගෙට පාඩම් කරන ගමන්. රතුමැණිකෙ ගෙන් සුභපතුම්. දිගටම ලියන්න…අපි කියවන්නම්.

  12. campus kollek said

    I heard similar stories when I went to colombo uni, all though I didn’t know anybody personally who was a victim. The folks who told me these stories were unable to tell who the prof or the victim was either. Maybe they just heard them from other 3rd parties.

    This is not to say that these things don’t happen. As many others pointed out, there are many opportunities for this to happen and under the right conditions many fall for the temptation.

  13. මීට කලින් මෙවැනි දේ ගැන අසා තිබුනා. මෙච්චර ළඟින් ඇසුවේ අද. එච්චරම කම්පනයක් නෙවෙයි.

  14. Chinthaka said

    විශ්වවිද්‍යාල තුල මෙවැනි සිදුවීම් බහුලව සිදුවන බව ශිෂ්‍යයන් මෙන්ම ආචාර්ය වරුද දනිති. ප්‍රශ්නය මෙයට එරෙහිවීමට අවකාශයක් මෙන්ම අවශ්‍යතාවයක්ද පද්ධතිය තුල නිර්මාණය නොවීමයි.

    අවසන් වසරේදී කෙරෙන ව්‍යාපෘති කාලයද, ඉන්පසුව එළඹෙන ස්ටාෆ් එකට රිංගා ගැනීමේ සිසුන්ගේ අවශ‍්‍යතාවයද මෙවන් දේ සඳහා දෙපාර්ශවයටම අවකාශය හා අවශ්‍යතාවය ඇති කරයි. එසේම මුදලින් උදව් කලද නොකලද ‍මෙය අදාල ශිෂ්‍යාවන්ගේ ප්‍රථිපල වලට හා බඳවා ගැනීම් වලට බලපාන බව අසත්‍යයක් නොවේ. එබැවින් මෙවන් සිදුවීම් නිසා අදාල සිසුවියනට නොව අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වන අසාධාරණයද සැලකිය යුතුය.

    මෙම සිද්ධිය විශ්වවිද්‍යාලයක් තුල සිදු වූ එක් හුදකලා සිද්ධියක් නොවේ. රජයේ හා පුද්ගලික ආයතනවලද ඉහල නිලධාරීන් විසින් පහල සේවකයන් වෙත ලිංගික පීඩනයක් යෙදවීම රහසක් නොවේ. අහිංසක තරුණියක් ලිංගික සූරාකෑමකට ලක්වීම හෝ තරඟකාරී සමාජයක තම අවශ්‍යතාවය කෙසේ හෝ ඉටුකරගැනීමට පෙළඹීම යන අන්ත දෙකම මෙවන් සිද්ධිවලදී දැකිය හැක.

    • Anonymous said

      මෙම සිද්ධිය විශ්වවිද්‍යාලයක් තුල සිදු වූ එක් හුදකලා සිද්ධියක් නොවේ. රජයේ හා පුද්ගලික ආයතනවලද ඉහල නිලධාරීන් විසින් පහල සේවකයන් වෙත ලිංගික පීඩනයක් යෙදවීම රහසක් නොවේ. අහිංසක තරුණියක් ලිංගික සූරාකෑමකට ලක්වීම හෝ තරඟකාරී සමාජයක තම අවශ්‍යතාවය කෙසේ හෝ ඉටුකරගැනීමට පෙළඹීම යන අන්ත

      Professor ( NIE )

      This happens not only in universities. ( see National Instituite of Edication).

      NIE……………………

      Every day a women named “ Asoka `used to go in to DGs room , at 9.00 and get out after one hour. The room was locked from inside and no one can claim what happened. Though she was a temporary person Jagath ( Justin) recommended her to go for a Scholarship in India above all permanent employees of NIE.

      Later she was made permanent, ( English Department) and given a JOB that required MA qualification., though her English was very poor , according to director English NIE, Mr Atauda.

  15. Maxaa said

    මේක විජාතික කුමන්ත්‍රණයක්. අසිංහල අවලාදයක්. මේ රටේ ළමයි හම්බ වෙන්නේ කන්‍යාවන්ට. අපේ සුන්දර විශ්ව විද්යාල වල ඉන්නේ බෝධිසත්ත්වයෝ වගේ ආචාර්ය වරු. මේ කියන එකා දෙමළෙක් වෙන්න ඇති. කෙල්ල ගේ පරම්පරාවේ කොතන හරි කලවන් ඇති. බොරු නම් නලින් ගෙන් අහන්න

  16. makabaas said

    හෙහ්..හෙහ් ..ඔය zoo ඩිපාර්ට්මන්ට් ගැන කතා නං එමටයි නේද…ඕපන් එකේ ඉන්න කෙනෙකුට නාහයෙන් පෙන්නන පුලුවන් නෙ සමහර ආචාර්ය වරු..

  17. Dappi Sira said

    @Taboo
    ” ඩොක්ටර් …… නරක මිනිසෙකැයි මම නොසිතම!”.

    I have to judge him based on the info in your post. But, why do you have to white-wash him. Surely, his miserable family life can not be taken as an excuse to exploit a student. Besides, he just use her as a commodity: passing her to another colleague. These type are “bad”; they won’t stop there and keep on hunting as there won’t be any short-supply of vulnerable “prays” in campuses.

  18. bambaradeniya said

    මෙම සිද්ධිය විශ්වවිද්‍යාලයක් තුල සිදු වූ එක් හුදකලා සිද්ධියක් නොවේ. රජයේ හා පුද්ගලික ආයතනවලද ඉහල නිලධාරීන් විසින් පහල සේවකයන් වෙත ලිංගික පීඩනයක් යෙදවීම රහසක් නොවේ. අහිංසක තරුණියක් ලිංගික සූරාකෑමකට ලක්වීම හෝ තරඟකාරී සමාජයක තම අවශ්‍යතාවය කෙසේ හෝ ඉටුකරගැනීමට පෙළඹීම යන අන්ත

    Professors ( NIE )

    This happens not only in universities. ( Remember NIE – National Instituite of Education)….

    Every day a women named “ Asoka `used to go in to DGs room , at 9.00 am and get out after one hour. The room was locked from inside and no one can claim what happened. Though she was a temporary person (DG )Jagath ( Justin Wimalasiri) recommended her to go for a Scholarship in India above all permanent employees.

    Later she was made permanent, ( English Department) and given a JOB that required MA qualification., though her English was very poor , according to director English NIE, Mr Atauda.

  19. isuru said

    Another great posting.

    Campas giys api hemoma adu wedi washayen danna kathawak wadath sanwedeewa idiripath kireema gena thuthi.

    I personally think that you should keep on writing these sort of things rather than political maters.

    Keep it up.

  20. ස්වීඩන් බව්වා said

    මමත් රට පැනගත්තෙ ඕපන් එකේ ඉඳන් නාහෙ දික්කරන් ඉඳල. සෑර් එලියට ඇවිත් කතා කලාම ඇතුලට ගියා. මේකා දුන්නෙ නැ‍තෑ හුලිජ්ජ විසිවෙන්න.

  21. Aruni Shapiro said

    Hi Taboo, since you hadn’t a reply from a female (as far as I could see) thought I should include my two cents worth. This scenario is not exclusive to one place, one country, present time etc. Happens all the time, all over the world. Distinguished professors from Pera in the 60’s said to have had their pick of a girl from each new batch. These girls even had nicknames. While it is a form of power and aggression; professor over student, boss over employee and so on, men requesting pleasure from women is common. I have had a prof ask me to visit him in his staff quarters for a lesson! I was neither poor, nor from a village. He was young and handsome. One can always laugh and say “next life may be!” and move on. One can say that poor don’t know any better, to which I would disagree. People take advantage. Poor people also know to make use of their “destitution”. From what I have observed, everywhere and every situation, those who succumb to such requests would have done it anyway without money and without favors. So let’s not make it another rich and poor issue. It’s just a matter of man’s need and women’s availability. If money changes hand, favors granted, so what. It is always easier to forgive a beauty and punish the beast.

    • Dappi Sira said

      Welcome aboard “The Female.” Agree with most of your points, but I sense a subtle message in your reply: “These things happens everywhere, so don’t make a big fuss out of it,” for that I couldn’t possibly agree.

      • Yes.for you it can be that simple.As now you have left Sri Lankan culture(accept it or not)What we want is the county to have equal rights to both f & m in every where.

        Also please read the post again.It does not say the student went to the lecturer and ask please f*** me.They manipulated her to do so.So how can you say “It is always easier to forgive a beauty and punish the beast”????

      • aruni shapiro said

        Dear Dappi Sira, no subtle message was intended. Just making a direct point. I got no fight to pick about sex between consenting adults. By attending a Sri Lankan university and also teaching in one, and in my research, I have more info than you “guys” about young SL women and their sexual experiences. You cannot ignore the fact that some women see it as a power over men. However, I would rather focus on doctors abusing female patients (Taboo’s earlier blog)and school girls getting raped on the roadside and killed; in both cases I am still waiting to hear about the punishment to these aggressors.

        And to dear Aruna Chaminda,I have fought for women’s rights in Sri Lanka more than you could imagine, and am still involved. I did read Taboo’s blog. Yes, the student did not ask for it; yet she is the one who started taking her clothes off. Just by being there she had already consented to what would happen and was ready. She was a professional herself. I would like to remind the readers that in SL knowledge about sex is almost non-existent; her going directly into the act of taking her clothes off could be all she knew. Also, the more famous you are many SL women are willing to take their clothes off for you; you will actually be amazed to know how true this is. Become a famous person and try it, you will never have to pay or grant any favors! It’s not about east vs west.

    • “her going directly into the act of taking her clothes off could be all she knew. Also, the more famous you are many SL women are willing to take their clothes off for you; you will actually be amazed to know how true this is. Become a famous person and try it, you will never have to pay or grant any favors! It’s not about east vs west.”

      HOW PATHETIC YOU ARE?YOUR POST DOES NOT EVEN EXPLAIN THE FACT THAT THE STUDENTS WAS HARASSED.
      And another thing if you worked for the women in this country “May god bless them”.This statement reveals that women even can not understand own kind.No any women take off clothes an any one of her own unless there is a manipulation.Will you do it???here exactly the girl is exploited.

      Please get out of that narrow thinking.Sl women do not have your so called mentality.We live here and we know it.

      Of course they do not know how to start like you.that is our culture.In our culture we do not facilitate our women to get knowledge.Is there sex education in schools?British it self started this recently i suppose.So how to have proper sex is not the topic of the taboos article?Read it again.
      “However, I would rather focus on doctors abusing female patients (Taboo’s earlier blog)and school girls getting raped on the roadside and killed; in both cases I am still waiting to hear about the punishment to these aggressors.”

      come on.What will you do?Just write an article.earn degree.Earn money.Just do not pretend to say you fight for women.For that broad mind and sense is needed.For you that is absent.

      I do not want to say readers that sri lankan women are such.Coz every one knows Sri lanka is a country with more than 2500 years of history.

  22. My hats off to aruni shapiro for speaking the bitter truth.

    Taboo always wants to paint one side as the victim and cry for the victim to feel good about himself even when facts point otherwise.

  23. Sahan said

    Aruni Shapiro said “the more famous you are many SL women are willing to take their clothes off for you;”…….

    තිත්ත උනත් මෙහි ඇත්තක් තියෙනවා. සුපර් ස්ටාර්ලා ආවාම ලංකාවෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවොත් හැසිරුනේ මීට බොහොම ආසන්න විදියට…..කොළඹ විශ්වවිද්‍යාලයේ ජිම් එකේ සිද්ධ උනා කියන සිදුවීම දන්න කෙනෙක් ඉන්නවනම් හැමෝටම දැනගන්න මෙතන ලියන්න පුලුවන්. මම හරි විස්තරයක් නොදන්න නිසා ඒ ගැන ලියන්නෙ නෑ.

    • මමත් පිලිගන්නවා ෂාන්.ඒත් එහෙම තත්වයක් ඇති කරලා තියෙන්නේ සමාජ ක්‍රමය නිසා.ඒක තේරැම් ගන්නේ නැතුව ලංකාවේ ගැනු කාට උනත් රෙද්ද උස්සනවා කියන එක වැරදියි.ගමෙන් එන දුප්පත් කෙල්ලෝ ඔය විදියට කරන්නේ නෑ.දැල් දාලා උන්ව අල්ලන්නේ ‍ කොලඹ එවුන්ම තමයි.උන්ගේ ගෑනු අර විදියටම දේවල් ගන්නවා.නමුත් අපහරනය වෙනස් කතා වක්නේ.

      ඔය කිසිම ගෑනු ලමයෙක් (UC) පැමිනිලි කරලා නෑනේ.කැමැත්තෙන් දේවල් කරගන්න එක වෙනයි.ඒක තේරැම් ගන්නේ නැතුව ලංකාවේ ගැනු කාට උනත් රෙද්ද උස්සනවා කියන එක වැරදියි.

  24. bambaradeniya said

    ඇගේ ලිංගික පහසෙහි මිළ කණිෂ්ඨ ගුරුවරයකුට රුපියල් දෙදහසකි. ඒද “පව් කියලා හිතෙන” නිසාය. ඇයගේම ජ්‍යෙෂ්ට ගුරුවරයා ඊට මිළක් ගෙවීම පවා අවශ්‍ය නැති ආකාරයේ සිම්පල් දෙයක් බව සිතයි. මෙය මාක්ස් විසින් වත් අර්ථ නොදක්වන ලද ආකාරයේ, වැඩවසම් යුගයේ මිස පූර්ව ධනවාදී යුගයේවත් සිදුවිය නොහැකි ආකාරයක නින්දනීය කුරිරු සූරාකෑමකි…………………..

    let us think in another way………………..

    Believe me Rs 2000 is UCD 20 ( 20 dollars). For 20 USD you could communicate with loveliest, tall , crazy crazy beautiful, 18 year old Russian, Hungarian, Italian, western, born beauties, in any developed country.

    Rs 2000 ( USD 20) is very big money to pay for a ugly ( bad faced) badly dressed women. ( in a sellers market).

    That is why many Sri Lankans try some how to go to western countries even sacrificing our lives.

  25. chanux said

    හිතට දුකයි තමයි හැබැයි ඕව ඔහොම තමයි…!

    වෙන මොනවා නම් කියන්නද?.. කරන්නද? අප මෙවැනි පාප කම් වලින් වලකිනු මිස.

Leave a Reply

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>